• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බොරතෙල් මිල 32%කින් අඩුවෙලා! ඩොලරය 20%කින් අඩුවෙලා! හැබැයි දැවි තෙල් පිරිපහදු වියදම 28%කින් ඉහළ ගිහින්! මාලිමා ආණ්ඩුවේ අරුම පුදුම ආර්ථික න්‍යාය! VIDEO I Sri Lanka Latest News

January 9, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග මූලස්ථානයේ අද ( 09) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වුයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාය.Sri Lanka Latest News

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවැසීය,

‘‘දූෂණයට එරෙහි රජයක් බිහි කරන බව ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කළා. ඒ වගේම දූෂණ විරෝධී කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාත් අද මන්ත්‍රීවරයෙකු බවට පත්වී තිබෙනවා. ඒ වගේම ජාතික ජන බලවේගයේ දූෂණයට එරෙහිව හඬ නගපු වසන්ත සමරසිංහ මහතාත් නව රජයේ ඇමතිවරයකු ලෙස කටයුතු කරනවා. ඔහු මැතිවරණ සමයේදී වේදිකාවල වංචා දූෂණය සම්බන්ධයෙන් විශාල ලෙස හඬක් නගපු පුද්ගලයෙක්. නමුත් මේ වන විට ආණ්ඩුව දූෂණයන් සහ වංචාවන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ඉතාමත් මන්දගාමී ස්වභාවයෙන්.

ඒ වගේම පසුගිය කාලයේදී ඉඩම් ත්‍රස්තවාදය සහ ඉඩම් අල්ලසට දූෂණයට ලක් කරමින් හුවමාරු කිරීම ඉතා ප්‍රබල ලෙස සිදුවෙලා තිබෙනවා සහ සිදුවෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් අපි අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි රාශියක් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් මෙම වංචා දූෂණ පිළිබඳව අවධානය යොමු කරනවා වෙනුවට අනවශ්‍ය කාරණාවලට වැඩි ප්‍රමුඛතාවයක් ලබා දෙමින් වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව කටයුතු කරනවා.

ඒ වගේම පසුගිය කාලයේදී තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා සංගීත සංදර්ශන සඳහා සිදුකළ අධික වියදම් පිළිබඳව අපි පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළා. තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා ඔහුට අයත් ආයතනයකින් වෙනම සංගීත සංදර්ශන පවත්වාගෙන ගොස් තිබෙනවා. ඒ වගේම හිටපු තරුණ කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා යටතේ සංගීත සන්දර්ශනය වෙනම පවත්වාගෙන යන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වී තිබුණා. රටේ තරුණයන්ගේ අවශ්‍යතා ඉටුකරනවා වෙනුවට ඉතා ප්‍රබල ලෙස සංගීත සංදර්ශන ප්‍රමාණයක් ක්‍රියාත්මක කරන්න පැවති රජයේ කටයුතු කරතිබුණා. ඒ වගේම 2023 . 12 . 31 වැනිදා නෙළුම් කුළුණ පරිශ්‍රෙය් තිබුණ සංගීත වැඩසටහනේ වියදම පිළිබඳව අපි තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසීමක් සිදුකළා. ඒ අනුව රුපියල් ලක්ෂ 216 ක පුමාණයක් එම සංගීත සංදර්ශනය වෙනුවෙන් වියදම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අපි පැමිණිලි කර තිබෙනවා.

කෙසේ නමුත් වර්තමාන රජයේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන අමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුළදී මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. මේ කාරණාව වහාම විමර්ශනයට ලක් කරන්න කියලා අපි වර්තමාන රජයෙන් ඉල්ලා සිටිනවා. හිටපු තරුණ කටයුතු ඇමතිවරයා සහ තරුණ සේවා සභාවේ සභාපතිවරයා මේ ජාවාරමින් සැඟවී සිටින්න බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. පසුගිය ආණ්ඩුවෙන් මහනුවර බෙල්වුඩ් අධ්‍යාපන ආයතනයට ලක්‍ෂ හයක් වෙන් කරනවිට 2023 දෙසැම්බර් 31 වැනිදා තිබුන සංගීත සංදර්ශනයට ලක්‍ෂ දෙසිය දාසයක් වියදම් කර තිබෙනවා.

ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක ඉඩම් ත්‍රස්තවාදය තවම අවසන් වෙලා නෑ. ඌරාගල අක්කර 22 ක රජයට අයත් ඉඩමක් සම්පූර්ණයෙන්ම වංචනික ආකාරයට උසාවිය සහ නීතිය නොමඟ යවමින් කූට ලේඛන සකස් කොට පෞද්ගලික අයිතියක් බවට පරිවර්තනය කරගන්න ක්‍රියා කරමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි මේ වන විට අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කරුණු ඉදිරිපත් කර තිබෙනවා. මේ අක්කර විසිදෙක හන්තාන ඉඩම ජාතික සම්පතක් වගේම ජල පෝෂක ප්‍රදේශයට අයත් ඉඩමක්. ඒවගේම මෙම ඉඩමේ තිබෙන දැවැන්ත ගස් කපා දැමීම මේ වනවිට සිදුකර තිබෙනවා. ඒ වගේම එම ඉඩම කුණු කොල්ලයට වතු අධිකාරීවරු විසින් අත්පත් කරගැනීමේ කටයුත්තක්ද සිදුවෙනවා. ජාතික ජනබලවේගය බලය ලබා ගන්නේම පීඩිත පංතියට සාධාරණය ඉටු කරන බව පවසමින්. හන්තාන ඌරාගල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන දැව ජාවාරම සහ ඉඩම් මංකොල්ලය වහාම නතර කිරිමට කඩිනම් පියවරක් ගන්නැයි අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම මෙම ඉඩම රජයට අයිති ඉඩමක් නොවන බව නිලධාරීන් ප්‍රකාශ කරනවා. මෙම ඉඩම රජයට අයිති ඉඩමක් බව පසුගිය කාලයේදී අධිකරණයට ප්‍රකාශ කර තිබුණා. නමුත් දැන් ඔවුන් ප්‍රකාශ කරනවා එම ඉඩම රජයට අයත් ඉඩමක් නොවෙයි කියලා. මෙවැනි ප්‍රකාශ නිකුත් කරමින් උසාවිය නොමග යවමින් පෞද්ගලික සමාගම් සමග කූට ගනුදෙනු කරමින් මහජන දේපළ ජාවාරම්කාරයන්ට විකිණීමට එරෙහිව අපි අල්ලසා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර තිබෙනවා. මෙම අක්කර 22 ක ඉඩම් ප්‍රමාණය ජනතාව සතු කරන්නැයි අපි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියා. ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය හයිඉම්පොට් වතුයායේ අක්කර දෙසීයක ප්‍රමාණයක් සහ ගලබඩවත්ත වතුයායේ අක්කර 1800 ක ඉඩම් ප්‍රමාණයක් පුද්ගලික වුවමනාවන් දේශපාලන අධිකාරිය මැදිහත් වෙලා මේ ප්‍රදේශ පෞද්ගලික පාර්ශ්වයන්ට අත්පත් කර දීම සඳහා ගත්ත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද වනතුරු කිසිදු පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

ඒ වගේම වර්තමාන ජනාධිපතිවරයා මන්ත්‍රීවරයෙක් වී සිටින කාලයේ ගම්පොළට ඇවිත් ප්‍රකාශ කළා ගම්පොළ අම්බුලුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානය ඉදිකරන්න 2009 දී රුපියල් දස ලක්ෂ නවසීයකට වැඩි මුදලක් වියදම් වී තිබෙනවා කියලා. අම්බුලුවාවේ ඉදිකර තිබෙන ජෛව විවිධත්ව මධ්‍යස්ථානය හරහා විශාල වංචාවක් සහ දූෂණයක් සිදුවන බවද වර්තමාන ජනාධිපතිවරයා එදා ප්‍රකාශ කර තිබුණා. රාජ්‍ය මුදල් වියදම් කර රජය විසින් ඉදිකර පසුව පෞද්ගලික පාර්ශ්වයන් විසින් එහි ප්‍රයෝජන භුක්ති විඳින තත්ත්වයට පත්වෙලා තිබෙනවා කියලා එදා ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින කාලයේදී ප්‍රකාශ කළා. ඒ වගේම ජයරත්න පවුලට අයත් පෞද්ගලික දේපලක් බවට මෙය පත් වී ඇතිබවත් ජනාධිපතිවරයා එදා විපක්ෂයේ සිටින කාලයේදී ප්‍රකාශ කළා. අම්බුලුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානය විගණන වාර්තාවලට පිළිතුරු නොදී අයථා ලෙස පෞද්ගලික දේපලක් ලෙස මෙය අත්පත් කරගෙන තිබෙනවා. රජයට අදාළ ගෙවීම් නොකර විගනන වාර්තාවලට නොදී ගම්පොළ අම්බුලුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නේ කෙසේදැයි කියන ප්‍රශ්නය අපි අහන්න කැමතියි. මෙම මධ්‍යස්ථානයකට අයත් අක්කර නවසිය විසි හතක දේපලක් පෞද්ගලික කණ්ඩායමක් විසින් අත්පත් කරගෙන තිබෙනවා. ඒ වගේම වනජීවී දෙපාර්තමේන්තුවට අයත් අක්කර 256 ඉඩම් ප්‍රමාණයත් පෞද්ගලික කණ්ඩායමක් විසින් අත්පත් කරගෙන තිබෙනවා. ඒ නිසා අම්බුලුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානය පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුවේ යුතුව තිබෙනවා.

අම්බුලුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ දේපළ අයිති වන්නේ මහා භාරකාරයාටයි. නමුත් මහා භාරකාරයාට අයිති දේපළ පනතක් මගින් ඉවත් කර තිබෙනවා. ඒ වගේම මහා භාරකාරයකු මේ සඳහා පත්කරලත් නැහැ. මහා භාරකාරයා පත්කළ යුතු තැනකට පත් නොකර සිටීමෙන් අඹුලුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානයට අයත් භූමියේ පස් කපන්න , ගල් කඩන්න , ගස් කපන්න , ගොඩනැගිලි ඉදිකරන්න හැකියාව ලැබී තිබෙනවා. අඹුලුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ අයත් ඉඩමේ මේ වන විට තරු හෝටල් ඉදිකර තිබෙනවා. ඒ හෝටල්වල ආදායම ලැබිය යුත්තේ මහා භාණ්ඩාගාරයටයි. නමුත් දූෂණය නතර කරන බවට ප්‍රකාශ කරමින් බලය ලබාගත් ජාතික ජන බලවේගය මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් මේ වනතෙක් ගෙන නැහැ.

ඒ වගේම ජාතික ජන බලවේග ආණ්ඩුව මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කළා විදුලි බිල සියයට තිහකින් අඩුකරනවා කියලා. රුපියල් හයදහසේ විදුලි බිල රුපියල් හාරදහස දක්වා අඩු කරන බව ජාතික ජන බලවේගයේ ජනතාවට පොරොන්දුවක් ලබා දුන්නා. විදුලි බිල අඩුකිරීමේ ක්‍රියාමාර්ගයකට ක්ෂණිකව යොමුවන බව ආණ්ඩුව ප්‍රකාශ කළත් තවම ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැහැ. ඒ වගේම දැවි තෙල් වලින් සාධාරණ මිල ප්‍රතිපත්තිය යටතේ විදුලි ඒකකයක් සෑදීමට වැය වන්නේ රුපියල් 20යි සත 50 ක මුදලක්. නමුත් වත්මන් අසාධාරණ මිල ප්‍රතිපත්තිය යටතේ තෙල් වලින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න රුපියල් හතළිස් අටක් වැය වෙනවා. නැප්නා වලින් සාධාරණ මිල ප්‍රතිපත්තිය යටතේ විදුලිය නිෂ්පාදනය කරන්න වැය වන්නේ රුපියල් දහනවයක මුදලක්. නමුත් අසාධාරණ මිල ප්‍රතිපත්තිය යටතේ රුපියල් 46 ක් වැය වෙනවා. ඒවගේම ඩීසල් වලින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න වැය වන්නේ රුපියල් තිස් අටක මුදලක්. නමුත් වර්තමාන අසාධාරණ පිරිවැය මිළ කිරීම යටතේ රුපියල් හැට අටක මුදලක් වැය වෙනවා.

ඒ වගේම විනිමය අනුපාතය රටට හිතකර තත්ත්වයක මේ වන විට තිබෙනවා. ඒ වගේම බොරතෙල් බැරලයක මිල මේ වන විට අඩුවී තිබෙනවා. ලෝකය වෙළඳපොලේ තෙල් මිලේ වාසිය අපේ රටේ විදුලි පාරිභෝගිකයාට ලබා දෙන්නේ නැත්තේ ඇයිදැයි කියන ප්‍රශ්නය මතුවෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට බෝනස් ලබාදීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට අධික මිලකට ඛනිජ තෙල් විකුණලා විදුලි බල මණ්ඩලය හරහා විදුලි පාරිභෝගිකයන් සුරාකෑමට රජයේ කටයුතු කර තිබෙනවා. විදුලි බිල අඩු කිරීම පිළිබඳව රජය කිසිදු අවධානයක් යොමු කර නැහැ. බොරතෙල් මිල සියයට 32 කින් මේ වන විට අඩුවී තිබෙනවා. ඒ වගේම විනිවය අනුපාතය සීයට විස්සකින් යහපත් තත්ත්වයකට පත්වී තිබෙනවා. දැවි තෙල් වල පිරිපහදු වියදම සියයට 28කින් ඉහළ ගොස් තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලි බල මණ්ඩලය ආයුධයක් ලෙස භාවිතා කරන්නේ රටේ විදුලි පාරිභෝගිකයන්ට තලා පෙලන්න දැයි අපි අහන්න කැමතියි. කෙසේ නමුත් විදුලි බිල අඩුකිරීමට රජය සාධාරණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවක් අපට පෙනෙන්නේ නැහැ.

ඒ වගේම පසුගිය කාලයේදී වැලිමඩ අක්‍ෂි කාච සම්බන්ධයෙන් ප්‍රශ්නයක් රට තුළ පැන නැගුණා. වැලිමඩ ප්‍රදේශයේ ජනතාව ඇසේ සුද ඉවත් කිරීමට සිදුකළ ශල්‍ය කර්ම වලදී ලබාදුන් බාල ඖෂධ හරහා අක්ෂි රෝගීන් විශාල ප්‍රමාණයක් පීඩාවට පත් වී තිබෙනවා. අපහසුතාවයට පත් වුන රෝගීයෙකුට රුපියල් ලක්ෂ දහයක් ලබා දෙන බව වර්තමාන රජය ප්‍රකාශ කරනවා. නමුත් එම රෝගීන්ට කොළඹට පැමිණ ප්‍රතිකාර ලබාගෙන යාම සඳහා විශාල මුදලක් වැය වනවා. ඒ නිසා වැලිමඩ අක්‍ෂි කාච සම්බන්ධයෙන්ඇතිවුන අයථා ඇස් අන්ධ කිරීම රාජ්‍ය මැදිහත්වී සිදුකළ ක්‍රියාවක්. මෙම ක්‍රියාව නිසා අපහසුතාවයට පත් රෝගීන්ට පිරිසකට ලක්ෂ දහයක් ලබාදීම අපි තරයේ ප්‍රතික්‍ෂේප කරනවා. ඔවුන්ගේ පවුල් සංස්ථා පවා මේ ප්‍රශ්නය නිසා අද කඩා වැටී තිබෙනවා. හැත්තෑ දෙනකුගේ ඇස් අන්ධවීමේ ගැටලුවට සුළු මුදලක් ලබාදීම කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැහැ. එම නිසා මේ ප්‍රශ්නය යළි සමාලෝචනය කර අපහසුතාවයට පත් වූ අක්ෂි රෝගීන් හැත්තෑ දෙනාට ජීවත්වීම සඳහා දිගු කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි අපි ඉල්ලා සිටිනවා.

ඒ වගේම පොලිය මත අය කරන බද්ද ඉහල දැමීම නිසා පොලියෙන් ජීවත්වෙන විශ්‍රාමිකයන් අද බරපතළ ගැටලු රැසකට මුහුණ දී තිබෙනවා. ආණ්ඩුව මේ මොහොතේ කබලෙන් ලිපට වැටී සිටින පොලිය මත ජීවත් වන විශ්‍රාමිකයින් කබලෙන් මිනී වලට ඇද දමා තිබෙනවා. එම නිසා පොලිය මත ජීවත් වන විශ්‍රාමිතියෙන් පිළිබඳව කඩිනමින් පියවරක් ගන්නයි අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම රටේ තී රෝද රථ කර්මාන්තය ආණ්ඩුවේ කිසිදු නියාමන අධිකාරියකින් ඔවුන්ට කිසිදු රැකවරණයක් ලබාදී නැහැ. ඔවුන්ට කිසිදු රාජ්‍ය වගකීමක් ඉටු නොකර රජය විසින් සලසා ඇති ප්‍රතිපාදන පහුගිය කාලය පුරාම ත්‍රී රෝද රථ වලට විවිධ අංගුපාංග ඇතුළත් කිරීම සිදුවෙලා තිබෙනවා. මගීන්ට අනතුරුදායක වන ආකාරයෙන් ත්‍රීරෝද රථවල සිදුකරන වෙනස්කම් පිළිබඳව පියවරක් ගත යුතුයි. නමුත් රජය මේ සිදුවීමේදී කටයුතු කරන්නේ අත්තනෝමතික ආකාරයටයි. ත්‍රී රෝද රථ රැකියාවෙන් ජීවත් වුන ජනතාව , ත්‍රී රෝද රථ සඳහා උපාංග නිෂ්පාදනය කළ ජනතාව සම්බන්ධයෙන් රජය අනුගමනය කරන්නේ දරදඬු ප්‍රතිපත්තියක්. ජාතික ජන බලවේගය බලයට ගේන්න උදව් කළ මේ කණ්ඩායම රටේ කොටසක් ලෙස සලකන්න ආණ්ඩුව මේ වන විට කටයුතු කරන්නේනැහැ. ස්වයං රැකියාවක් වශයෙන් සිදු කරගෙන යන ත්‍රී රෝද රථ රැකියාවට කන කොකා හඬන තත්වයක් අද උදාවෙලා තිබෙනවා. කිසිදු විශ්‍රාම වැටුපක් නොමැතිව , රක්ෂණයක් නොමැතිව තමන්ගේ වෘත්තියේ නියැලෙන ත්‍රීරෝද රථ රියදුරන් අද විශාල අපහසුතාවයකට පත් වීතිබෙනවා. නිසි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන තුරු මේ සිදුකරන වැඩ පිළිවෙළ වහාම නතර කරන ලෙස අපි රජයෙන් ඉල්ලාසිටිනවා. ‘‘

SendShareShare
Previous Post

අද පාර්ලිමේන්තුවේ මුළු ආණ්ඩුවත් එක්කම තනියම දිලිත් මහා සටනක් කළේ ඇයි? මෙන්න මාධ්‍ය ඉදිරියට ඇවිත් දිලිත් ඇත්ත කතාව එළියට දායි! VIDEO I Sri Lanka Latest News

Next Post

රේටින්ග්ස් නග්ගගන්න ජනතාව බියවද්දන බොරු නිව්ස් දාන්න එපා! එහෙම මාධ්‍යවලට සම්බන්ධ අය මේ පාර්ලිමේන්තුවෙත් ඉන්නවා! ඇතැම් මාධ්‍ය ආයතනවලට ජනමාධ්‍ය ඇමැති නලින්දගෙන් අදත් අනතුරු ඇඟවීමක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News
Exclusive

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News
Exclusive

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News
Exclusive

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!
Exclusive

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News
Exclusive

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

Load More
වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News
Exclusive

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

විවිධ වගාවන් වෙනුවෙන් ආයෝජන කරන පුද්ගලයන්ට මාසිකව විශාල මූල්‍ය ප්‍රතිලාභ හිමිකර දෙන බව ප්‍රචාරය කරමින් ජනතාවගේ මුදල් වංචා කරන ආයතන...

Read more
මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.