ස්ථාවර රටක් නිර්මාණය වන බවට පාර්ලිමේන්තුවේ මත පළ වන අවස්ථාවේ ජනතාව වත්මන් රජයට විශාල ජන වරම දුන්නේ තිබුණු අයි එම් එෆ් ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ද කියා ප්‍රශ්න කරන බවත් ණය ප්‍රතිව්‍යුහගතකරණ විශ්ලේෂණයක් හරහා නව අයි එම් එෆ් එකගතාවකට යන ප්‍රකාශය මහපොළොවට සමතලා කර ජනතාව දුන් ජන වරම පයට පෑගෙන දූවිලි තරම් ගණන් නොගන්නා තත්ත්වයකට පත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද නව වසරේ පළමු පාර්ලිමේන්තු දිනයේ දී සභාව අමතමිනි.
තවමත් වැඩිකළ පොහොර සහනාධාරය හරියට ලැබිලා නැහැ
මේ තරම් ජනතාවාදී ජනහිතකාමී පොදුජනතාවාදී ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වුවත් වැඩි කළ පොහොර සහනාධාරය තවම ලැබී නොමැති බවත් දළ වශයෙන් අප රටේ තවමත් අඩකට වැඩි ප්‍රමාණයකට මේ සහනාධාරය නොලැබී ඇති බවත් ගොවිතැන් කටයුතු බොහෝ දුරට අවසන් වුවත් තවමත් සහනාධාර නොලැබී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කවද්ද 9000 විදුලි බිල 6000 කරන්නේ ?
ස්ථාවර රටක් නම් 9000 විදුලි බිල 6000 කිරීම 3000 විදුලි බිල 2000 කිරීම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී වැඩකරන ජනතාවගේ අර්ථසාධකයට සිදු කළ බලපෑම හිටපු ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය හකුලාගෙන ඔවුන්ට සහන දෙන දිනය දැන ගැනීමට අවශ්‍ය බවත් ජාත්‍යන්තර සෛරී බැදුම්කර හිමියන්ට අප රටේ ආර්ථික වර්ධනය වැඩි වන විට කප්පාදුවන ණය ප්‍රමාණය අඩු කිරීමේ සහනය ඔවුන්ට ලැබුණත් ඒ සහනය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරපු වැඩ කරන ජනතාවට නොලැබී ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.
පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමේ කාලය දීර්ඝ කලාට ප්‍රශ්නයට විසදුම් ලැබී නැහැ
අදටත් පාස්පෝට් හිගයට විසඳුමක් දීමට නොහැකි වී ඇති බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ කාලය නැවත දීර්ඝ කළත් ඔවුන්ට නැවත නැගී සිටීමට ශක්තියක් ලබා දී නොමැති බවත් දරාගත හැකි පිරිවැයකට ප්‍රාග්ධනයට ප්‍රවේශය ලබා දිය යුතු වුවත් ඒ කිසිදු දෙයක් වත්මන් රජයෙන් ද සිදුව නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
සුවසැරියටත් වත්මන් රජයෙන් බාධා
මෙරට ක්‍රියාත්මක වූ අතිශය සාර්ථක වැඩසටහනක් වන 1990 සුවසැරිය ව්‍යාපෘතිය කොවිඩ් සමයේ රට බංකොලොත් වූ සමයේ අඛණ්ඩ සේවාවක් ඉටු කළත් අද වන විට එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසුරවා හැර ඇති බවත් එම වැඩසටහනට ප්‍රාණය ශක්තිය දුන් අයව ඉවත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආණ්ඩුවේ 159 දෙනා මහපාරට බැස බලන්න ජනතාවගේ දුක
ආණ්ඩුවේ 159 දෙනා පුලුවන් නම් මහපාරට බැස ජනතාවගේ හඬට කන් දෙන ලෙස ඉල්ලා සිටින බවත් ධීවර ප්‍රජාව ත්‍රීරෝද රථ රියදුරන්, ස්වයං රැකියාවල නිරතවන අය තෙල් සහනාධාරය අපේක්ෂා කළත් ඒ කිසිවක් සිදුව නොමැති බවත් පාර්ලිමේන්තුව කතා කරන ස්ථාවරත්වය ලබා ගෙන ඇත්තේ කොපමණ මානුෂීය පිරිවැයක් දරා ද කියා සෙවිය යුතු බවත් මේ වන විට මන්දපෝෂණය වැඩි වී කර්මාන්ත කඩා වැටී දුප්පත්කම වැඩි වී විරැකියාව වැඩි වී ඇති වන ස්ථාවරත්වයකින් නම් රටට වාසියක් සිදු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
රෝහින්‍යා සරණාගතයන් පිටුවහල් කරන්න එපා
පසුගිය දින කිහිපයේ අප රටට මියන්මාර රෝහින්‍යා සරණාගතයන් පිරිසක් මුලතිව්වලට පැමිණ ඇති බවත් මේ අය රටින් පිටකරන රජය සූදානම් බවට වාර්තා වන බවත් මේ අය නැවත හරහා යැවීම මානව නීතිය උල්ලංඝනය කිරීමක් බවත් ලොවම මේ ප්‍රජාවට වෙනස් සැලකිල්ලකට පීඩනයකට ලක් වූ බවට පිළිගෙන ඇති නිසා එකවරම පිටමං කරන්න දරන උත්සාහය නතර කරන ලෙසත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
රටට ආධාර උපකාර කරන මිනිස්සු එලවා ගන්න එපා
මේ රටේ ප්‍රශ්න විසදන්න නම් රාජ්‍ය සම්පත් ප්‍රමාණවත් නොමැති බවත් එය ආණ්ඩු පාර්ශ්වයට පමණක් නොව පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සැවොම එකට එකතු විය යුතු බවත් සිවිල් සමාජය, ජාත්‍යන්තර ආයතන පවා එකතු කර ගෙන සැමගේම උදව්වලින් රටේ ප්‍රශ්න විසදිය යුතු බවත් සෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගෙන මේවා කළ යුතු බවත් උදව් කරන පාර්ශ්ව එළවා දැමීම නොකළ යුතු බවත් රටට ලබා ගත හැකි උපරිම ශක්තිය ලබා ගෙන රට සෞභාග්‍ය කරා ගෙන යා යුතු බවත් ඒ සඳහා සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය සහ විපක්ෂය සහයෝගය දෙන බවත් රජයේ ප්‍රගතිශීලී වැඩකටයුතුවලට සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා අවසාන වශයෙන් පැවසීය.
භාෂණයේ නිදහස ආරක්ෂා කරන්න
තවද පසුගිය දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වැඩබලන කුලපතිවරයා විසින් නියෝගයක් හරහා අයි එම් එෆ් යෝජනාවලට විරුද්ධව රැස්වීම් පැවැත්වීම රජයේ ස්ථාවරත්වයට විරුද්ධව කටයුතු කිරීම තහනම් කර ඇති බවත් මේවාට නොයන ලෙස රජයට කියන බවත් විශ්වවිද්‍යාවල සාමකාමීව සිදුවන මේ දේවල්වලට බාධා නොකරන ලෙසත් මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් විපක්ස නායකවරයා සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.










