ජනතා පරාමාධිපත්‍ය සුරක්ෂිත කිරීමේ දී නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රස්ථානය ලෙස මෙම උත්තරීතර පාර්ලිමේන්තුව වෙත ලැබී ඇති කාර්යභාරය සුවිශේෂී බවත් හුදෙක් සටන් පාඨවලට සීමා නොවී නව දේශපාලන සංස්කෘතිකයක් තුළින් ජනතා අපේක්ෂා සහ බලාපොරොත්තු ඉටු වන ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් ඇති කරලීමට පාර්ලිමේන්තුවේ සියලු දෙනා කැපවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
එසේම උදා වූ නව වසර කතානායකවරයා ප්‍රමුඛ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ මහලේකම්වරයා ප්‍රමුඛ සියලු කාර්ය මණ්ඩලයට සුබ වේවා කියා ප්‍රාර්ථනා කරන බවත් කැපවීමෙන් වැඩ කිරීමට හැකි වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.









