කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (02) දිනයේ දී ඒකක 16,000 සීමාව ඉක්මවා ගියේය.Sri Lanka Latest News
ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ මෙවන්නක් සිදු වූ පළමු අවස්ථාව මෙය ලෙසින් සැලකෙයි.
ඒ අනුව අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 403.94කින් ඉහළ ගොස්, ඒකක 16,348.55ක් ලෙස සටහන් විය.
මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 2.53%ක වර්ධනයකි වේ.
මේ අතර අද දින රු. බිලියන 12.86ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයක්ය.










