• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස 10කින් ආණ්ඩුවට බිලියන 5ක විශාල පාඩුවක්? පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝ තුන්කෝටි අසූඅට ලක්ෂයක් ලංකාවට ගෙනාවේ කව්ද? පිරිපහදු කරද්දී ගහන බද්ද මේ කොම්පැනිවලට ගැහුවේ නැත්තේ ඇයි? කාගෙ හරි බලපෑමකින්ද? ඉහළින් ආපු විශේෂ අණකින්ද? කොහොමද එහෙම වුණේ? පිරිපහදු නොකරම වෙළෙඳපොළට දැම්මාද? එහෙම දැම්මා නම් ඒකත් බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නයක්! මව්රට විශේෂ හෙළිදරව්ව! I Sri Lanka Latest News

January 2, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
මාස 10කින් ආණ්ඩුවට බිලියන 5ක විශාල පාඩුවක්? පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝ තුන්කෝටි අසූඅට ලක්ෂයක් ලංකාවට ගෙනාවේ කව්ද? පිරිපහදු කරද්දී ගහන බද්ද මේ කොම්පැනිවලට ගැහුවේ නැත්තේ ඇයි? කාගෙ හරි බලපෑමකින්ද? ඉහළින් ආපු විශේෂ අණකින්ද? කොහොමද එහෙම වුණේ? පිරිපහදු නොකරම වෙළෙඳපොළට දැම්මාද? එහෙම දැම්මා නම් ඒකත් බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නයක්! මව්රට විශේෂ හෙළිදරව්ව! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පිරිපහදු නොකළ පොල්තෙල් මෙරටට ආනයනය කොට පිරිපහදු කිරීමේදී 2024 ජනවාරි සිට 2024 ඔක්තෝබර් මාසය දක්වා වූ මාස 10 ඇතුළත සමාගම් කිහිපයක් විසින් රජයට අයවිය යුතු සම්මත බදු මුදල් නොගෙවීම හේතුවෙන් රුපියල් බිලියන 5කට අධික පාඩුවක් රජයට සිදුව ඇති බවට වූ බරපතළ ප්‍රශ්නයක් මේ වනවිට මතුව ඇති බව පැවසේ. Sri Lanka Latest News

ඒ අනුව මෙවැනි අලාභයක් සිදුව ඇත්නම් ඊට වගකිවයුත්තේ කවුරුන්ද, ඒ පසුපස සිටියේ කවුද, එසේ බදු අය නොකරන ලෙස උපදෙස් ලබා දුන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බව බොහෝ පාර්ශ්වවල මතය වී ඇත.

ඉකුත් ජනවාරි 01 දින සිට පනවනු ලැබූ වැට් බදු නීතියට අනුව පිරිපහදු නොකළ පොල්තෙල් විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද යටතේ ලංකාවට ආනයනය කර, දේශීය වශයෙන් පිරිපහදු කර වෙළෙඳපළට විකිණීමේදී 18%ක වැට් බද්දක් සහ 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් රජයට ගෙවිය යුතුය.

මෙම වැට් බදු නීතිය සහ අනෙකුත් බදු ක්‍රියාත්මකව පැවැතියදී 2024 ජනවාරි 01 සිට 2024 ඔක්තෝබර් දක්වා නම් 6කින් පෙනීසිටින සමාගම් 3ක් පිරිපහදු නොකළ පොල් තෙල් කිලෝග්‍රෑම් 38,814,918ක් ලංකාවට ආනයනය කර ඇත.

මීට අමතරව පිරිපහදු නොකළ පොල් තෙල් ආනයනය කර දේශීය වශයෙන් පිරිපහදු කර සුළු වශයෙන් ගෙන්වන සමාගම් කීපයක් ඇති අතර, මෙම කාලය තුළ ඔවුන් නීත්‍යනුකූල වශයෙන් රජයට අයවිය යුතු වැට් බදු සහ අනෙකුත් බදු මුදල් ගෙවා ඇත.

නමුත් මහාපරිමාණ සමාගම් කිහිපයක් මෙසේ විශාල වශයෙන් පිරිපහදු නොකළ පොල්තෙල් ලංකාවට ආනයනය කොට ඇති අතර ඔවුන් එම පොල්තෙල් වෙළෙදපොළට නිකුත් කොට ඇති බවට බරපතළ ප්‍රශ්නයක්ද මතුව ඇත.

මෙම ආනයනය කරනු ලබන පිරිපහදු නොකළ පොල් තෙල් පරිභෝජනය සඳහා ජනතාවට ලබාදීමේදී අනිවාර්යයෙන්ම පිරිපහදු කළ යුතුය. එසේ නොකරනවා නම් එය විෂ සහිත ආහාර ජනතාවට ලාබදීම යටතේ වන බරපතළ වරදකි.

මේ සම්බන්ධයෙන් දිගින් දිගටම පැමිණිලි ලැබීමෙන් අනතුරුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැටලීමක් පවා සිදුකර ඇති අතර එම වැටලීමෙන් අනතුරුව විශාල වශයෙන් පිරිපහදු නොකළ පොල් තෙල් රටට ආනයනය කළ එක් සමාගමක් මෙසේ වැට් බදු අයකිරීම පිළිබඳ හිටපු ජනාධපිති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය හරහා මුදල් අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය මුදල් ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක් ලිඛිතව ඉල්ලීමක් කරනු ලැබ ඇත.

එම ඉල්ලීමට අනුව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන ටී. විශ්වරූපන් විසින් 2024.07.31 වැනි දින දේශී්‍ය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් අදාළ ලිඛිත ඉල්ලීම සම්බන්ධයෙන් වන නිරීක්ෂණ ලබාදෙන ලෙස දැනුම් දීමක් කොට ඇත.

ඊට අදාළ ලිපිය පහත දැක්වේ.

එම ලිපියට පිළිතුරු යවමින් 2024.08.29 වැනි දින දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති, ජාත්‍යන්තර සබඳතා සහ නීති අංශයේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ. සමන් ශාන්ත මහතා විසින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ටී. විශ්වරූපන් වෙත දැනුම් දී ඇත්තේ පිරිපහදු නොකළ පොල් තෙල් ආනයනය කර දේශීය වශයෙන් පිරිපහදු කර වෙළෙඳපළට විකිණීමේදී 2024 ජනවාරි 01 වැනිදා සිට 18%ක වැට් බද්දක් සහ 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් අදාළ වන බවකි. එය සඳහන්ව ඇත්තේ එම ලිපියේ අවසාන වාක්‍යයට පෙර පරිච්ඡේදයේය.

‍

නමුත් එම ලිපියේ අවසන් වාක්‍යයේ විශේෂ සඳහනක් කරමින් දැනුම් දී ඇත්තේ මෙම වැට් බද්ද සම්බන්ධයෙන් එක්තරා සමාගමක් මගින් ලබන ඉල්ලීම පිළිබඳ විශේෂ සැලකීමක් කරන ලෙසටය.

එහිදී හඳුනාගත නොහැකි හේතුවක් මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැට්බදු අයකිරීම සම්බන්ධයෙන් සිය නිගමනය ඍජුව සඳහන් කිරීම මෙහිදී මගහැර තිබේ.

කෙසේ වෙතත් 2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක මෙම වැට් බදු නීතිය හරහා සුළු පරිමාණයෙන් පිරිපහදු නොකළ පොල් තෙල් ආනයනය කර, පිරිපහදු කරනු ලැබූ ආයතන 40ක් පමණ වැසීගොස් තිබේ.

දැනට පිරිපහදු නොකළ පොල් තෙල් ආනයනය කරනු ලබන්නේ මහාපරිමාණ සමාගම් 3ක් පමණි. ඔවුන්ද 2024 ජනවාරි 01 සිට ඔක්තෝබර් මාසය දක්වා පිරිපහදු නොකළ පොල් තෙල් ආනයනයෙන් රජයට අයවිය යුතු වැට් බදු මුදල වූ රුපියල් බිලියන 5ක මුදලක් නොගෙවා ඇති අතර, අසීමිත ලාභයක්ද මේ කාලය තුළදී උපයාගෙන ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් ඉදිරි සතියකදී මව්රට පුවත්පතෙන් බලාපොරොත්තු වන්න.

SendShareShare
Previous Post

ඇමැති වැවේ! VIDEO I Sri Lanka Latest News

Next Post

‘තායි පිරන්තාල් වජි පිරක්කුම්’ ! පොංගල් පොංගල් 2025 එන්න උතුරේ නෑගම්! Sri Lanka Latest News

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.