• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් සහ සජබය විනාශ කරන්න කුමන්ත්‍රණයක්! රනිල්ගෙන් බාර් ලයිසන්-සල්ලි ගත්ත අය වැඩේට බහී! EXCLUSIVE I Sri Lanka Latest News

January 1, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගය විනාශ කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කොට ඇත.

ඒ අනුව, වික්‍රමසිංහ මහතා සැලසුම් කොට ඇත්තේ එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය සහ දුරකතනය ලකුණ වෙනුවට වෙනත් පොදු සන්ධානයක් යටතේ වෙනත් ලකුණකින් තරග කිරීම සඳහා සජබයට බලපෑම් කිරීමටය.Sri Lanka Latest News

මේ සඳහා සජබයට බලපෑම් කිරීමට වික්‍රමසිංහ මහතාට හිතවත් සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම උපයෝගී කොටගෙන ඇති බවද දැනගන්නට තිබේ.

මෙම සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනා ඉකුත් වික්‍රමසිංහ පාලන සමයේදී ඒ මහතාගෙන් මත්පැන් බලපත්‍ර සහ විමධ්‍යගත අරමුදල් ලබාගත් අය බවද වාර්තා වේ.

ඒ අනුව මෙම පිරිස් මේ වනවිට සජබයේ ප්‍රධානීන් හට එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එජාපය සමග එක්ව තරග කළයුතු බවට බලපෑම් කරමින් සිටින ආකාරයක්ද දැකගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් මෙවර රාජ්‍ය රහස් තීරයේ පළවූ සම්පූර්ණ හෙළීදරව්ව මෙසේය.

මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප රනිල් වික්‍රමසිංහ මහතා විසින් දියත් කොට ඇති තවත් අලුත් මෙහෙයුමක් පිළිබඳවද විශේෂ අනාවරණයක් කිරීමට සූදානම්ය. රනිල් මෙම දේශපාලන මෙහෙයුම මේ වනවිට ආරම්භ කොට ඇත්තේ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව දියත් කරනු ලැබ තිබූ මෙහෙයුමක තවත් එක් දිගුවක් ලෙසය. ගෝඨාභය ජනාධිපති ධුරය අතහැර දමා රටින් පලායද්දී රාජපක්ෂවරුන්ගේ සහායෙන් පාර්ලිමේන්තුවේ පස්සා දොරෙන් පැමිණ ජනාධිපති ධුරයේ අසුන්ගත් දින සිටම රනිල්ගේ ප්‍රධාන මෙහෙයුම වූයේ සජිත් සහ සජබය විනාශ කිරීමය. ඒ සඳහා රනිල් එකවර මෙහෙයුම් කීපයක්ම දියත් කොට තිබිණි. ඉන් එකක් වූයේ සජිත් සමග සිටින සජබ මන්ත්‍රීවරුන් මැති ඇමැතිකම් සහ වරප්‍රසාද ලබාදී ආණ්ඩුවට ගැනීමය. හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ්, වේළුකුමාර් වැනි මන්ත්‍රීවරු ආණ්ඩුවට ගියේ එම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙසටය. ඊළඟ මෙහෙයුම දියත් කරමින් රනිල් කළේ සජබ මන්ත්‍රීවරුන්ට විවිධ වරදාන වරප්‍රසාද ලබාදී ඔවුන් හරහා සජබය ඇතුළේ නිතරම ප්‍රශ්න සහ ගැටුම් ඇතිකිරීමය. ඒ හරහා වරෙක රනිල් සජබ මන්ත්‍රීවරුන් රැසකට බාර් ලයිසන් විශාල ප්‍රමාණයක් ලබාදීමට පියවර ගෙන තිබිණි. ඇතැම් සජබ මන්ත්‍රීවරුන්ට මත්පැන් නිෂ්පාදනය කිරීමේ ලයිසන් පවා නිකුත් කොට තිබිණි. තවත් තෝරාගත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට ආණ්ඩුවේ විමධ්‍යගත අරමුදලෙන් රුපියල් කෝටි ගණන් ලබාදීමට රනිල් කටයුතු කළේය. ඉකුත් මහ මැතිවරණයේදී එම මන්ත්‍රීවරුන්ගෙන් යම් කොටසක් පරාජයට පත්කොට ගෙදර යැවීමට සජබ පාක්ෂිකයන් කටයුතු කළද, තවමත් ඉන් කිහිප දෙනෙක් මෙවර පාර්ලිමේන්තුවේද සිටින ආකාරයක් දැකගන්නට පුළුවන. දැන් රනිල් කරන්නේ ඒ පිරිස් අල්ලාගෙන විවිධ ප්‍රකාශ නිකුත් කරවා ගනිමින් සජබය ඇතුළේ ගැටුම් ඇතිකිරීමට කටයුතු කිරීමය. මීට අමතරව ජනාධිපති ධුරයට පත්වීමත් සමග ලෙහෙසියෙන්ම සජබය විනාශ කිරීමේ මෙහෙයුමට අත තබමින් රනිල් කළේ මුදල් අර්බුදය පෙන්වා පළාත් පාලන මැතිවරණය දින නියමයකින් තොරව කල් දැමීමය. බොහෝ දෙනා ඇත්තටම රටේ මූල්‍ය අර්බුදය නිසා පළාත් පාලනය මැතිවරණය රනිල් කල්දැමූ බව සිතා සිටියත් ඇත්ත කතාව එය නොවේ. එනිල් එය හිතාමතාම සිදුකළේ සජබය සහ සජිත් දේශපාලන වශයෙන් ඉහළට ඒම වැළැක්වීමටය.

මක් නිසාද යත් ඒ අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වූවා නම් මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශිය සභා විශාල ප්‍රමාණයක් ජයග්‍රහණය කරනු ලබන්නේ සජිත්ගේ සජබ සන්ධානයය. එසේ සජබය ජය ගත්තා නම් පළමු වතාවට සජබය නමින්ම රට පුරා විහිදී ගිය බිම් මට්ටමේ මන්ත්‍රී ජාලයක් නිර්මාණය කරගැනීමට සජබයට අවස්ථාව තිබිණි. 2018දී යහපාලන ආණ්ඩු සමයේදී පොහොට්ටුව ආණ්ඩු බලය අල්ලන සටනට අත තිබ්බේ රාජ්‍ය බලය ඇතිව හෝ නැතිව පළාත් පාලන ආයතන අති බහුතරයක් ජයගැනීමත් සමගය. ඉන් අනතුරුව පොහොට්ටුව ජනාධිපතිවරණය ජය ගත්තේත්, මහ මැතිවරණය ජය ගත්තේත් 2018දී පළාත් පාලන මැතිවරණ්‍ය හරහා රට ඇතුළේ ගොඩනගාගත් ගමේ මන්ත්‍රීවරුන්ගේ ජාලය හරහාය. මෙය හොඳහැටි දැනගෙන සිටි රනිල් කළේ සජබයට හිමිවීමට නියමිතව තිබූ එම අවස්ථාව අහිමි කරමින් පළාත් පාලන මැතිවරණය කල්දැමීමය. ඒ අනුව අදටත් සජබයට ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හයිය පමණි. පළාත් පාලන මන්ත්‍රීවරුන්ට හෝ පළාත් සභා මන්ත්‍රීවරුන් අදටත් සජබය සතුව නැත. එම නිසා ගම් මට්ටමේ බිම් මට්ටමේ යාන්ත්‍රණයක්ද නිල වශයෙන් සජබය සතුව නැත.

2023දී මුදල් නොමැති බව පවසමින් රනිල් පළත් පාලන මැතිවරණය කල්දමද්දී අනුරලා ඇතුළු ජවිපෙද ඊට බරපතළ විරෝධයක් පළ නොකළේ පළාත් පාලන මැතිවරණය පැවැත්වූයේ නම් සජබයට විශාල දේශපාලන ජාලයක් නිර්මාණය වීම වැළැක්විය නොහැකි නිසාය. ඒ අනුව එදා අනුරලාද සිටියේ කෙසේ හෝ මහ ඡන්දය නොපැවැත්විය යුතුය යන ස්ථාවරයේය. පොහොට්ටුව ගෝඨාභයව ජනාධිපති ලෙස පත්කර ගත්තේත්, පසුව තුනෙන් දෙකක බලයක් මහ ඡන්දයේදී ලබාගත්තේත් 2018 පළාත් පාලන මැතිවරණයෙන් ලබාගත් දේශපාලන හයියෙන් බව ජවිපෙ දනී. රනිල්ට පළාත් පාලන මැතිවරරණය කල්දමා ගැනීම සඳහා අනියමෙන් මාලිමාවේ සහාය ලැබුණේද ඒ නිසාමය. අවාසනාවකට මෙන් මේ දේශපාලන සත්‍යය තේරුම් ගැනීමේ හැකියාවක් එදා සජබයට තිබුණේ නැත. එම දේශපාලන සත්‍යය ඔවුන් තේරුම් ගෙන තිබුණා නම් එදා කිසිසේත්ම පලාත් පාලන මැතිවරණය කල්දමන්නට රනිල්ට ඉඩ දෙන්නේ නැත. එදා ඒ සත්‍යය ඔවුන් තේරුම් ගෙන තිබුණා නම් අද මේ රටේ ජනාධිපති සජිත්ය. ආණ්ඩු බලය හොබවන්නේ සජබයය.

මේ වනවිට මාලිමාව සූදානමින් සිටින්නේ ලබන මාර්තු මාසය වනවිට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමය. මේ වනවිට තුනෙන් දෙකක අති බහුතර බලයක් මාලිමාව සතු වීම නිසා පළත් පාලන ආයතනවලින් අතිබහුතරයක් තමන්ට ජයග්‍රහණය කළ හැකි බව මාලිමාව හොඳාකාරව දනී. එමෙන්ම රනිල් පසුගිය ජනාධිපතිවරණයේදී සිලින්ඩරයෙන් ඉල්ලා අන්ත පරාජයකට පත්වීමත් සමග මෙවර පළාත් පාලන මැතිවරණයට රනිල්ට සිලින්ඩරයෙන් හෝ අලියාගෙන් හෝ තරග බිමට පිවිසීමට නොහැකි බව මාලිමාව හොඳින් දනී. ඒ නිසා පළාත් පාලන ආයතන අතිබහුතරයක් ජයග්‍රහණය කිරීමට හැකි වුවද මෙවරත් සටන පවතින්නේ මාලිමාව සහ සජබය අතරය. එමෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසු නිල වශයෙන් සජබයට රට පුරා ගම් මට්ටමෙන් බිම් මට්ටමෙන් මන්ත්‍රී ජාලයක් නිර්මාණය කරගැනීමට හැකියාව පවතී. ඒ හරහා පළමු වතාවට 2018 පොහොට්ටුව නිර්මාණය කරගත්තාක් මෙන් බිම් මට්ටමේ දේශපාලන යාන්ත්‍රණයක් සකස් කරගැනීමේ හැකියාවක් පවතී.

රනිල් මෙය නොදන්නවා නොවේ. 2023 ජනාධිපතිවරයා බවට පත්වී පළාල්ත පාලන මැතිවරණය කල්දැමීම හරහා එම අවස්ථාව සජබයට අහිමි කළා සේ මෙවරත් රනිල් සූදානම් වන්නේ වෙනත් දේශපාලන ගේමක් ගසා පළමු වතාවට සජබයට හිමිවීමට යන මෙම දේශපාලන හයිය අහිමි කිරීමටය. නොඑසේ නම් රනිල්ගේ සැලසුම වී ඇත්තේ සජබය සහ දුරකතනය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමටය. රනිල් මෙවරත් එම මෙහෙයුම භාරදී ඇත්තේ ඔහුගේ සමීපතමයන් වන සාගල රත්නායකටත්, වජිර අබේවර්ධනටත්, මස්සිනා වන රුවන් විජේවර්ධනටත්ය. මීට අමතරව සජබය ඇතුළේ සිටින දේශපාලනයේ දිගක් පළලක් නොතේරෙන කිහිප දෙනකුද අල්ලාගෙන රනිල් මෙම මෙහෙයුම සජබය තුළට කාවැද්දීමට හීන් නූලෙන් සැලසුමක් දියත් කරමින් තිබේ. මුලින්ම මෙම මෙහෙයුම සජබය ඇතුළට ගෙන ඒමට සූදානම් වන්නේ රනිල් නොමැතිව අලුත් සන්ධානයක් පළාත් පාලන මැතිවරණය ඉලක්ක කොට ගොඩනගමු යැයි කියාය. ඒ අනුව ඊට සම්බන්ධ මෙම මෙහෙයුමට සම්බන්ධ පාර්ශ්ව කිහිපයක්ම මේ වන විටත් ස්ථාන කිහිපයක රහස් සාකච්ඡා ආරම්භ කර ඇති බව පැවැසේ. එම සාකච්ඡා ඉදිරියට යද්දී පොදු ලකුණක් සහ පොදු සන්ධානයක් යටතේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට වූ යෝජනාව සජබයට දැන්වීමට සැලසුම් කොට ඇති මොවුන්, ඉතා සූක්ෂ්මව මෙවර ඡන්ද පත්‍රිකාවෙන් දුරකතනයත්, සජබයත් ඉවත් කිරීමට සැලසුම් සකස් කොට අවසානය. එසේ වුවහොත් තවත් අවුරුදු 5ක් යනතුරු සජබයට බිම් මට්ටමේ පක්ෂ යාන්ත්‍රණය සකසා ගැනීමට නොහැකි වනු ඇත. රනිල් ගහන්නට යන මේ ගේම තේරුම් නොගත්තොත් පක්ෂයක් ලෙස සජබයේ අවසානය එතැනින්ම තීන්දු වනු ඇත.

රනිල්ගේ මෙම මෙහෙයුම සජබය ඇතුළට ගෙන ඒම සඳහා පහුගිය අවුරුද් දෙක තුනක් තිස්සේ ජනාධිපති කාර්යාලයට රිංගූ ඔස්තාර්ලා කීප දෙනෙක්ද සිටී. මොවුන්ගේ නම්ගම් නියමිත වේලාවට අප රටට හෙළිදරව් කිරීමට අප සූදානම්ය. අලුත් අවුරුද්දේ මොවුන්ගේ ඩීල් දේශපාලනය රට හමුවේ තැබීමට සූදානම් බව මෙහිදී සඳහන් කළ යුතුය. එමෙන්ම රනිල්ගෙන් බාර් ලයිසන් ගත් මන්ත්‍රීවරුන් කීප දෙනකුද, රනිල්ගෙන් විමධ්‍යගත අරමුදල් ගත් මන්ත්‍රීවරුන් කීප දෙනකුද මෙම මෙහෙයුම පිටිපස සිටී. මීට අමතරව එක්තරා බහුජාතික සමාගමක ප්‍රධානියකු සමග සමීප සබඳකම් පවත්වන සජබ තරුණ මන්ත්‍රීවරයකුද මෙම මෙහෙයුම පිටුපස සිටී. ඔහුද පසුගිය කාලසීමාව පුරාම සජිත් සමග සිටින බව උඩින් පෙන්වා සිටියද අවස්ථා කීපයකදීම සාගල රත්නායක සමග සාකච්ඡා පවත්වා ඇති බවත් දැනගන්නට ඇත.

මීට සමගාමීව රනිල්ගේ මස්සිනා වන රුවන් විජේවර්ධනයට අයත් ඉංග්‍රීසි සහ සිංහල පුවත්පත්වලින් මේ වනවිට සජිත් සහ සජබය ඉලක්ක කොට දැවැන්ත ප්‍රහාරයක් දියත් කොට ඇති ආකාරය දැකගන්නට පුළුවන. ඒ හරහා එම පුවත්පත් සමාජයට ගෙන යෑමට උත්සාහ දරන මතය වන්නේ මේ වනවිට සජිත් සහ සජබය දුර්වල වී ඇතැයි කියාය. ඊට සමගාමීව දැන් දැන් සජබය පැත්තෙන්ද ඊට උල්පන්දම් දෙමින් මාධ්‍ය ප්‍රකාශ නිකුත් වන ආකාරයක් දැකගන්නට පුළුවන. විශේෂයෙන්ම පරාජයට පත්වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම මේ වනවිට මාධ්‍ය හමු පවත්වමින් සජබය සහ එජාපය එක්විය යුතු බව කියමින් සිටියි. නමුත් ඇත්ත වශයෙන්ම ඔවුන් මේ ඉටු කරන්නේ සජබය ගොඩගන්නා කොන්ත්‍රාත්තුවටත් වඩා සජබය විනාශ කරන රනිල්ගේ කොන්ත්‍රාත්තුවය. එසේ වුවත් පසුගිය මහ මැතිවරණයෙන් මේ වනවිට දක්ෂ, තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද පාර්ලිමේන්තු පැමිණ නැතුවා නොවේ. එමෙන්ම පරාජයට පත්වූ පිරිසේත් එවැනි දක්ෂතා සහිත විශාල තරුණ පිරිසක්ද සිටී. ඔවුන් පක්ෂය ගොඩනැගීම සඳහා වෙහෙසෙද්දී රනිල් සමග ඩීල් දමන සුළු පිරිසක් මෙවරත් පාර්ලිමේන්තු පැමිණ පරණ පුරුදු පාරේම ගමන් කරන ආකාරයක්ද දැකගත හැකිය.

SendShareShare
Previous Post

ජනාධිපතිවරණයේ හොරු 13ක් ඉඳලා! Sri Lanka Latest News

Next Post

බෙහෙත් 8ක් ලිව්වා! කළුබෝවිලින් දුන්නේ එකයි! ජාසිංහට අලුත් වැඩක්! Sri Lanka Latest News

MORE NEWS

රනිල් සාගලත් එක්ක මහින්දව බලන්න කාල්ටන් එකට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

මහින්දට ඇවිදගන්නවත් බැරිව මග වැටි වැටී යනවා! රනිල් දෙකට තුනට වකුටු වෙලා! අපහාසයක් කරනවා නෙමෙයි ලෝකෙට විහිළුවක් නොවී දැන්වත් විශ්‍රාම ගන්න! ජීවිතේ අවසාන කාලේ හන්සි පුටුවකට වෙලා යම් හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒක මතක් කරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න! මාලිමා මන්ත්‍රීගෙන් මහින්දටයි රනිල්ටයි අවවාදයක්!  I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලමින් ගෝඨාත් අභියාචනාධිකරණයට යයි!  I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම! පූජිත්ගේ හේමසිරිගේ නඩුව යළි කැඳවන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර නඩුවක එක තීන්දුවක් ජුලි 31 එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අර්බූද ගොඩක් මැද අනුර පළමු කාර්තුවේ ආර්ථිකය ගොඩදාගනී! I Sri Lanka Latest News

Load More
රනිල් සාගලත් එක්ක මහින්දව බලන්න කාල්ටන් එකට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

මහින්දට ඇවිදගන්නවත් බැරිව මග වැටි වැටී යනවා! රනිල් දෙකට තුනට වකුටු වෙලා! අපහාසයක් කරනවා නෙමෙයි ලෝකෙට විහිළුවක් නොවී දැන්වත් විශ්‍රාම ගන්න! ජීවිතේ අවසාන කාලේ හන්සි පුටුවකට වෙලා යම් හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒක මතක් කරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න! මාලිමා මන්ත්‍රීගෙන් මහින්දටයි රනිල්ටයි අවවාදයක්!  I Sri Lanka Latest News

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාලය දැන් අවසන් වී ඇතිබව මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පවසනවා. Sri Lanka...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලමින් ගෝඨාත් අභියාචනාධිකරණයට යයි!  I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම! පූජිත්ගේ හේමසිරිගේ නඩුව යළි කැඳවන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර නඩුවක එක තීන්දුවක් ජුලි 31 එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.