• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 20ක් ගිහිල්ලත් ගාලු පාරේ හයට් හෝටලය හදන්න බැරිවුණේ කොතලාවලගේ සාපය වැදුණු නිසාද? වියදම රුපියල් බිලියන 10ක්! තට්ටු 16ක්! කාමර 245ක්! Sri Lanka Latest News

January 1, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අවුරුදු 20ක් ගිහිල්ලත් ගාලු පාරේ හයට් හෝටලය හදන්න බැරිවුණේ කොතලාවලගේ සාපය වැදුණු නිසාද? වියදම රුපියල් බිලියන 10ක්! තට්ටු 16ක්! කාමර 245ක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගාලු පාර අයිනේ අවුරුදු ගානක් තිස්සේ ඉදිවෙමින් පවතින මේ ගොඩනැගිල්ල ඔබ දැකලා තිබෙනවද? වර්තමානයේ Grand Hyatt Colombo නමින් හැඳින්වෙන 2003 වසරේ Ceylinco Celestial Residencies නමින් ඉදිකිරීම් ආරම්භ කෙරෙනවා. ශ්‍රී ලංකාවේ උසම ගොඩනැගිල්ල ඉදිකිරීමේ සිහිනය සැබෑ කරගනිමින් සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ලලිත් කොතලාවල විසින් ආරම්භ කළ මෙම දැවැන්ත ව්‍යාපෘතියේ හිමිකාරීත්වය Ceylinco Homes International සමාගම සතු වී තිබෙනවා. එමෙන්ම මෙම ව්‍යාපෘතියට ලෝකප්‍රකට Hyatt හෝටල් ජාලය Hyatt Regency Colombo හෝටලයත් අයත් වී ඇති අතර, එය කාමර 245කින් සමන්විතව ගොඩනැගිල්ලේ පළමු මහල් 16 තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබූ බව සඳහන් වෙනවා. මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා සෙලින්කෝ සමූහ ව්‍යාපාරය මගින් 85%ක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබී ඇති අතර, ඉතිරිය බැංකු එකමුතුවක් මගින් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබෙනවා. (Sri Lanka Latest News)

ඒ අනුව එවක සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර තිබූ මුදල රුපියල් බිලියන 10කට අධිකයි. මෙම ගොඩනැගිලි සැලසුම ගෘහ නිර්මාණ ශිල්පී මහාචාර්ය ලක්ෂ්මන් අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් Design Consortium Limited නම් පූර්ණ දේශීය උපදේශන සංවිධානයක් මෙහෙයවා තිබෙනවා.Nawaloka Construction Limited සහMaga Engineering ආයතනයේ ඉදිකිරීම් භාරව කටයුතු කර ඇති අතර, 2008 දෙසැම්බර් වන විට විවෘත කිරීමට සැලසුම් කර තිබුණා. නමුත් එකල පැනනැඟුණු සුප්‍රකට ගෝල්ඩන් කී සමාගමේ අර්බුදයත් සමග ආචාර්ය ලලිත් කොතලාවල මහතා සිරගත වීමත් සමග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අඩාළ වී තිබෙනවා. ඒ, සමාගම මුහුණ දුන් මූල්‍ය අර්බුදය හේතුවෙන්. ඒ අනුව 2012 වසරේ Ceylinco Celestial නිවාස සංකීර්ණය හා හෝටල් ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මගින් ඌන වත්කම් පුනරුද පනත යටතේ රජයට පවරා ගැනීමට කටයුතු කර තිබෙනවා. මෙම දේපළ පවරා ගන්නා අවස්ථාවේදී එහි වටිනාකම රුපියල් බිලියන 4.8ක් ලෙස රජයේ තක්සේරුකරුවන් විසින් ඇස්තමේන්තු කර තිබූ බවද වාර්තා වෙනවා.

නොනිදා රළ නඟන ඉන්දියන් සාගරයේ සුන්දර බටහිර වෙරළ තීරයට මායිම්ව කොළඹ 03 කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය ඉදිරිපිට ගාලු පාරට යාබදව ඉදිවෙමින් තිබූ මෙම සුවිසල් ව්‍යාපෘතිය 2012 වසරේදී යළි ඉදිකිරීම් ආරම්භ වෙනවා. ඒ, වර්තමානයේ ඉදිවෙමින් තිබෙන Grand Hyatt Colombo යන සුප්‍රකට නාමය යටතේ. සෙලින්කෝ සමූහ ව්‍යාපාරයෙන් අත්හැරෙන මෙම සුවිසල් ව්‍යාපෘතිය යළි ආරම්භ වෙන්නේ රජය යටතේ ක්‍රියාත්මක වන Canwill Holdings පුද්ගලික සමාගම හා ඊට අනුබද්ධ Sino Lanka Hotels and Spa සමාගම යටතේයි. මේ සඳහා Canwill සමාගම විසින් රාජ්‍ය ආයතන තුනක මුදල් යොදවා රුපියල් බිලියන 18කට ආසන්න මුදලක් ආයෝජනය කර තිබෙනවා. ඒ අනුව රජය සතු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගෑස් සමාගම සහ සේවක අර්ථසාධක අරමුදල මෙහි පාර්ශ්වකරුවන් වී තිබෙනවා.

Grand Hyatt Colombo ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ Hyatt සන්නාමය යටතේ ඉදිකළ පළමු හෝටලය වන අතර, එය මහල් 48කින්, හෝටල් කාමර 458කින්, මහල් නිවාස 100කින්, විශේෂිත අවන්හල් 12කින්, රැස්වීම් කාමර 7කින් සහ ව්‍යායාම ශාලා, පිහිනුම් තටාක සහ ස්පා ඇතුළු තවත් පහසුකම් රැසකින් සමන්විතයි. කොළඹ දෙසට ඇදෙන ඕනෑම අයකුගේ ඇස ගැටෙන මේ ගොඩනැගිල්ලේ උස මීටර් 229.5ක්.

මෙම ව්‍යාපෘතියේ මුල් සැලසුමේ තිබුණු එක් අංගයක් විශාල ආන්දෝලනයකට ලක්වුණා. ඒ Owners apartment ලෙස සැලසුම්වල සඳහන් කර තිබුණු 42, 43 සහ 44 මහල් තුනේ ඉදිකිරීමට නියමිත වූ සුපිරි නිවාස සංකීර්ණයයි. මෙම මහල් තුන සතුව පොදු විවේකාගාර, සුඛෝපභෝගී නිදන කාමර, සංගීත කාමර, පිහිනුම් තටාක, ජල සම්බාහන සඳහා තටාකයක්, එළිමහන් විවේකාගාරයක්, එළිමහන් භෝජනාගාරයක්, ක්‍රීඩා පිටියක්, තණ පිඩලි සහිත ප්‍රදේශයක් ඇතුළු නවීන පහසුකම් රැසක් අන්තර්ගත කර තිබෙනවා. කරුණු එසේ තිබියදී 2015 බලයට පත් ආණ්ඩුව විසින් හෝටලය ඉදිකරමින් සිටි සමාගමේ ගිවිසුම් අවලංගු කිරීම නිසා 2016 ඉදිකිරීම් නිමකිරීමට නියමිතවූ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් අඩාළ වී තිබෙනවා.

2017 නොවැම්බර් 29 වැනිදා පැවැති ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ වැයශීර්ෂය පිළිබඳ විවාදයේදී එවක විෂය භාර අමාත්‍යවරයා විසින් මේ පිළිබඳ කරුණු රැසක් හෙළිකර තිබෙනවා. එනම් මෙම මහල් තුන සඳහා පමණක් ක්‍රියාත්මක වීමට අධිවේගී විදුලි සෝපානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබූ බවත්, එය නැවත වෙනස් කිරීම සඳහා රුපියල් මිලියන 40ක් වැයකිරීමටත් සිදුවූ බවයි. එමෙන්ම මෙලෙස වෙන්කර තිබූ මහල් තුන මගින් රජයට කෝටි ගණනක පාඩුවක් සිදුවන බැවින් එය හෝටලයේ සාමාන්‍ය පොදු කොටසක් විදියට නැවත පරිවර්තනය කරමින් රජයට ආදායම් ලැබෙන අයුරින් ඉදිකිරීමට විශාල මුදලක් වැයවී ඇති බවත්ය.

Grand Hyatt ව්‍යෘපෘතිය සඳහා යොදවා තිබෙන්නේ රජය සතු මුදල් නම්, එය වගවිය යුත්තේ මහජනතාවටය. එසේ නම් හෝටලයටත් අයිති නොවන රජයටත් අයිති නොවන මෙම මහල් තුන ඉදිකිරීමට සැලසුම් කර තිබුණේ කවුරුන් වෙනුවෙන්ද යන්න පිළිබඳවත් ආන්දෝලනාත්මක පුවත් වාර්තා වී තිබුණා. රජය සතු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගෑස් සමාගම සහ සේවක අර්ථසාධක අරමුදල සතු ප්‍රාග්ධනය යොදවා වසර ගණනාවක් තිස්සේ ගොඩනැගූ ග්‍රෑන්ඩ් හයට් හෝටලය ලංකාවේ ඉහළම දූෂණ වංචා චෝදනාවන්ට තෝතැන්නක් වූ ඉදිකිරීමක් බවට එකල දේශපාලනඥයන් විසින් චෝදනා එල්ල කර තිබුණා. ඒ පිළිබඳ විගණකාධිපති වාර්තා නිකුත් කිරීමෙන් මෙන්ම අපරාධ විමර්ශනයන් පවා සිදුවුණා. පසුව නැවතත් 2019 බලයට පත් ආණ්ඩුව විසින් පෙර පැවැති ආණ්ඩුවේ ක්‍රියාකලාපය තුළින් රජයට මූල්‍ය පාඩුවක් සිදුව අද්ද යන්න සොයාබැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව නිවේදනය කර තිබුණා.

කෙසේ වෙතත් වසර 20කට ආසන්න කාලයක් තිස්සේ ගාලු පාරේ පර්චස් 40ක ප්‍රමුඛ දේපළක් මත ඉදිකෙරෙමින් පවතින මෙම හෝටල් ව්‍යාපෘතිය සඳහා ගොඩනැගිලි ඉදිකිරීම් ඉහළම තාක්ෂණය භාවිත කර තිබුණා. ඒ සියල්ල අනුව මෙය තවත් එක් හෝටලයක් නොව, රජය සතු වූ ඉහළම ප්‍රමිතියේ ඉදිකිරීමකි. කෙසේ වෙතත් කැන්වින් හෝල්ඩින් පුද්ගලික සමාගම සහ ඊට අනුබද්ධ සීනෝ ලංකා හොටෙල් ඇන්ඩ් ස්පා සමාගම සතු වූ මෙම දැවැන්ත ව්‍යාපෘතිය වර්තමාන රජය විසින් තවදුරටත් මහජන මුදල් නාස්තිය වළක්වා රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංවිධාන කිරීමේ වැඩපිළිවෙළ යටතේ ආයෝජකයන් වෙත විවෘත කර තිබුණා. එයට පිළිතුරු වශයෙන් ඉන්දීය සමාගම් 5ක් සහ ශ්‍රී ලාංකික සමාගමකුත් ග්‍රෑන්ඩ් හයට් ව්‍යාපෘතිය ප්‍රතිසංවර්ධනය සඳහා ආයෝජනයට කැමැත්ත පළකර තිබෙනවා.

මහජනතාව සතු මුදල් බිලියන ගණනක් යටකළ මෙතරම් දැවැන්ත ව්‍යාපෘතියක් ජනතා සන්තකයෙන් අහිමි වීම කනගාටුවට කරුණකි. කෙසේ නමුත් දිරාපත් වනවාට වඩා කෙලෙස හෝ මෙය විවෘත වනවා දැකීම ජාතියේ පැතුමයි.

Madhu Wijekoon යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

අලුත් අවුරුද්දේ සජබ මන්ත්‍රීවරු පිරිවරාගෙන කැවුම් කිරිබත් කාලා සජිත් විපක්ෂයේ වැඩ පටන්ගනී! I VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

මේක මිනීමැරුමක්? Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.