2024 වසර ගෙවීගෙන යද්දී එනම් දෙසැම්බර් 29 දා වනවිට මෙම වසර පුරාවට සිදුව ඇති මාරක රිය අනතුරුවලින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 2,333ක් බව පොලිස් රථ වාහන මූලස්ථානයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රණගල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
සිදුව ඇති අනතුරු සංඛ්‍යාව 2,228කි.
මේ අතර පසුගිය (2023) වසර පුරාම එනම් දෙසැම්බර් 31 දක්වා සිදුව ඇති අනතුරු සංඛ්‍යාව 2,321ක් වන අතර, එම සංඛ්‍යාලේඛන හා සැසඳීමේදී ගෙවීගිය 2024 වසරේදී පුද්ගලයන් 21 දෙනකුගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි ඔහු සඳහන් කළේ.
ගෙවීගිය (2024) වසරේ සිදුව ඇති අනතුරු අතරින් බරපතළ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 6,746ක් වන අතර, සුළු තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 9,871කි.
එමගින් සිදුව ඇති දේපළ හානි සංඛ්‍යාව 5,598කි.
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කෙරෙන විශේෂ මෙහෙයුම් පොලිස්පති නියමයෙන් මේ වනවිටත් ආරම්භ කොට ඇති බවද රණගල මහතා පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න










