තිරප්පනේ ප්‍රදේශයේ සැරි සරන වන අලින්ගෙන් සිදුවන කරදරවලට විසඳුම් ඉල්ලා එම ප්‍රදේශවාසීන් පිරිසක් තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අද පෙරවරුවේ පැමිණියේය.
තිරප්පනේ ප්‍රාදේශීය ලේකම්වරිය සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වූ බව ඔවුු පැවසූහ.
ඉන් අනතුරුව ඔවුන් තිරප්පනේ ජාතික ජන බලවේගයේ මහජන සම්බන්ධීකරණ කාර්යාලය වට කර විරෝධතාවයේ යෙදුණ.
එහිදී පොලිසිය මැදිහත්වී විරෝධතාකරුවන් පාලනය කිරීමට කටයුතු කලේය.
Sri Lanka Latest News










