.
1987 වසරේ ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කළ යුගයේ තරමක කලබලකාරී වාතාවරණයක් පැවැතිනි. ඒ දිනවලදී පත්තර කන්තෝරුවලටද විවේකියක් නැති තරම්ය. ඒ දිනවලදී ‘දවස’ පුවත්පතේ මාධ්‍යවේදීන් රැගත් මෝටර් රථ සඳහා කුඩා කහ පැහැති බලපත්‍රයක් නිකුත් කෙරිණි. කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අත්සනින් ඒවා නිකුත් කෙරිණි. දවස, රිවිරැස පුවත්පත්වල වැඩ අධික දිනය වන්නේ සිකුරාදා දිනයයි. ඒ දිනවලදී මම ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් සමග මෙන්ම පොලිසියේ සිටින සමහර නිලධාරීන් සමග සමීප සබඳකම් පැවැත්වීමි. එවක පොලිස්පතිව සිටි සිරිල් හේරත් මහතාද මගේ සමීප මිත්‍රයෙක් විය. (Sri Lanka Latest News)
කොළඹ පොලිස් හදිසි කැඳවීම් අංශයේ නිලධාරීන්ද වැඩි දෙනකු මා පොලිස්පතිවරයා සහ නියෝජ්‍ය පොලිස්පතිවරු, පොලිස් අධිකාරිවරු සමග සම්බන්ධකම් පවත්වන බව දැන සිටියහ. එහෙත් පොලිස් හදිසි ඇමතුම් අංශයේ තවත් නිලධාරීන් මා දුරකතන කටහඬින් දැන හඳුනාගත්තද කිසි දිනෙක දැක තිබුණේ නැත. මගේ කටහඬ හඳුනාගෙන ඔවුන් ප්‍රවෘත්ති සනාථ කරදුන් අවස්ථා තිබිණි. සිකුරාදා දිනවලදී ඉරිදා රිවිරැස පුවවත්පතටද ප්‍රවෘත්ති සපයා දවස පුවත්පතේ දෙවැනි තුන්වැනි මුද්‍රණ සඳහාද ආරක්ෂක හමුදා තොරතුරු වාර්තා කොට ඒවා සනාථ කර දීමේ වගකීමද පැවරී තිබුණේ මා හටය. සාමාන්‍යයෙන් සිකුරාදා රාත්‍රී 11 පසුවී කාර්යාලයෙන් පිටවන්නේ අපගේ සහෝදර ඉංග්‍රීසි පුවත්පත වන ‘සන්’ පත්‍රයේ සේවය කරන මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියක්ද සමගය. එදත් දවස ප්‍රවාහන අංශයේ තිබූ මොරිස් මයිනර් මෝටර් රථයෙන් මාධ්‍යවේදීන් හතර දෙනකු කඳාන ප්‍රදේශයට නුදුරුව සිටින මධ්‍යවේදියකුද රැගෙන අපි කාර්යාලයෙන් එළියට බැසගතිමු. මා එවක පදිංචිව සිටියේ සීදූව රද්දොළුගම නිවාස යෝජනා ක්‍රමයේ 3/ඩී/27 දරන නිවෙසේය. අප රැගත් මෝටර් රිය කොළඹ ආසන්නයේ පදිංචි මාධ්‍යවේදීන් ඔවුන්ගේ තාවකාලික ලැගුම්හල් වෙත ඇරලවීමෙන් පසු වාහනයේ තනි වූයේ මාධ්‍යවේදිනිය සහ මා පමණි.
1983 ජූලි කලබල පැවැති සමයේ හදිසියේ පනවන ඇඳිරිනීතිය සහ පොලිසිය විසින් හදිසි මාර්ග බාධක යොදා කරනු ලබන වාහන පරීක්ෂාවේත් අඩුවක් නොවුණි. එය දිවා රාත්‍රී දෙකෙහිම පැවැති පොලිස් ක්‍රියාදාමයකි. ඇඳිරිනීතිය දිනවල ‘දවස’ වාහනවලට පොලිසියෙන් බලපත්‍ර නිකුත් කර තිබිණි. කොළඹ අවට ප්‍රදේශ කීපයකදීම අප ගමන්ගත් වාහනය පරීක්ෂා කළද නිලධාරීන්ගෙන් අපට බාධාවක් නොවීය. අප ගමන්ගත් මෝටර් රිය මෝදර මාර්ගය ඔස්සේ කැලණි පාලම හරහා මීගමුව පාරට වැටී ගමන් කරමින් තිබියදී එක වරම අප නොසිතූ විරූ සිද්ධියකට මැදිවීමට සිදුවිය. අප ගමන්ගත් මෝටර් රිය දෙපසින් වේගයෙන් පැමිණි යතුරුපැදි දෙකක සිටි පොලිස් නිලධාරීන් සිවුදෙනකු වාහනය නතර කරන ලෙස අණ කළේය. එහිදී ඔවුන් මහා මාර්ගය අසලදීම අපගෙන් ප්‍රශ්න කරන්නට විය. අපගේ මෝටර් රථයේ පිටුපස අසුනේ සිටි ‘සන්’ මාධ්‍යවේදිනිය තරමක බියකින් පසුවනු දැකගත හැකිවුවත් මා හට කරකියාගත හැකි දෙයක් නොවීය. අප කවුරුන්ද යන්න ගැන පොලිස් නිලධාරීන්ට අපගේ හැඳුනුම්පත්වලින් සහ ඇඳිරිනීති අවසර පත්‍රවලින් පෙන්වා දීමට උත්සාහ කළද එය සාර්ථක නොවීය. ඒ අනුව ඔවුන් අපවත් මෝටර් රියත් සිය භාරයට ගෙන මෝදර පොලිසියට රැගෙන ගියේය. ඒ අවධියේ මෙකල මෙන් ජංගම දුරකතන භාවිතයක් නොවීය. ඒ වනවිට හාන්සි පුටුවකට බරදී සිටි පොලිස් පරීක්ෂකවරයා කීවේ මා පොලිස් කූඩුවට දමා ‘සන්’ මාධ්‍යවේදිනිය කාන්තා නිලධාරිනියකට භාර කරන ලෙසයි. එම පොලිස් පරීක්ෂකවරයාගේ කටහඬ මගේ සවනේ ලියැවී තිබුණි. එහෙත් ප්‍රකාශ ගැනීමට පෙර මා රිසර්ව් අංශය භාරව සිටින පොලිස් නිලධාරියාගෙන් අදාළ පොලිස් පරීක්ෂකවරයා ගැන මම යටහත්ව විමසා සිටියෙමි.
‘ආ ඔය අර පොලිස් හදිසි කැඳවීම් අංශයෙ ඕ.අයි.සී.. තාවකාලිකව මේ පොලිසියෙ වැඩබලනවා….’ ඔහු මට කීවේය. ඒ ප්‍රතිචාරයත් සමග මා ඔහු කවුදැයි හැඳිනගතිමි. මම යළි ඔහු දිගාවී සිටි හාන්සි පුටුව අසලට ගොස්, ‘ඇයි ඕ.අයි.සී. මහත්තයා, මම දිනපතා කතාකරන ප්‍රේමලාල් බව හඳුනගන්න බැරිවුණාද?’ මම ඔහුගෙන් විමසුවෙමි. මොහොතක් මගේ මුහුණ දෙස බලාගෙන සිටි පොලිස් පරීක්ෂකවරයා එකවර නැගිට්ටේ මට පහරදීමට දැයි සැකයක් මගේ සිතේ ඇතිවිය. එහෙත් එවැන්නක් සිදු නොවීය. ඔහු මට කිව්වේ, ‘සැකයට හසුවන හැම කෙනෙක්ම පොලිසියට ගේනවා. මේකත් ඒ වගේ දෙයක්….’ යනුවෙනි.
පසුව, අපිව පොලිසියට රැගෙන ආ නිලධාරීන්ට අපි කවුදැයි හඳුන්වා දෙමින් සමාව ගත් පොලිස් පරීක්ෂකවරයා මේ සිදුවීම අමතක කරන ලෙස ඉල්ලා සිටියේය. එසේම මේ සිද්ධිය ගැන පොලිස්පතිවරයාට පැමිණිලි නොකරන ලෙසද ඔහු අයැද සිටියේය. ඉන් අනතුරුව පොලිස් පරීක්ෂකවරයාගේ නියමයෙන් පොලිස් ජීප් රථයක රැකවරණ යටතේ අපගේ රථය මීගමුව මාර්ගයට ගෙනැවිත් ඇරලවීමටද පොලිස් නිලධාරීන් කටයුතු කළේය. එවිට මධ්‍යම රාත්‍රියද ඉක්මවා තිබිණි.
කෙසේ වෙතත්, ‘සන්’ මාධ්‍යවේදිනියට සිදුවූ අසාධාරණය සහ අපහසුතාව ගැන මම පොලිස්පති සිරිල් හේරත් මහතාට පසු දිනම පැමිණිලි කළෙමි. එම මොහොතේම කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියමයෙන් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක්ද සිදුකෙරිණි. එම විමර්ශනය අවසන් වූයේ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් පිට පළාත්වලට මාරුකර යවමිනි.
මෙම සිදුවීමට මැදිවූ ‘සන්’ මාධ්‍යවේදිනිය පසු දිනෙක මා බොරැල්ලේ සිට කොට්ටාව බලා යන අතරමගදී මට හමුවුණේ තවත් මාධ්‍යවේදිනියන් පිරිසක් සමගය. එවිට ඇය මෙම අතීත සිද්ධිය මතකයට නගමින් මහ හඬින් සිනාසුණු අයුරු මගේ සිතේ තවමත් නොමැකී තිබේ.

ප්‍රේමලාල් විජේරත්න










