• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසියට අරන් ගිහින් කූඩුවට දැම්මා! පොලිස් බයික් දෙකක් දෙපැත්තෙන් ආවා! පොලිසියට ගියේ එක කෝල් එකයි! ඉන්දු – ලංකා ගිවිසුම මැද්දේ පොලිසියත් මට්ටු කරපු ‘දවස’ මාධ්‍යවේදියා! Sri Lanka Latest News

December 30, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
හිරකාරයන් හිරේ දානවට වඩා ගෙදරම හිර කරන්න හදයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
1987 වසරේ ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කළ යුගයේ තරමක කලබලකාරී වාතාවරණයක් පැවැතිනි. ඒ දිනවලදී පත්තර කන්තෝරුවලටද විවේකියක් නැති තරම්ය. ඒ දිනවලදී ‘දවස’ පුවත්පතේ මාධ්‍යවේදීන් රැගත් මෝටර් රථ සඳහා කුඩා කහ පැහැති බලපත්‍රයක් නිකුත් කෙරිණි. කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අත්සනින් ඒවා නිකුත් කෙරිණි. දවස, රිවිරැස පුවත්පත්වල වැඩ අධික දිනය වන්නේ සිකුරාදා දිනයයි. ඒ දිනවලදී මම ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් සමග මෙන්ම පොලිසියේ සිටින සමහර නිලධාරීන් සමග සමීප සබඳකම් පැවැත්වීමි. එවක පොලිස්පතිව සිටි සිරිල් හේරත් මහතාද මගේ සමීප මිත්‍රයෙක් විය. (Sri Lanka Latest News)

කොළඹ පොලිස් හදිසි කැඳවීම් අංශයේ නිලධාරීන්ද වැඩි දෙනකු මා පොලිස්පතිවරයා සහ නියෝජ්‍ය පොලිස්පතිවරු, පොලිස් අධිකාරිවරු සමග සම්බන්ධකම් පවත්වන බව දැන සිටියහ. එහෙත් පොලිස් හදිසි ඇමතුම් අංශයේ තවත් නිලධාරීන් මා දුරකතන කටහඬින් දැන හඳුනාගත්තද කිසි දිනෙක දැක තිබුණේ නැත. මගේ කටහඬ හඳුනාගෙන ඔවුන් ප්‍රවෘත්ති සනාථ කරදුන් අවස්ථා තිබිණි. සිකුරාදා දිනවලදී ඉරිදා රිවිරැස පුවවත්පතටද ප්‍රවෘත්ති සපයා දවස පුවත්පතේ දෙවැනි තුන්වැනි මුද්‍රණ සඳහාද ආරක්ෂක හමුදා තොරතුරු වාර්තා කොට ඒවා සනාථ කර දීමේ වගකීමද පැවරී තිබුණේ මා හටය. සාමාන්‍යයෙන් සිකුරාදා රාත්‍රී 11 පසුවී කාර්යාලයෙන් පිටවන්නේ අපගේ සහෝදර ඉංග්‍රීසි පුවත්පත වන ‘සන්’ පත්‍රයේ සේවය කරන මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියක්ද සමගය. එදත් දවස ප්‍රවාහන අංශයේ තිබූ මොරිස් මයිනර් මෝටර් රථයෙන් මාධ්‍යවේදීන් හතර දෙනකු කඳාන ප්‍රදේශයට නුදුරුව සිටින මධ්‍යවේදියකුද රැගෙන අපි කාර්යාලයෙන් එළියට බැසගතිමු. මා එවක පදිංචිව සිටියේ සීදූව රද්දොළුගම නිවාස යෝජනා ක්‍රමයේ 3/ඩී/27 දරන නිවෙසේය. අප රැගත් මෝටර් රිය කොළඹ ආසන්නයේ පදිංචි මාධ්‍යවේදීන් ඔවුන්ගේ තාවකාලික ලැගුම්හල් වෙත ඇරලවීමෙන් පසු වාහනයේ තනි වූයේ මාධ්‍යවේදිනිය සහ මා පමණි.

1983 ජූලි කලබල පැවැති සමයේ හදිසියේ පනවන ඇඳිරිනීතිය සහ පොලිසිය විසින් හදිසි මාර්ග බාධක යොදා කරනු ලබන වාහන පරීක්ෂාවේත් අඩුවක් නොවුණි. එය දිවා රාත්‍රී දෙකෙහිම පැවැති පොලිස් ක්‍රියාදාමයකි. ඇඳිරිනීතිය දිනවල ‘දවස’ වාහනවලට පොලිසියෙන් බලපත්‍ර නිකුත් කර තිබිණි. කොළඹ අවට ප්‍රදේශ කීපයකදීම අප ගමන්ගත් වාහනය පරීක්ෂා කළද නිලධාරීන්ගෙන් අපට බාධාවක් නොවීය. අප ගමන්ගත් මෝටර් රිය මෝදර මාර්ගය ඔස්සේ කැලණි පාලම හරහා මීගමුව පාරට වැටී ගමන් කරමින් තිබියදී එක වරම අප නොසිතූ විරූ සිද්ධියකට මැදිවීමට සිදුවිය. අප ගමන්ගත් මෝටර් රිය දෙපසින් වේගයෙන් පැමිණි යතුරුපැදි දෙකක සිටි පොලිස් නිලධාරීන් සිවුදෙනකු වාහනය නතර කරන ලෙස අණ කළේය. එහිදී ඔවුන් මහා මාර්ගය අසලදීම අපගෙන් ප්‍රශ්න කරන්නට විය. අපගේ මෝටර් රථයේ පිටුපස අසුනේ සිටි ‘සන්’ මාධ්‍යවේදිනිය තරමක බියකින් පසුවනු දැකගත හැකිවුවත් මා හට කරකියාගත හැකි දෙයක් නොවීය. අප කවුරුන්ද යන්න ගැන පොලිස් නිලධාරීන්ට අපගේ හැඳුනුම්පත්වලින් සහ ඇඳිරිනීති අවසර පත්‍රවලින් පෙන්වා දීමට උත්සාහ කළද එය සාර්ථක නොවීය. ඒ අනුව ඔවුන් අපවත් මෝටර් රියත් සිය භාරයට ගෙන මෝදර පොලිසියට රැගෙන ගියේය. ඒ අවධියේ මෙකල මෙන් ජංගම දුරකතන භාවිතයක් නොවීය. ඒ වනවිට හාන්සි පුටුවකට බරදී සිටි පොලිස් පරීක්ෂකවරයා කීවේ මා පොලිස් කූඩුවට දමා ‘සන්’ මාධ්‍යවේදිනිය කාන්තා නිලධාරිනියකට භාර කරන ලෙසයි. එම පොලිස් පරීක්ෂකවරයාගේ කටහඬ මගේ සවනේ ලියැවී තිබුණි. එහෙත් ප්‍රකාශ ගැනීමට පෙර මා රිසර්ව් අංශය භාරව සිටින පොලිස් නිලධාරියාගෙන් අදාළ පොලිස් පරීක්ෂකවරයා ගැන මම යටහත්ව විමසා සිටියෙමි.

‘ආ ඔය අර පොලිස් හදිසි කැඳවීම් අංශයෙ ඕ.අයි.සී.. තාවකාලිකව මේ පොලිසියෙ වැඩබලනවා….’ ඔහු මට කීවේය. ඒ ප්‍රතිචාරයත් සමග මා ඔහු කවුදැයි හැඳිනගතිමි. මම යළි ඔහු දිගාවී සිටි හාන්සි පුටුව අසලට ගොස්, ‘ඇයි ඕ.අයි.සී. මහත්තයා, මම දිනපතා කතාකරන ප්‍රේමලාල් බව හඳුනගන්න බැරිවුණාද?’ මම ඔහුගෙන් විමසුවෙමි. මොහොතක් මගේ මුහුණ දෙස බලාගෙන සිටි පොලිස් පරීක්ෂකවරයා එකවර නැගිට්ටේ මට පහරදීමට දැයි සැකයක් මගේ සිතේ ඇතිවිය. එහෙත් එවැන්නක් සිදු නොවීය. ඔහු මට කිව්වේ, ‘සැකයට හසුවන හැම කෙනෙක්ම පොලිසියට ගේනවා. මේකත් ඒ වගේ දෙයක්….’ යනුවෙනි.

පසුව, අපිව පොලිසියට රැගෙන ආ නිලධාරීන්ට අපි කවුදැයි හඳුන්වා දෙමින් සමාව ගත් පොලිස් පරීක්ෂකවරයා මේ සිදුවීම අමතක කරන ලෙස ඉල්ලා සිටියේය. එසේම මේ සිද්ධිය ගැන පොලිස්පතිවරයාට පැමිණිලි නොකරන ලෙසද ඔහු අයැද සිටියේය. ඉන් අනතුරුව පොලිස් පරීක්ෂකවරයාගේ නියමයෙන් පොලිස් ජීප් රථයක රැකවරණ යටතේ අපගේ රථය මීගමුව මාර්ගයට ගෙනැවිත් ඇරලවීමටද පොලිස් නිලධාරීන් කටයුතු කළේය. එවිට මධ්‍යම රාත්‍රියද ඉක්මවා තිබිණි.

කෙසේ වෙතත්, ‘සන්’ මාධ්‍යවේදිනියට සිදුවූ අසාධාරණය සහ අපහසුතාව ගැන මම පොලිස්පති සිරිල් හේරත් මහතාට පසු දිනම පැමිණිලි කළෙමි. එම මොහොතේම කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියමයෙන් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක්ද සිදුකෙරිණි. එම විමර්ශනය අවසන් වූයේ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් පිට පළාත්වලට මාරුකර යවමිනි.

මෙම සිදුවීමට මැදිවූ ‘සන්’ මාධ්‍යවේදිනිය පසු දිනෙක මා බොරැල්ලේ සිට කොට්ටාව බලා යන අතරමගදී මට හමුවුණේ තවත් මාධ්‍යවේදිනියන් පිරිසක් සමගය. එවිට ඇය මෙම අතීත සිද්ධිය මතකයට නගමින් මහ හඬින් සිනාසුණු අයුරු මගේ සිතේ තවමත් නොමැකී තිබේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනකුට බිංගිරියේදී ලොකු විරෝධයක්! වාහනෙන් බහින්න බැරි විදිහට සේවකයෝ වටකරගෙන කෑගහලා! ගිය පාර ඡන්දෙ දීලා තියෙන්නෙත් මාලිමාවටලු! VIDEO I Sri Lanka Latest News

Next Post

ගැහැනු එක මිටට තිරප්පනේ මාලිමා මන්ත්‍රීගේ කාර්යාලය වටලයි! පොලිස් බලඇණියකුත් එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රට සෑම අතකින්ම දැඩි අවදානමකට ලක්ව ඇති බවත් ආර්ථික, සමාජීය පාර්ශ්වයෙන් මෙන්ම ජනතාවගේ ජන ජීවිත ආදිය විවිධ හේතූන් මත...

Read more
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.