කොළඹ අක්ෂි රෝහලට පැමිණෙන රෝගීන්ට වෛද්‍යවරුන් නියම කරනු ලබන ‘අයිඩ්‍රොප්’ වර්ග පෞද්ගලික ඔසුසල්වලින් මිලදී ගැනීමට සිදුවීම නිසා රෝගීන් බලවත් දුෂ්කරතාවට පත්ව තිබේ. (Sri Lanka Latest News)
ඇතැම් රෝගී මවුවරුන්ට අක්ෂි රෝග සඳහා පෙති වර්ග, කරල් වර්ග අවශ්‍ය තරම් ලබාදුන්නද ‘අයිඩ්‍රොප්’ හිඟය ගැන මේ දක්වා කිසිවකු සොයාබලා නොමැති බවයි රෝගීන් පවසන්නේ.
මේ සම්බන්ධයෙන් අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ ඇතැම් ‘අයිඩ්‍රොප්’වල හිඟයක් පවතින බවයි.
මේ සම්බන්ධයෙන් විමසීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සම්බන්ධ කරගැනීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වූයේ ඔවුන් මුළු දවස පුරාම සාකච්ඡාවල නිරතව සිටින බව දැන්වීම නිසාය.
මේ අතර, පසුගිය බ්‍රහස්පතින්දා (26) විද්‍යුත් නාලිකාවක ප්‍රවෘත්ති ප්‍රකාශයක් ඔස්සේ ඖෂධ බෙදාහැරීමේ අංශයකට අදාළ උසස් නිලධාරියකු පැවැසුවේ රෝහල්වලට ඖෂධ හිඟයක් ඇති නොවීමට කටයුතු කර ඇති බවයි.
ප්‍රේමලාල් විජේරත්න










