නත්තල් දිනයේ බීමත්ව රිය පැදවූ රියැදුරන් 395 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය භාවිත කර ඇද්දැයි පරීක්ෂා කරන බැලුනයන් පුම්බා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. (Sri Lanka Latest News)
බීමත් රියැදුරු පරීක්ෂාව සඳහා විදේශ රටකින් ගෙන්වා ඇති බැලුනයන් 150,000ක් සියලු පොලිසිවලට බෙදාහැර ඇති අතර, ඒවා රජයේ රස පරීක්ෂකවරයාට යවා තත්ත්ව පරීක්ෂාවට ලක්කොට ඇති බවද ඔහු සඳහන් කළේය.
ඉදිරියේදී බීමත්ව මගී ප්‍රවාහන බස් රථ පදවන රියැදුරන්ගේ රියැදුරු බලපත්‍රය තහනමට ලක්කරන ලෙස අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමටත්, එවැනි අන්දමට බීමත්ව සැහැල්ලු වාහන පදවා හසුවන රියැදුරන්ගේ වාහන බලපත්‍රය වසරකට අත්හිටුවීමට අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගෙන අධිකරණවලට ඉදිරිපත් කිරීමේ පොලිස් මෙහෙයුම් ඉදිරි දිනවලදීත් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා සියලු පොලිසිවලට නියෝග කොට ඇත.
ප්‍රේමලාල් විජේරත්න










