උදෑසන හිරු එළියට නිරාවරණය වෙමින් විටමින් ‘ඩී’ සිරුරට ලබානොගැනීම නිසා මේ රටේ 30%ක් විටමින් ‘ඩී’ ඌනතාවයෙන් පෙළෙන බවත්, තවත් 50%ක් පමණ විටමින් ‘ඩී’ ප්‍රමාණවත් ලෙස ලබාගෙන නොමැති බවත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
ළදරු වයසේ ළමයින් උදේ වරුවේ පැය කීපයක් හෝ හිරු එළියට නිරාවරණය වන ලෙස තබාගැනීමෙන් සමේ රෝග මෙන්ම අස්ථි රෝගද වළක්වාගත හැකි බවයි ඔහු පවසන්නේ.
ඇතැම් මවුපියන් තම දරුවන්ට උදේ සිට ජංගම දුරකතන භාවිතයට සහ රූපවාහිනී වැඩසටහන්වලට ඇබ්බැහි වීමට ඉඩදීම නිසා අපේ රටේ නොමිලේම ලබාගත හැකි ‘ඩී’ විටමින් හිරු එළියෙන් ලබාගැනීම වැළකී ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.
විදේශිකයන් පවා මේ රටේ හිරු එළියට ආශාවක් මෙන්ම වටිනාකමක් දැනගෙන මෙරටට පැමිණෙන නමුදු ශ්‍රී ලාංකිකයන් එහි වටිනාකම තවමත් තේරුම් ගෙන නොමැති බවයි ඔහු පැවැසුවේ.
‘ඩී’ විටමින් ඌනතාවයෙන් දෙපා ඇදවීම් වැනි රෝග ලක්ෂණද ක්‍රමිකව ඇතිවිය හැකි බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පෙන්වා දෙයි.
ප්‍රේමලාල් විජේරත්න










