සුනාමි ව්‍යසනය සිදුවී වසර 20 ක් සපිරෙන හෙට දිනයේ උදෑසන 9.25 සිට විනාඩි 02 ක කාලයක් නිශ්ශබ්දතාවය සුරකින ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. (Sri Lanka Latest News)
2004 වසරේ දෙසැම්බර් 26 වනදා සිදුවූ මෙම ව්‍යසනයෙන් මෙරට 35,000 කට අධික පිරිසක් මියගොස් 5000 කට වැඩි පිරිසක් අතුරුදන් වුණා.
මේ අනුව, හෙටට යෙදී ඇති ජාතික සුරක්ෂිතතා දිනයේ ප්‍රධාන සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ආපදා කළමණාකරණ අංශ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින්ද සමරු වැඩසටහන් සංවිධානය කර ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ.










