හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අනුයුක්ත කර සිටි ත්‍රිවිධ හමුදා භට පිරිස් අද සිට එම රාජකාරියෙන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. Sri Lanka Latest News
ඒ අනුව, මින් ඉදිරියට හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන්නේ පොලිස් නිළධාරීන් පමණි.
මාස හයකට වරක් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සමාලෝචනයට ලක් කරන අතර, ඒ අනුව, දැනට ලබා දී තිබෙන ආරක්ෂාව අඩු කිරීම හෝ වැඩි කිරීම තීරණය වනු ඇත.
මේ ආකාරයට හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කළද ඔවුන්ට ලබා දී ඇති කොළඹ සුපිරි බංගලා වරප්‍රසාදය ඉවත් කොට නොමැත.










