ජනාධිපතිවරයාගේ සංකල්පයක් ලෙස ඉදිරිපත් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය පසුගියදා නම් කරන ලදී.Sri Lanka Latest News
ජනාධිපති ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු සාමාජිකයන් 18 දෙනෙකු එකී ජනාධිපති කාර්ය සාධක බලකායට ඇතුළත් ය.
මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිදියාව සහ ප්‍රගමනය තහවුරුකිරීම හරහා පරිවර්තනීය මුලපිරීමක් සිදු කිරීම ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීමේ අරමුණයි.
නමුත් ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්ය සාධක බලකාය තුළ මෙරට තුළ ජීවත් වන අනෙකුත් ජනවර්ගවල නියෝජනයක් ඇතුළත්ව නැති බවට චෝදනාවක් එල්ල වී තිබේ.
දෙමළ භාෂාව කතා කරන මහජන නියෝජිතයන් සම්බන්ධ කරගැනීමකින් තොරව, දෙමළ ප්‍රජාව ජීවත් වන ප්‍රදේශවල ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන දියත් කරන්නේ කෙසේ දැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි. එමෙන්ම, ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්ය සාධක බලකායට ත්‍රිවිධ හමුදා ප්‍රදානීන් පත් කිරීම සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා සිය විරෝධය ප්‍රකාශ කර තිබේ.
මුජිබුර් රහුමාන් ට අමතරව, එම්.ඒ. සුමන්තිරන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද, ශානක්‍යයන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා ද ජනාධිපති කාර්ය සාධක බලකාය තුළ අනෙකුත් ජන ප්‍රජාවන් සදහා නියෝජනයක් නොමැති වීම ප්‍රශ්න කර තිබේ.
මෙම කාර්ය සාධක බළකාය සාමාජිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත වෙයි.
ජනාධිපති ලේකම් එන්.එස්. කුමානායක, යුද හමුදාපතිවරයා, නාවික හමුදාපතිවරයා, වැඩ බලන පොලිස්පතිවරයා, කුමුදු ලාල් ද සිල්වා (යූ.ඩී.ඒ.), අයි.එස්. ජයරත්න, ගිහාන් ද සිල්වා, සන්ධ්‍යා සල්ගාදු, ගාමිණී මධුවිටගේ, අනුරුද්ධ ගමගේ, දිල්රුක් වනසිංහ, දීපාල් සූරියආරච්චි, සිසිර අමරබන්දු, ක්‍රිශාන්ත කුරේ, ජයතු පෙරේරා, රුවන් වීරසූරිය සහ දයාන් කරුණාරත්න යන පිරිස මෙලෙස ජනාධිපති කාර්ය සාධක බළකාය සඳහා නම් කරනු ලැබ තිබේ.










