හානි පූරණය සදහා වූ කාර්යාලය හරහා, පසුගිය අරගල සමයේ දී නිවාස ගිනිතැබීමට ලක් වූ මැති ඇමතිවරු රුපියල් ලක්ෂ 7350 ක මුදලක් වන්දි වශයෙන් ලබාගෙන ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
මේ බව අනාවරණය වී ඇත්තේ හානි පූරණය සදහා වූ කාර්යාලය පිළිබදව සිදු කරන ලද විගණනයකිනි.
2023 වසරේ දී හානි පූරණය සදහා වූ කාර්යාලය වන්දි වශයෙන් මුදාහැර ඇති මුළ මුදල රුපියල් ලක්ෂ 13,350 කි.
ඉන් භාගයකටත් වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ලබා දී ඇත්තේ නිවාස ගිනි තැබීමට ලක් වූ මැති ඇමතිවරු වෙනුවෙන්.
ඔවුන් වෙනුවෙන් ලබා දී ඇති වන්දි මුදල රුපියල් ලක්ෂ 7530කි.
වන්දි ඉල්ලා සිටි අනෙක් සියලු පුද්ගලයන් වෙනුවෙන් මුදාහැර ඇති වන්දි මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 5820 ක් පමණි.
මැති ඇමතිවරුන්ට මෙසේ ප්‍රමුඛතාවය ලබා දී ඇත්තේ, මැති ඇමතිවරු වන්දි ඉල්ලීමට පෙර වෙනත් විශාල පිරිසක් වන්දි ඉල්ලා තිබිය දී ය.
වන්දි ඉල්ලූ එම අනෙක් පිරිස පසෙකට දමා මැති ඇමතිවරුන්ට ප්‍රමුඛතාවය ලබා දීමට හානි පූරණය සදහා වූ කාර්යාලය පියවර ගෙන තිබේ.










