පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය සහ මෑතකාලින අහිතකර සාර්ව ආර්ථික තත්ත්වයන් හේතුවෙන් බලපෑමට ලක්වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News
එහි සඳහන්ව ඇත්තේ ණය සහන සැලසීම සිදු කෙරෙමින් පවතින බැවින්, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම 2025 වසරේ මාර්තු මස 31 වැනිදායින් ඔබ්බට සිදුකිරීමේ අවශ්‍යතාවක් නොවන බව.
2024 දෙසැම්බර් 15 දිනට ගෙවිය යුතු මුළු හිඟ ණය ප්‍රාග්ධනය රුපියල් මිලියන 25ට අඩු, රුපියල් මිලියන 25ත් 50ත් අතර සහ රුපියල් මිලියන 50ට වැඩි සුදුසුකම්ලත් කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙනුකරුවන් විසින් පිළිවෙළින් 2025 දෙසැම්බර් 31, 2025 සැප්තැම්බර් 30 සහ 2025 ජූනි 30 වැනි දිනයන්ට පෙර ප්‍රතිලේඛනගත කළ ණය ආපසු ගෙවීම ආරම්භ කළ යුතු බවය.










