• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකයම පෙරළෙන්නයි යන්නේ! ලංකාව බේරෙයිද? Sri Lanka Latest News

December 21, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
ලෝකයම පෙරළෙන්නයි යන්නේ! ලංකාව බේරෙයිද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අතීතයේ සිටම ලෝකයේ සමහර රටවල් රජවරුන් විසින් පාලනය කළ ආකාරය ඉතිහාසය පෙන්වා දෙයි. ඒ අතරින් ලංකාවටද හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. එසේම ලෝකයේ සමහර රටවල් නොයෙකුත් ආකාරයේ ආඥාදායකයන් සහ ඒකාධිපතියන් විසින් පාලනය කළ ආකාරයද දැකිය හැකිය. මෙම බොහෝ රාජ්‍ය පාලකයන් යම් කාලවකවානුවක් පුරා අතිශය උච්ච බලයකින් විරාජමානව තමන්ගේ දේශදේශාන්තර පාලනය කළ ආකාරය ඉතිහාසයේ දැකිය හැකිය. මෙම පිරිසෙන් සමහරුන් යහපත් අයුරින් තමන්ගේ රටවල් පාලනය කරන අයුරුත්, තවත් සමහරුන් ඉතා කෲර අයුරින් රටවල් පාලනය කරන අයුරුත් දැකිය හැකිය. එහිදී ඔවුන්ට එම රටවල ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාරයන්ද එකිනෙකට වෙනස්ය. ජනතාවට රුචිවූ හා ඕනෑවූ පාලකයන් ජනතාව අතර ජනප්‍රිය වී සිටියත්, ජනතාවට එපාවූ පාලකයන් ජනතාවගේ ඇසුරෙන් ගිහිලී යන ආකාරයත් දක්නට හැකිය. මෙයට ලෝක ඉතිහාසය තුළ නිදසුන් රැසකි. (Sri Lanka Latest News)

අද ඔබට මෙවැනි වතගොතකින් මෙම ලිපිය ආරම්භ කිරීමට හේතු වූයේ ඇයි? අද අප මේ දිනවල ගතකරන්නේ 2024 වසරේ අවසාන දින කීපයයි. එවැනි වටපිටාවකදී 2024 වසර දෙස ආපසු හැරී බලන විට ලෝක ඉතිහාසයට මෙන්ම අපගේ රටේ ඉතිහාසයටත් එක්වන කරුණු රාශියක් ඇත. මෙම ලිපියේ මුලින් ලියා තැබූ රට රටවල රාජ්‍ය පාලකයන්ගේ නැගීමත්, ඔවුන්ගේ බැසීමත් ආශ්‍රිත කරගෙන එම කතාව දිගහැරෙයි. එනම් වසරින් වසරට එම වසරට අදාළව එම බල පෙරළියන් සිදුවෙයි. ඒ ආකාරයට මෙම 2024 වසරට අදාළව එලෙස ලෝකයේ රටවල සිදුවූ බල පෙරළියන් කුමක්ද? වසරේ මුල සිට අග දක්වා එම සිදුවීම් පෙළගස්වමු.

බංග්ලාදේශය – වසර 15ක් පුරා බංග්ලාදේශයේ නොකඩවා අගමැති ධුරය දැරූ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ පාලනය 2024 අගෝස්තු 05 දා බිඳවැටිණි. මෙයට හේතුවූයේ මහා ජනතා අරගලයකි. එරට විශ්වවිද්‍යාල සිසුන් මූලික කරගත් මෙම ජනතා කැරැල්ල දින ගණනක් පුරා පැවැතියේය. අගමැතිනි ෂෙයික් හසීනා වසර 15ක් පුරා එරට ඒකාධිපති පාලනයක් ගෙනගිය බවට චෝදනා එල්ල විය. මෙම ජන අරගලය ඉතා උච්ච වනවිට ඇය හොර රහසේ ඉන්දියාවට පලාගියාය. ඇයගේ පාලනය පෙරළා දැමිණි.

ඇමෙරිකාව – පසුගියදා පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී එරට ප්‍රබල දේශපාලනික චරිතයක්වූ කමලා හැරිස් පරාජයට පත්වූවාය. ඇමෙරිකාවේ වත්මන් උප ජනාධිපති ධුරය දරන ඇය අනෙක් ප්‍රධාන අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේ පරාජයට පත්වූවාය. මෙම පරාජය ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ටද ප්‍රබල පහරක් විය. එනම් ඔවුන්ගේ දේශපාලනික බල පෙරළියක අවසානයද සනිටුහන් කළේය.

මහා බි්‍රතාන්‍යය – මහා බි්‍රතාන්‍යයේ 2024 මහ මැතිවරණය පැවැති අතර, එයින් එරට හිටපු අගමැති රිෂී සුනක්ගේ කොන්සර්වේටිව් පක්ෂය පරාජයට පත්විය. විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගනිමින් කම්කරු පක්ෂය බලයට පත්වූ අතර, එහි නායක කීර් ස්ටාමර් මහා බි්‍රතාන්‍යයේ අගමැති ධුරයට පත්විය. ඒ අනුව ඔහු 2024 ජූලි 05 දා එරට අගමැති ධුරයේ වැඩ භාරගත්තේය. කීර් ස්ටාමර් මින් පෙර වසර 4ක් විපක්ෂ නායක ධුරයේ කටයුතු කළේය.

සෙනගාලය – සෙනගාලයේ 2024 ජනාධිපතිවරණය පැවැති අතර, එහිදී එරට හිටපු ජනාධිපති මැකී සැල් අන්ත පරාජයකට පත්විය. එරට තරුණ දේශපාලකයකු වන දියෝමායි ෆායේ ජනාධිපතිවරණය විශිෂ්ට අයුරින් ජයගෙන එරට ජනාධිපති ධුරයට පත්විය. සෙනගාලය යනු බටහිර අප්‍රිකාවේ රටකි.

සිරියාව – වසර 29ක් පුරා නොකඩවා දැඩි ඒකාධිපති පාලනයක් ගෙනගිය සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් 2024දී බලයෙන් පහ කෙරිණි. ඉතා උච්ච ලෙස සිදුකෙරුණු විරුද්ධ පක්ෂ කැරැලිකරුවන්ගේ අරගලයකින් ඔහු බලයෙන් පහකෙරිණි. කැරැලිකරුවන් එරට අගනුවර ඩමස්කස් සහ එහි පාර්ලිමේන්තුව හා ජනාධිපති නිවස වැනි ස්ථාන වටලන විටදී බෂාර් අල් අසාද් ජනාධිපතිවරයා සිරියාවෙන් පලාගියේය. ඔහු සහ පවුලේ සාමාජිකයන් ගුවන් යානයකින් රුසියාවට පලාගිය අතර, එරට සරණාගතභාවය හිමිවිය. රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ඒ සඳහා ආධාර ලබාදී තිබිණි. ජනාධිපතිවරයාගේ පලායෑමත් සමග කැරැලිකරුවන් සිරියාවේ බලය ස්ථාපිත කර ගත්තේය.

ජර්මනිය – ජර්මනියේ ප්‍රධාන රාජ්‍ය නායක තනතුර ලෙස සැලකෙන චාන්සලර් තනතුර දැරූ ඔල්ෆ් ෂෝල්ස්, එරට විරුද්ධ පක්ෂ විසින් පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාසභංගයකින් පරාජයට පත්විය. මෙය ඔහුට ඓතිහාසික පරාජයක් වී ඇති අතර, ඔහුගේ රජය බිඳවැටීමෙන් පසු එරට ජාතික මැතිවරණයක් ඉක්මනින් පැවැත්වීමට කටයුතු සැලසෙමින් ඇත. දින 60ක් ඇතුළත මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරෙයි.

ශ්‍රී ලංකාව – 2024 දී ශ්‍රී ලංකාවේ පැවැත්වුණු ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය, ජාතික ජන බලවේගය විසින් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළේය. එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ අතර, මහ මැතිවරණය දිනාගනිමින් නව රජයක් බලයට පත්විය. එවිට ජනාධිපති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ සහ අනෙකුත් අපේක්ෂකයන් අන්ත පරාජයට පත්විය. මෙය ඉතිහාසගත ජයග්‍රහණයක් විය. අවසානයේදී ශ්‍රී ලංකාවද මෙම දෙස් විදෙස් ලැයිස්තුවට එකතු විය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

නිලධාරීන් නවත්තන්න හැදුවා! ජනාධිපති මැදිහත් වුණා! රාජපක්ෂ ඥාතියා ඩොලර් අරන් ලංකාවට එනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

පාස්කු ප්‍රහාරයෙන් හා කොරෝනා ව්‍යසනයෙන් විනාශ වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මහබැංකුවෙන් සහනයක්! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.