වෙනත් පක්ෂයක් නිර්මාණය කර මැතිවරණයට නාමයෝජනා ලබා දී ඇති බවට චෝදනා කරමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු 99 දෙනකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ බව ප්‍රකාශ වුවද තවමත් එවැනි නිල ලිපියක් ප්‍රේමදාස පාර්ශ්වය වෙත ලැබී නොමැති බවක් වාර්තා වේ.
පසුගිය සතියේ පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ සජිත් සමග ගිය 99 දෙනකු පක්ෂයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවකි.
ඊට සම්බන්ධ ලිපි වහාම යොමු කරන බව ඒ මහතා සදහන් කළේය.
නමුත් මේ වනවිටත් එවැනි කිසිදු ලිපියක් එජාපය පාර්ශ්වයෙන් ප්‍රේමදාස පාර්ශ්වයේ සාමාජිකයන් ලැබී නොමැති බව දැනගන්නට ඇත.











