• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙම්බත් වෙලා ඉන්න ජනතාව සුවපත් කරන්න පුළුවන් ලස්සන තරුවක් පායන්නයි යන්නේ! ඒ තරුව පායන්න ඉඩ දෙන්න…! අමල් – නිරෝෂා – රුවන් – සාරංග පිස්සු නම් කෙළින්න එපා…! Sri Lanka Latest News

December 14, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
හෙම්බත් වෙලා ඉන්න ජනතාව සුවපත් කරන්න පුළුවන් ලස්සන තරුවක් පායන්නයි යන්නේ! ඒ තරුව පායන්න ඉඩ දෙන්න…! අමල් – නිරෝෂා – රුවන් – සාරංග පිස්සු නම් කෙළින්න එපා…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ රට ඉතිහාසයේ ඉඳන් ගත්තාම හැම අතින්ම ලස්සන දේවල් තිබ්බ රටක්. අපේ සමාජයේ තිබ්බේ එකිනෙකාට බැඳිච්ච ඇවතුම් පැවතුම් තියෙන ලස්සන සංස්කෘතියක්. හරි සරල ජීවිත තිබ්බේ. හැබැයි මේ සංස්කෘතිය, සරලකම, ඇවතුම් පැවතුම් නැතිවෙන්න පටන් ගත්තේ 90 දශකයෙන් පස්සේ. මෑතකදී සිරස නාලිකාවේ තිබ්බ ‘සජ්ඣායනා’ වැඩසටහනට ආපු කරුණාරත්න අබේසේකරගේ පුත් දිලීප අබේසේකර ලස්සන කතාවක් කිව්වා. දිලීප කිව්වේ කවුරු විරුද්ධ වුණත් 60-70 දශකයේ තිබ්බ ජනප්‍රිය සිනමාව අපේ රටේ මිනිස්සුන්ගේ සංස්කෘතිය හදන්න විශේෂ බලපෑමක් කළා කියලයි. (Sri Lanka Latest News)

ඒ කාලයෙන් පස්සේ අද වෙනකොට පරම්පරා තුනක් විතර ගිහිල්ලා තිබ්බත් දිලීප එදා කියපු කතාව අදටත් වලංගුයි. මොකද ඒ කාලේ මිනිස්සුන්ගේ ජීවිත හදන්න, සංස්කෘතිය හදන්න ලොකු බලපෑමක් එදා තිබ්බ ජනප්‍රිය සිනමාව, ජනප්‍රිය සංගීතය සිදුකළා. විශේෂයෙන්ම එදා ජෝතිපාල, මිල්ටන් පෙරේරා, ඇන්ජලීන්, ලතා කියපු සින්දු අපේ ලේවලට කාවැදිලයි තිබ්බේ. 71 කැරැල්ලක් ආවත් 88-89 කැරැලි කෝලාහල තිබ්බත් ඒ කාලේ තිබ්බ ජනප්‍රිය සංගීතය මිනිස්සුන්ගේ හිත්වලින් අමතක වුණේ නෑ. විශේෂයෙන්ම ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම, සනත් ගුණතිලක, ජෝති, වික්ටර්, අමරදේව, ලතා, ඇන්ජලීන් විතරක් නෙවෙයි ජිප්සීස් සුනිල් පෙරේරා පවා ඒ කාලේ සමාජයට දැනෙන බලපෑමක් කරලයි තිබුණේ. විශේෂයෙන් එකම ක්ෂේත්‍රයේ කලාකරුවෝ වුණත් ඔවුන් අතර කවදාවත් තරගයක් තිබුණේ නෑ. බෙදීමක් තිබුණේ නෑ. ඔක්කොම හිටියේ ‘අපි සන්තෝසෙන් ඉන්නේ – දුක සෝකය නෑ දන්නේ – අයියා මල්ලී වාගේ අයියා මල්ලී’ කියලයි.

එදා මේ තිබුණු එකමුතුකම කඩන්න මුලින්ම වැඩ කළේ අදටත් ජීවත් වෙලා ඉන්න කුහක මහාචාර්යවරයෙක්. මොකද මේ කියන කුහක මහාචාර්යවරයා තමයි එදා පළමු වරට ප්‍රබුද්ධ – පීචං කියලා බෙදීමක් හදලා, ඒ ගැන පත්තරවල හෑලි ලියලා සිනමාවේ සහ සංගීතයේ විනාශයට පාර කැපුවේ. එදා විතරක් නෙවෙයි අදත් සමහරු මේ ගැන කෙළින් කතාකරන්න බයයි. කෙළින් පත්තරවල ලියන්නත් බයයි. එදා මුල් කාලේ අමරදේවලා ජෝතිපාලලා එක වේදිකාවේ සින්දු කිව්වා. එක චිත්‍රපටයේ සින්දු කිව්වා. එහෙම තිබ්බ එකමුතුකම ප්‍රබුද්ධ – පීචං කියන බෙදීම හදලා මේ කුහක මහාචාර්යවරයා සංගීතය මැද්දෙන් හරි කෙළින් ඉරක් ඇන්දා. ජෝතිලා, ජිප්සීස් සුනිල්ලා පීචං ගොඩට දැම්මා. අමරදේවලා, නන්දා මාලනීලා ප්‍රබුද්ධ ගොඩට දැම්මා.

එක පාරක් මේ බෙදීම ඉවසන්න බැරුව සුනිල් පෙරේරා හදපු ‘අංකල් ජොන්සන්’ සින්දුවේ එක තැනක ලිව්වා ‘ආචාර්යවරු මහාචාර්යවරු ප්‍රබුද්ධයොත් ඉන්නේ…’ කියලා. අද මේ සංගීතය මේ තරම් කඩාවැටිලා තියෙන්නේ, මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක බද්ධ වුණු කටහඬවල් නැතිවෙලා තියෙන්නේ මේ 60-70 දශකවල තිබ්බ සිනමා සංස්කෘතියයි, සංගීත සංස්කෘතියයි බිඳවට්ටපු හින්දයි.

60-70-80 දශකවලින් පස්සේ තවත් අලුත් පරම්පරාවක් ප්‍රියා සූරියසේනලා, ක්ලැරන්ස් විජේවර්ධනලා, මිල්ටන් මල්ලවාරච්චිලා, චන්දන ලියනාරච්චිලා, නාමල් උඩුගමලා, ප්‍රින්ස් උදය ප්‍රියන්තලා වගේ අයගේ ඉඳන් සුරේන්ද්‍ර පෙරේරා, ශිහාන් මිහිරංග වගේ අය දක්වා බිහිවුණා. විශේෂයෙන්ම මෑත කාලයේ සුරේන්ද්‍ර, ශිහාන් වගේ අය මිනිස්සුන්ගේ හිත්වලට කාවැදුණේ එදා හිටපු ජෝතිලගේ කටහඬවල්වලට හැඩහුරුකම් කියපු හින්දා. ඒ 70-80 දශකවල සංගීත සංස්කෘතිය උකහාගත් හින්දා.

අපි මේ ඉතිහාසය ගැන පොඩ්ඩක් මේ විදියට ලිව්වේ පහුගිය දවසක රියැලිටි වැඩසටහනකින් ඒ වගේම ළයාන්විත, ඒ වගේම ආදරේ හිතෙන එදා වගේම මිනිස්සුන්ගේ හදවත් සුවපත් කරන්න පුළුවන් කටහඬක් ඇහුණු නිසයි. ඒ කටහඬ ඇහුණේ හිරු නාලිකාවේ මේ දිනවල විකාශය වෙන ‘හිරු ස්ටාර්’ රියැලිටි වැඩසටහනේදී අශාන් කපුගෙදර කියන තරුණයා දැක්කමයි. ඒ වගේම මේක ලියන්න හිතුණෙත් මේ වගේ දක්ෂ තරුණයෙක්ගේ කටහඬක් විනාශ කරලා දායිද කියලා අපිට පොඩි බයක් දැනුණු හින්දයි. විශේෂයෙන්ම මෙතැනදී අශාන්ගේ කටහඬ හඳුනාගෙන ඔහුව ඉස්සරහට අරගෙන ආපු අමල් පෙරේරාටත්, රුවන් හෙට්ටිආරච්චිටත්, නිරෝෂා විරාජිනීටත් විශේෂ ස්තුතියක් පුදකරන්න ඕනේ. හැබැයි සමහර තැන්වලදී වැඩසටහන මෙහෙයවන සාරාංග දිසාසේකරයි, ඒ විනිශ්චය මණ්ඩලයයි හැසිරෙන විදියෙන් අශාන්ට අසාධාරණයක් වෙනවද කියලත් සැකයක් තියෙනවා. සමහරු කියනවා එහෙම ගැටුම් හදාගන්නේ වැඩසටහන උස්සගන්න කියලයි. නමුත් අපිනම් කියන්නේ වැඩසටහන උස්සගන්න කියලා අලුතෙන් බිහිවෙන මේ හඬවල් මරන්න හදන්න එපා කියලයි. ඒ හඬට බිහිවෙන්න ඉඩ දෙන්න කියලයි. මොකද මේක කලාතුරකින් බිහිවෙන, කලාතුරකින් කනට ඇහෙන, මතක හිටින හඬක්. අශාන්ගේ ඒ හඬට පුළුවන් එදා ජෝතිලා මිල්ටන්ලා කළා වගේ මිනිස්සුන්ගේ හිත් සුවපත් කරන්න. ඒ හින්දා අපට තේරෙනවා මේ පොඩි කොල්ලා තමයි ඉදිරියේදී ඊළඟ ප්‍රියා, ප්‍රින්ස්, නාමල්, ක්ලැරන්ස්, සුරේන්ද්‍ර, චාමර වීරසිංහ පරිච්ඡේදය අලුතෙන් ලියන්නේ කියලා.

ඒ වගේම මේ එක චැනල් එකකින් බිහිවෙන අලුත් හඬවල් ඒ චැනල්වලටම හිරකරන්නේ නැතුව අනෙක් චැනල්වලිනුත් මේ දක්ෂයන්ට තැන දෙන්න ඉඩ දෙන්න ඕනේ කියලයි අපි නම් කියන්නේ.

ඒ වගේම අද අපි දකිනවා චාමරලට, සුරේන්ද්‍රලට, ශිහාන්ලට පාරට බැස්සම තියෙන ජනතාවගේ ආදරය. හැබැයි වැඩේ කියන්නේ ඒවා ගැන ලියන්න කියන්න අද මේ රටේ කවුරුවත් නෑ. විචාරකයෝ නෑ. පොත් ගැන මහා පතරංග ලියන විචාරකයෝ හිටියට අලුතෙන් බිහිවෙන මේ තරුණ කලාකාරයෝ ගැන ලියන්න කියන්න කිසිම කෙනෙක් නෑ. අදටත් ඉන්නේ මේ අලුත් දක්ෂයෝ විනාශ කරන්න මාන බලන එදා හිටපු කුහක මහාචාර්යවරුන්මයි.

ඉස්සර හිටපු විචාරකයෝ මිනිස්සු හැදුවා. මිනිස්සුන්ගේ දක්ෂතා රටට කිව්වා. ඒ වගේම ඒ මිනිස්සුන්ගේ තියෙන වැරැදිත් ලිව්වා. ඒ විචාර කියවලා තමයි ඉස්සර කලාකාරයෝ තමන්ගේ චරිතය හැඩගස්වා ගත්තේ. හැබැයි අද ඉන්නේ මේවා මොනවත් පේන්නේ නැති පොට්ට විචාරකයෝ. දිලීප සිරසට ඇවිල්ලා කියපු ඒ ජනප්‍රිය සංස්කෘතිය හදන්න ඒ විචාරකයන්ට කොන්දක් නෑ. ඒ අයට මතයක් නෑ. හැබැයි ඒ කොන්ද දිලීපට තිබ්බා. ඒක දිලීපගේ තාත්තා වෙච්ච කරුණාරත්න අබේසේකරගෙන් දිලීපට ආපු එකක් වෙන්න ඕනේ. මොකද කරු අයියා කියන්නේ එදා හිටපු අංක එකේ ගීත රචකයා. කරු අයියා ලියපු හැම සින්දුවක්ම මිනිස්සුන්ගේ හිතට දැනුණා. ඇඟේ ලේවලට දැනුණා. හැබැයි අර කුහක මහාචාර්යවරුන්ට දීපු තැනවත් කරු අයියට අද දෙන්නේ නෑ. හැබැයි මිනිස්සුන්ගේ හිත්වල අදටත් ඉන්නේ මේ වගේ කුහක මහාචාර්යවරු නෙවෙයි, කරු අයියා වගේ හිත හොඳ මිනිස්සු.

එදා මිනිස්සුන්ගේ හදවතට දැනෙන විදියට සින්දු කියපු ජෝතිට යළි පණ දෙන්න සුරේන්ද්‍රට පුළුවන් වුණා. සුරේන්ද්‍රගේ හඬත් ජෝතිගේ හඬ වගේමයි. දශක ගණනාවකට පස්සේ අඩුම තරමින් ජෝතිගේ කටහඬ ළඟින් යන්නවත් ආවේ සුරේන්ද්‍ර විතරයි. හැබැයි මාධ්‍ය සුරේන්ද්‍රට ඒ තැන දුන්නේ නෑ. මාධ්‍ය සුරේන්ද්‍රට ඒ තැන දුන්නා නම් අදටත් ජනතාවගේ වීරයා වෙලා ඉන්නේ සුරේන්ද්‍ර.

ඒ වගේම සුරේන්ද්‍ර කරළියට ආපු සිරස සුපර් ස්ටාර් තරගයේදී හැමෝම හිතුවේ සුරේන්ද්‍ර ජයග්‍රහණය ක රයි කියලා. හැබැයි සුරේන්ද්‍ර දිනන්න ඔන්න මෙන්න තියෙද්දී තමයි දොස්තර මහත්තයෙක් වෙච්ච ප්‍රදීප් රංගන කවුරුත් නොහිතපු විදියට සිරස සුපර් ස්ටාර් වුණේ. ඒ වගේම ශිහාන් මිහිරංග ආපු වෙලාවෙත් හැමෝම හිතුවේ ශිහාන් සුපර් ස්ටාර් වෙයි කියලයි. හැබැයි කවුරුත් නොහිතපු විදියට අන්තිම පස්දෙනාගේ තරගෙන් ශිහාන්ව එළියට වීසි වුණා. එවර සුපර් ස්ටාර් වුණේ කුරුණෑගලින් ආපු අජිත් බණ්ඩාර. එහෙම වුණත් ශිහාන් තමන්ගේ හයියෙන් ක්ෂේත්‍රයේ පය ගහලා ඉන්නවා. ඒ නිසා අපිට රසිකයන්ට කියන්න තියෙන්නෙත් කාලෙකට පස්සේ ආපු මේ හිතට දැනෙන සුපිරි හඬ රැකගන්න කියලයි. ඒ හඬට ඉස්සරහට එන්න ඉඩ දෙන්න කියලයි. මාධ්‍යයක් විදියට අපට කරන්න පුළුවන් එකම දේ තමයි මේ විදියට කුහකකමක් නැතුව මේ කොල්ලගේ ගමනට ඉඩ හදලා දෙන එක. අපි එහෙම කරන්නේ අඩුම තරමේ මේ කොල්ලා ගැන දැනගෙනවත් නෙවෙයි. මේ කොල්ලගේ පවුල් පසුබිම ගැන දැනගෙනවත් නෙවෙයි. මේ කොල්ලා එක්ක වචනයක්වත් කතා කරලත් නෙවෙයි. හැබැයි අපිට දැනෙනවා මේ කොල්ලත් සුරේන්ද්‍ර, ශිහාන් වගේ ලොකු ගමනක් යන එකෙක් කියලා. ඒ හින්දා අපි කියන්නේ බය නැතුව මේ කොල්ලා ගැන කතාකරපල්ලා, විචාර ලියපල්ලා, මේ කොල්ලව උස්සපල්ලා කියලා විතරයි. මේ කොල්ලව උස්සලා හිරු ස්ටාර් වෙනකන් ඉස්සරහට අරන් පලයල්ලා කියලා විතරයි.

SendShareShare
Previous Post

අමිතාබ් බච්චන්ලා – ෂාරුක් ඛාන්ලා – දීපිකා පදුකෝන්ලා – රන්බීර් සිංලා ලංකාවට අරන් එනවා! රාජසිංහ රජ්ජුරුවන්ගේ ඓතිහාසික කෑම වට්ටෝරුවත් හොයාගෙන! තරු හතක් උඩ උස්සලා ලංකාව ගොඩදාන්න හදන පුංචි මිනිහා! අනුරලා – විජිතලා මේ ඉල්ලමට පයින් ගහයිද? Sri Lanka Latest News

Next Post

මේක දැක්කම නම් ඇත්තටම ඇඬෙනවා! අඬලා හරියන්නේ නෑ හිස නමා ආචාර කරමු ! Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.