• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේක දැක්කම නම් ඇත්තටම ඇඬෙනවා! අඬලා හරියන්නේ නෑ හිස නමා ආචාර කරමු ! Sri Lanka Latest News

December 14, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
මේක දැක්කම නම් ඇත්තටම ඇඬෙනවා! අඬලා හරියන්නේ නෑ හිස නමා ආචාර කරමු ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘කතඤ්`ක්‍දු කතවේදී පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං’ ඒ දහම් පාඨයෙන් බුදුරජාණන්වහන්සේ දේශනා කළේ කළගුණ දන්නා, කළගුණ සිහිකරනා පුද්ගලයා ලෝකයෙහි දුර්ලභ බවයි. අපිව පෝෂණය කරපු, දුෂ්කර මොහොතක අතදීපු, අසරණ වෙලාවේ පිහිටවුණු හැම කෙනකු ගැනම අපේ හිතේ කෘතවේදී බවක් තියෙන්න ඕනේ. ඒක උතුම් මානුෂික ගුණයක්. (Sri Lanka Latest News)

රියලිටි ප්‍රසංගවල අපි දැකලා තියනවා සමහර තරගකරුවෝ වේදිකාවට අත තියලා වැඳලා යනවා. ගොවිතැන් කරද්දී ගොවියෝ උදැල්ලට වඳිනවා. අම්මා බත්මුට්ටිය ළිපට තියලා වඳිනවා. පුංචි කාලේ පොතක් බිමට වැටුණොත් අපේ වැඩහිටියෝ අපිට කියලා දීලා තියෙන්නේ ඒ පොතට වැඳලා අතට ගන්න කියලා. මොකද අපේ අනාගතයට ඒක ආශීර්වාදයක් වෙන නිසා. ඒ වගේම මේ කෘතවේදීත්වය කියන ගුණධර්මය ගැන අනන්ත අප්‍රමාණ උදාහරණ අපි දැකලා තියෙනවා. අද අපි ඔබට කියන්නේ රෝගීන් දහස් ගානකට ජීවිතය දුන්න සී.ටී. ස්කෑන් යන්ත්‍රයකට කෘතගුණ දැක්වූ පිරිසක් ගැන කතාවක්.

වසර ගණනක් තිස්සේ රෝගීන් සුවපත් කරන්නට උපකාර කළ සී.ටී. ස්කෑන් යන්ත්‍රය ගලවා ඉවත් කරන එක මහනුවර ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට දරාගන්න බැරිවුණා. ඔවුන් හදවතින් හඬා වැටුණා. ඒක නිසාම ඒ යන්ත්‍රයට කෘතගුණ දක්වන්න ඔවුන් අමතක කළේ නැහැ. අවුරුදු ගණනක් මේ යන්ත්‍රය සමග ගනුදෙනු කළ වෛද්‍යවරු ඇතුළු රෝහල් සේවකයන් ඒ වෙනුවෙන් පුංචි උත්සවයක් සංවිධාන කරලා තිබුණා.

මේ සී.ටී. ස්කෑන් යන්ත්‍රය වසර ගණනක් පුරා රෝගීන් ලක්ෂ 6කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර ඇති බවයි රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කර තිබුණේ. දිනකට ස්කෑන් පරීක්ෂණ 100කට ආසන්න ප්‍රමාණයක් එමගින් සිදුකර තිබුණා. එවැනි මෙහෙවරක් අපේ රටේ රෝගී ජනතාව වෙනුවෙන් සිදුකරපු මේ යන්ත්‍රය එදින සුදු ඇතිරිල්ලකින් වසා රෝසමල් ඇතුළු විවිධ මල්වලින් පුරවා උපහාර දක්වන්නටයි රෝහල් කාර්යමණ්ඩලය කටයුතු කළේ. ඒ, එම යන්ත්‍රය ලබාදුන් මාහැඟි සේවයට ගෞරවයක්, කෘතගුණ දැක්වීමක් වශයෙන්. ඒ සියලු උපහාර දැක්වීම් සිදුකළේ යන්ත්‍රය ගලවා ඉවත් කරන්නට ප්‍රථමවයි. ඒ වගේම යන්ත්‍රයේ ප්‍රයෝජනයට ගතහැකි කොටස් වෙනත් රෝහල්වලට ලබාදීමටද රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණා.
මහනුවර ජාතික රෝහලේ විකිරණ අංශයේ ප්‍රධානී වෛද්‍ය සුගත් දිසානායක මහතාගේ අධීක්ෂණයෙන් විකිරණ ශිල්පී තිස්ස තෙන්නකොන් මහතා මෙම යන්ත්‍රය වසර ගණනක් රැකබලාගනු ලැබුවා. රෝග විනිශ්චය කිරීමේදී පමණක් නොව වෛද්‍ය පුහුණුව ලබාදීමේදී ද මෙම යන්ත්‍රය අතිශය වැදගත් කාර්ය භාරයක් ඉටුකරනු ලැබ තිබුණා.

මහනුවර ජාතික රෝහලේ විකිරණ අංශයේ විශේෂඥ වෛද්‍ය ගංගානාත් රොද්‍රිගු මහතා පෙන්වා දුන් පරිදි මෙවැනි කෘතවේදී සමුගැනීමක් තුළින් කෘතවේදී සමාජයක් බිහිකිරීමට යම් දායකත්වයක් සැපයෙනවා. මෙම සමුගැනීමේ අවස්ථාවේදී ඔහු මෙලෙස අදහස් දක්වා සිටියා.

‘අපේ විකිරණ අංශයේ දීර්ඝ කාලයක් එක යුගයක් ආවරණය කළ වැදගත් යන්ත්‍රයක් අප ගලවා ඉවත් කරන්නට යනකොට අපිට පොඩි අදහසක් ආවා පොඩි දැනීමක් රිදුමක් හදවතට වේදනාවක් අපිට දැනුණා. ඒ නිසා අපි මොනවා හරි කරන්න ඕනේ කියන අදහස අපිට ආවා. මේ අදහස මම ඉස්සෙල්ලාම කිව්වේ රණසිංහ මහතාටයි. ඔහු කිව්වේ අපි හම්බකරගෙන කන්නේ මේවා හින්දා, අපි පවුල් සුරක්ෂා කරන්නේ මේ හින්දායි කියලා. මම හෙද නිලධාරිනියකට මේ බව කිව්වාම එයාගේ ඇස්වලට කඳුළු ආවා. මට තේරුණා එයාට එක පාරට කියවුණේ පව් නේද සර් කියලා. අපි ගෙදරක වාහනයක් පාවිච්චි කළත් කාලයක් යනකොට ඒ වාහනය අපේ ගෙදර කෙනෙක් වගේ වෙනවා. අපි ඒකට බැඳෙනවා. අපි විකුණන දවසට ඒක බදාගෙන අඬන එකක් නැහැ. නමුත් අපිට යම්කිසි වේදනාවක් තියෙනවා. ඒකට අපි කියයි අපි මේ වාහනයෙන් තමයි දරුවා ඉස්පිරිතාලේ ඉඳලා ගෙනාවේ කියලා. එහෙම නැත්නම් තව කවුරු හරි කියයි අපිට කවදාවත් මගදී කරදරයක් දීලා නැහැ ආදී වශයෙන්. ඉතින් නොදැනුවත්වම ඒ කෙරෙහි කෘතඥතාවයක් අපේ හදවත් තුළ ගොඩනැගෙනවා…’

‘අපි මේ යන්ත්‍රයෙන් 2006 වර්ෂයේ සිට අවුරුදු 18ක් පුරා වැඩගත්තා. 2019 ඊළඟ සී.ටී. යන්ත්‍රය එනකල් අපිට තිබුණු එකම ස්කෑන් යන්ත්‍රය මේ 16 ිකසජැ ක්‍ඔ යන්ත්‍රය. මෙතැනින් එහා ලංකාවේ කොහෙවත් තිබුණෙත් නැහැ. මේකෙන් රෝගීන්ට කරපු සේවය මෙතකැයි කියලා නිමකරන්න බැහැ. සංඛ්‍යාවක් ගණනය කරන්න බැහැ. රෝග හොයලා දීලා රෝගීන්ට ප්‍රතිකාර කරන්න උදවු දීලා අතිවිශාල සේවයක් මේ යන්ත්‍රයෙන් අපි ලබාගත්තා. මෙකෙන් රේඩියෝ ග්‍රැෆර්ස්ලා පුහුණුවීම් කරලා විශාල සංඛ්‍යාවක් රටට දායාද කළා. එයාලා වෙන රෝහල්වල ලංකාව පුරා සේවය කරනවා. සමහර අය පිටරට ගිහිල්ලා. ඒ වගේම වෛද්‍යවරු විකිරණ විද්‍යා විශේෂඥ වෛද්‍යවරු වෙන්න පුහුණු වෙන්න ආවා. 2006 වසරේ සිට 2019 වසර දක්වා දීර්ඝ කාලයක් පුරා වෛද්‍යවරු පුහුණු වුණේ මෙම යන්ත්‍රයෙන්. ඒ වෛද්‍යවරු ලංකාව පුරා සේවය කරනවා. ඔස්ටේ්‍රලියාව, එංගලන්තය වගේ රටවලටත් ගිහින් ලෝකයට සේවයක් කරනවා. ඒ ඔක්කොම ඉගෙන ගත්තේ මේ යන්ත්‍රයෙන්…’

ඇත්තෙන්ම අපිට සී.ටී. ස්කෑන් පරීක්ෂණයක් කරගෙන එන්න කියලා වෛද්‍යවරු කිව්වාම බොහෝ දෙනෙක් බියට පත්වෙනවා. මොකද යන්ත්‍රය තුළට හිස ඇතුළු කරනකොට යම් බියක් දැනෙනවා. නමුත් ඒ යන්ත්‍රයෙන් රෝගයක් නිශ්චය කරගන්න දක්වන දායකත්වය කියලා නිමකරන්න බැහැ. ඒ සී.ටී. ස්කෑන් යන්ත්‍රයෙන් බොහෝ ජීවිතවලට තව දවසක්, සතියක්, මාසයක්, අවුරුද්දක්, අවුරුදු ගණනාවක් ජීවත් වෙන්නට බලාපොරොත්තු සිහින ඇතිකළා.
වසර 18ක් කියන්නේ ඉතා කෙටි කාලයක් නෙවෙයි. ඒ කාලයේදී මේ යන්ත්‍රය විසින් බොහෝ රෝගීන්ගේ නිධන්ගත රෝග සොයා දුන්නා. මෙවැනි යන්ත්‍ර අදටත් ලංකාවේ රෝහල්වල තියෙන්නේ සීමිත ප්‍රමාණයක් පමණයි. ඒකට හේතුව එම යන්ත්‍රයක් රුපියල් මිලියන ගණනක් වටිනා නිසයි.

දශක දෙකකට විතර කලින් විවිධ අවස්ථාවල වෛද්‍යවරු නිර්දේශ කළ සී.ටී. ස්කෑන් පරීක්ෂණ කරගැනීමට නොහැකිව බොහෝ රෝගීන් මැසිවිලි නැගුවා. ඔවුන් ඒ නිසාම අසරණභාවයට පත්වුණා. මුදල් යහමින් තිබෙන මිනිස්සු පෞද්ගලික රෝහල්වලට ගිහින් හරි ඒ පරීක්ෂණය කරගත්තත් මුදල් නැති අසරණ රෝගීන් පරීක්ෂණ කරගැනීමට නොහැකිව මියැදුණා. ඒ නිසාම ඒ කාලේ මෙම යන්ත්‍රය සොයා රෝගීන් දහස් ගණනක් මහනුවර ජාතික රෝහල වෙත ඇදී එන්න වුණා. මේ යන්ත්‍රය නිසා ජීවිතය බේරාගත් දහස් ගණනක් දෙනා අද සුවපත් වෙලා යහපත් ජීවිත ගතකරනවා ඇති. ඔවුන්ගේ සුවපත්භාවයට මේ යන්ත්‍රය හේතු වූ බවට ඔවුන් මේ මොහොතෙත් සාක්ෂි සපයනවා ඇති. කෘතගුණ දක්වනවා ඇති.

බොහෝ රෝහල්වල දිනකට සී.ටී. ස්කෑන් පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් සිදුකරනවා. නමුත් ඇතැම් ග්‍රාමීය රෝහල්වල ස්කෑන් යන්ත්‍ර නොමැතිකමින් රෝගීන් අසරණභාවයට පත්වෙනවා. උදාහරණයක් ලෙස කොළඹ ජාතික රෝහල, මහරගම අපේක්ෂා රෝහල ආදී ප්‍රධාන රෝහල්වල සී.ටී. ස්කෑන් පරීක්ෂණයක් සිදුකරගැනීමට රෝගීන්ට පොරොත්තු ලේඛනයේ දිගු කාලයක් බලාසිටින්නට සිදුවෙනවා. මේ හේතුවෙන් බරපතළ තත්ත්වයේ පසුවන ඇතැම් රෝගීන් රෝග නිශ්චය කරගැනීමට නොහැකිව මියයන අවස්ථාද නැතුවාම නොවෙයි.

මහනුවර ජාතික රෝහලේ මේ අපූරු සමුගැනීමේ උත්සවය දකින ඇතැමුන් එය සමච්චලයට ලක්කරනවා. නමුත් අවුරුදු ගණනක් රෝගීන්ගේ රෝග නිශ්චය කර තව දවසක් හෝ ජීවත්වීමේ බලාපොරොත්තු සිහින ඔවුන්ගේ හදවත් තුළ දැල්වූ මේ සී.ටී. ස්කෑන් යන්ත්‍රයේ වටිනාකම දන්නා කිසිවෙක්, එය සිනාවට ලක්කරන්නේ නැති බව නම් විශ්වාසයි. හදවත ලස්සන, කෙළෙහිගුණ දන්නා මිනිස්සු මේ සමුගැනීම හදවතින්ම අගයනවා.

සිදුහත් තවුසාට බුද්ධත්වයට පත්වෙන්න සෙවණ දුන් බෝධියට කෘතගුණ දැක්වූවා. කෘතගුණ දැක්වීම ඒ තරම් උතුම් කාරණාවක් බවට තවත් සාක්ෂි අවශ්‍ය නැහැ. ඒ නිසා, මේ මිහිපිට කවුරු හෝ හොඳ දෙයක්, යහපත් දෙයක් අපි වෙනුවෙන්, අනෙකා වෙනුවෙන් කළොත් අපේ හදවත්වල ඒ උපකාරය දිවි ඇතිතෙක් තබාගත යුතුයි. මැකී යන්නට නොදී තබාගත යුතුයි.

ඒත්, මහනුවර ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය සිදුකළ මේ ක්‍රියාව දැකපු ඇතැමුන් කියලා තිබුණා මොකටද මැෂින් එකකට වඳින්නේ කියලා. නමුත් සිත්පිත් නැති යන්ත්‍ර සූත්‍රවලට වඳින්නේ අපේ රටේ විතරක් නෙවෙයි. ජපානය වගේ දියුණු රටවලත් යන්ත්‍ර සූත්‍රවලට වඳිනවා. මේ යකඩ ගොඩ වුණත් ජීවිත කීයක් මරණයෙන් ගලවන්න ඇද්ද? ජීවිත කීයකට නම් ජීවය දෙන්න ඇද්ද?

අද බොහෝ අම්මලා තාත්තලා මහලු නිවාසවල සුසුම් හෙළන්නේ තම දරුවන්ගේ කෘතගුණ නොදන්නාකම හින්දයි. ඒ වගේ අකෘතඥ දරුවන්ටත් මෙවැනි ක්‍රියාවන් තුළින් ආදර්ශයක් ගෙනදෙනවා.

මේ සමුගැනීමේ අවස්ථාවේදී යන්ත්‍රය අසල ප්‍රදර්ශනය කර තිබූ බැනරයක මෙවැන්නක් සටහන් කර තිබුණා.

‘සමුගන්නට අවසරයි…

වසර 15ක් ඉක්මවූ කාලයක් පුරා
ලක්ෂ සංඛ්‍යාත රෝගීන් වෙනුවෙන් කරන ලද
මිල කළ නොහැකි සේවයට ස්තුතියි…

අතිර බව තිර නමුදු
සියලු දෙය උපදිනා
වෙන්වීම දුකක් වී
හද පත්ල රිදවනා
සුව පිණිස එළිය ලද
සහස් සුවහස් දනා
තෙත් නෙතින් තුති පුදට
අප සමග එක්වනා….

සිරුරු තුළ සැඟවගත්
රෝග නිදහන් සොයා
දිවා රෑ කළ මෙහෙය
වෙහෙස පසෙකින් තියා
කෙලෙස අමතක කරමු
ගුණ නොදත් උන් නියා
ඉතින් අප සමුගනිමු
මතක ළය තුළ තියා….’

කෘතවේදීත්වය නොහඳුනන අද සමාජයට මේ සිදුවීම කදිම පාඩමක් ගෙන දුන්නා. හුස්ම වැටුණ යන්ත්‍රයක් හුස්ම දැනුණ යන්ත්‍රයක් ජීවීද අජීවීද කියන එකට එහා උතුරා ගිය මනුස්සකම් යකඩ ගොඩට වඳින්න තරම් මානව දයාවෙන් පිරුණු කාර්ය මණ්ඩලයක් දැකීමත් සතුටක් ගෙනදුන්නා. අද සමාජයේ මිනිස්සු තමන්ගේ ආදරණීයන්ටවත් ආදරය දෙන්නේ නැති කාලයක මෙවැනි කෘතගුණ දැක්වීමක් දකින්න ලැබීමත් සතුටක්. මෙවැනි පිරුණු හදවත් ඇති රෝහල් කාර්ය මණ්ඩලයකට හිස නමා ආචාර කළ යුතුයි. මෙවැනි මිනිසුන් තමයි මේ ලෝකය ලස්සන කරන්නේ. ඒ නිසාම මේ ආදරණීය සිදුවීම, සතා සිවුපාවාට ගහට කොළට තමන් සේවය කරන තැනට කෘතගුණ දක්වන ගුණධර්මවලින් පිරුණු සමාජයක් බිහිවීමට පිටිවහලක් වේවා. සුවහසක් රෝගී ජනතාවට අනුපමේය සේවාවක් ලබාදුන් මේ සී.ටී. ස්කෑන් යන්ත්‍රයට ‘මව්රට’ අපිත් ස්තුතිපූර්වකව හිසනමා ආචාර කරමු….

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

හෙම්බත් වෙලා ඉන්න ජනතාව සුවපත් කරන්න පුළුවන් ලස්සන තරුවක් පායන්නයි යන්නේ! ඒ තරුව පායන්න ඉඩ දෙන්න…! අමල් – නිරෝෂා – රුවන් – සාරංග පිස්සු නම් කෙළින්න එපා…! Sri Lanka Latest News

Next Post

ආසියාවේ වැඩිම රාජ්‍ය සේවකයෝ ඉන්නේ ශ්‍රී ලංකාවේ..! බිලියන 1.2ක මිනිස්සු ඉන්න ඉන්දියාවෙත් 9%යි! බංග්ලාදේශයේ 5%යි! I Sri Lanka Latest News

MORE NEWS

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.