නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන කළමනාකරණය කිරීම සදහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.
නැගෙනහිර පළාතේ පුරා විද්‍යා ස්ථාන විනාශ වී ගොස් ඇති බවට කාලයක් තිස්සේ ලැබුණු පැමිණිලිවලින් පසුව එම ස්ථානයන් ආරක්ෂා කිරීම සදහා ජනාධිපතිවරයා මෙම පියවර ගෙන තිබේ.
මෙම කාර්ය සාධක බළකායට පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමි, උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පනාමුරේ තිලකවංශ හිමි, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක, ඉඩම් කොමසාරිස් ජෙනාරාල් චන්ද්‍රා හේරත් මහත්මිය, මිනුම්පති ඒ.එල්.එස්.සී. පෙරේරා, මහාචාර්ය රාජ් කුමාර් සෝමදේව, මහාචාර්ය කපිල ගුණවර්ධන, බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නැගෙනහිර පළාතේ ඉඩම් කොමසාරිස් එච්.ඊ.එම්.ඩබ්ලිව්.ජී. දිසානායක සහ කෝටිපති ව්‍යාපාරික සහ දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති ජයවීර මහතාද ඇතුළත්ය.
නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන හදුනාගැනීම, ඒවා සංරක්ෂණය කිරීම සදහා වැඩසටහන් සකස් කිරීම ඇතුළු කාර්යයන් ගණනාවක් මෙම කාර්ය සාධක බළකායට පවරා තිබේ.










