රට තුළ විශාල ව්‍යසනයක් බවට පත්ව ඇති රිලා උවදුර තුරන් කිරීම සඳහා ස්ථීරසාර විසඳුමක් ලෙස රිලවුන් වන්ද්‍යකරණය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (12) මාතලේ, ඉහළ හරස්ගම ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණා. (Sri Lanka Latest News)
මෙම නියමු ව්‍යාපෘති සඳහා රජය රුපියල් මිලියන 4.5ක මුදලක් වැය කරනු ලබන අතර, ඉදිරියේදී රට පුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මාතලේ දිස්ත්‍රික්කය තුළ උගුල් කූඩු යොදා අල්ලා ගනු ලබන රිලවුන් ගිරිතලේ සත්ව සුරැකුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් වන්ද්‍යකරණය සිදුකර නැවත ඔවුන් අල්ලාගත් ප්‍රදේශයටමුදා හැරීම සිදුකරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.