• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නීතිවිරෝධී කතාවක්! ලාල්කාන්තගේ ‘රිලා’ කතාවට එරෙහිව තවත් ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

December 9, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
අරගලය අලුත් විදිහකින් එන විදිහ ලාල්කාන්ත පෙන්නයි! ගෙදර යන්නෙ නැති අයට ගෙදර යන්න වෙන විදිහත් අනාවැකියක් වගේ කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

වගාවන්ට හානි කරන වන සතුන් සම්බන්ධයෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ගොවීන්ට අයිතියක් ඇතැයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් කරන ලද ප්‍රකාශයට ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර මහතා දැඩි විරෝධය පළ කරයි.Sri Lanka Latest News

නිවේදනයක් නිකුත් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයෙන් ගොවීන් නීති විරෝධී ක්‍රියා සඳහා පොළඹවන බවය.

සජීව චාමිකර ආසන්න කාල වකවානුවේ ජාතික ජන බලවේගයට ඉතා සමීපව කටයුතු කළ අතර දේශපාලන වේදිකාවේදී ද අවස්ථා කිහිපයක දක්නට ලැබිණි.

ඔහු විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය.

ඇමැති ලාල්කාන්ත ගොවීන් ව නීති විරෝධී ක්‍රියා සඳහා පොළඹවයි

වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමේ දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් ම නීති විරෝධී ප්‍රකාශයකි. මෙවන් ප්‍රකාශ ව්‍යවස්ථාදායකය තුළ සිට ප්‍රකාශ කිරීමෙන් පෙනී යන්නේ වත්මන් ආණ්ඩුව ජනතාව සමඟ සම්මුති ගත වූ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන ශිෂ්ඨසම්පන්න පුරවැසියෙක්, දියුණු මානව සම්පතක් මෙන් ම නීතියේ ආධිපත්‍යය සුරකින සමාජයක් ගොඩනැගීම ආණ්ඩුවේ අමාත්‍යවරුන් විසින් ම බිඳ දමන බව ය. මීට ප්‍රථම බලයට පත් වූ ජාවාරම්කාරී, ඒකාධිපති ආණ්ඩු පරාජය කර ප්‍රගතිශීලී ආණ්ඩුවක් ගොඩනැගීමට ජනතාව සතු ව්‍යවස්ථාදායක බලය බහුතර ජනතාවක් වත්මන් ආණ්ඩුවට ලබා දුන්නේ ජනතාව සමඟ ඇති කර ගන්නා සම්මුති කෙටි කලකින් බිඳ දමන ආණ්ඩුවක් ගොඩනැගීමට නොවන බව ද ඔවුන් අවබෝධ කර ගත යුතු ය.

වනජීවී ආඥාපනත උල්ලංඝනය කිරීම

2022 අංක 07 දරන පනතින් අවසන්වරට සංශෝධිත 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 53අ උප වගන්තියට අනුව වන සතෙකු මැරීම හෝ මත් කිරීම සඳහා වස හෝ පුපුරණ ද්‍රව්‍ය හෝ මත් කිරීමේ ද්‍රව්‍ය භාවිත කිරීම නීති විරෝධී වේ. පනතේ 52 වගන්තියට අනුව කෘත්‍රිම ආලෝකය භාවිත කර වන සතෙකු ගේ පෙනීම මුලා කිරීමෙන් හෝ සතා ඇද ගැනීමට සැලැස්වීමෙන් හෝ අල්ලා ගැනීමට පහසු කිරීම සඳහා ක්‍රියා කිරීම ද නීති විරෝධී වෙයි. එපමණක් නොව පනතේ 52ආ උප වගන්තියට අනුව සතෙකු අල්ලා ගැනීම සඳහා පෙළැඹවීම හා ආකර්ෂණය කර ගැනීමට ආහාර වර්ග, සුවඳ වර්ග, වර්ණයන් හෝ වෙනත් ද්‍රව්‍යක් හෝ උපකරණයක් භාවිතා කිරීම ද නීති විරෝධී ක්‍රියාවකි. පනතේ 53ආ උප වගන්තියට අනුව වස හෝ පුපුරණ ද්‍රව්‍ය හෝ මත් කිරීමේ ද්‍රව්‍ය මගින් මරණු ලැබූ හෝ අල්ලාගනු ලැබූ සතෙකු සන්තකයේ තබා ගැනීම ද තහනම් වේ. මෙවන් නීති විරෝධී ක්‍රියාවකට වරදකරුවකු වන අයෙකු පනතේ 58 වගන්තියට අනුව රුපියල් 15,000 ත් 30,000 ත් අතර දඩයකට හෝ වසර 1 ත් 2 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. මීට අමතර ව විශේෂිත කරුණක් වන්නේ පනතේ 59 වන වගන්තියට අනුව මෙවන් නීති විරෝධී ක්‍රියාවක් සිදු කිරීමට තැත් කරන හෝ වරදක් සිදු කිරීමට අනුබල දෙන ඕනෑ ම තැනැත්තෙකු ඒ වරද ම සිදු කරන අතර එම දඩුවමට ම ලක් කළ හැකි වීම ය.

ඒ අනුව ලාල්කාන්ත අමාත්‍යවරයා සඳහන් කරන පරිදි පෞද්ගලික වගා බිමකට පැමිණෙන වන සතුන් ව වෙනත් වගා පළිබෝධකයන් පාලනය කරන ආකාරයෙන් ම පාලනය කිරීමට ක්‍රියාමාර්ග ගතහොත් හෝ එසේ මරණ ලද හෝ අල්ලා ගනු ලැබූ සතෙකු සන්තකයේ තබා ගත හොත් සිදු වන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව දඩුවම් ලැබීමට ය. මේ නිසා මෙම අමාත්‍යවරයා ගොවීන් නීති විරෝධී ක්‍රියාවලට පෙළැඹවීම ද සිදු කර ඇත. මේ නිසා වන සත්ත්ව හා වෘත්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 59 වන වගන්තියට අනුව ලාල්කාන්ත අමාත්‍යවරයාට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කළ හැකි ය. නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවන බවට ඇති නීතියේ ආප්ත ලාල්කාන්ත අමාත්‍යවරයාට ද අදාළ බව අවධාරණය කළ යුතු ය. එපමණක් නොව අමාත්‍යවරයා ගොවීන්ට වැරදි මඟ පෙන්වීම තුළින් සිදු කර ඇත්තේ විශාල අසාධාරණයකි.

වන සතුන් වගා බිම්වලට පැමිණීමේ හේතු

වගා හානි කරන වන සතුන් සිටින බව නීතියෙන් පමණක් නොව අප ද දන්නා කරුණකි. එපමණක් නොව එවන් තත්ත්වයට වන සතුන් පරිවර්තනය වීමට හේතු සාදක වූ කරුණු ද අප දන්නෙමු. වන සතුන් වගා හානි කරන තත්ත්වයට පරිවර්ථනය වූයේ ද අප ගේ වැරදි ක්‍රියා මාර්ග හේතුවෙනි. ස්වාභාවික පරිසර පද්ධති විනාශය හා ඒවා ඛණ්ඩනය කරමින් ජනාවාස, වාණිජ වගා බිම් හා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, වන සතුන් ගේ වාසස්ථාන හෝ ආහාර බිම් නොවන ඇකේසියා, පයිනස්, යුකැලිප්ටස්, තේක්ක වැනි වන වගාවන් ඇති කිරීම මෙන් ම ඒක භෝග වාණිජ වගාවන් ලෙස තේ, රබර්, කටුපොල්, උක් හා බඩඉරිගු වැනි වගාවන් ව්‍යාප්ත කිරීම සහ වන සතුන් ගේ වාසස්ථාන තුළ එම සතුන්ට වාසස්ථාන හා ආහාර නොවන ආක්‍රමණික ශාක ලෙස යෝධ නිදිකුම්බා, ගඳපාන, ගිනිතණ, කටුපතොක්, කහදියපර, කලපු අන්දර, කටු උණ වැනි ශාක ව්‍යාප්ත වීම වැනි තත්ත්වයන් රිලවුන්, දඩුලේනන්, ඉත්තෑවන්, වල් ඌරන් හා මොනරුන් ගේ වාසස්ථාන හා ගොදුරු බිම් අහිමි වී වගා බිම්වලට පැමිණ වගා හානි සිදු කරන තත්ත්වයට පත් වීමට හේතු සාදක වී ඇත. මීට අමතර ව ස්වාභාවික වාසස්ථාන සීමා වීම හා ඛණ්ඩනය වීම නිසා මෙම සතුන් ගේ ස්වාභාවික විලෝපිකයන් සීමා වීමෙන් මෙම සතුන් ගේ ගහනයන් වර්ධනය වීම සිදු වේ.

ආරක්ෂිත නොවන වන සතුන්

මේ නිසා ම වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 30 වන වගන්තියට අනුව පළමු වන උප ලේඛනයේ සහ 31 වන වගන්තියට අනුව තුන් වන උප ලේඛනය යටතේ ආරක්ෂිත නොවන ක්ෂීරපායී සතුන් හා ආරක්ෂිත නොවන පක්ෂීන් නම් කර ඇත. පළමු උප ලේඛණය යටතේ ක්ෂීරපායී සතුන් පස්දෙනෙකු ආරක්ෂිත නොවන සතුන් ලෙස නම් කර ඇත. ඊට හේතු ව මෙම සතුන් වගා හානි කරන සතුන් ලෙස සැලැකීම ය. රිලවා, අළු වදුරා, වල් ඌරා, ඉත්තෑවා, හාවා ආරක්ෂිත නොවන ක්ෂිරපායී සතුන් වේ. තුන්වන උප ලේඛණයට අනුව ආරක්ෂිත නොවන පක්ෂීන් වන්නේ රෑන ගිරවා, කොළඹ කපුටා, ගං කපුටා, තිත් වී කුරුල්ලා සහ පිට සුදු වී කුරුල්ලා ය.

මෙම ආරක්ෂිත නොවන සතුන් අනාරක්ෂිත වන්නේ පෞද්ගලික වගා බිමක දී පමණි. නමුත් එම සතුන් වෙනත් වගා පළිබෝධකයන් පාලනය කරන ආකාරයෙන් කිසිදු උපකරණයක් හෝ රසායනික හෝ විදුලි සැර යොදා හෝ මදු තැබීමෙන් හෝ පාලනය කළ නොහැකි ය. නීතියට අනුව එම සතුන් පාලනය කළ හැකි වන්නේ බලපත්‍ර සහිත ගිනි අවියකින් පමණි.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ඉදිරියේ දී සංශෝධනය කර ආරක්ෂිත නොවන ක්ෂීරපායී ලේඛණයේ ඇතුළත් වගා හානි සිදු කිරීමට වැඩි දායකත්වයක් ලබා නොදෙන අළු වදුරා හා හාවා ඉවත් කර ඒ වෙනුවට දඩුලේනා සහ අනාරක්ෂිත පක්ෂි ලේඛණයේ කොළඹ කපුටා, ගං කපුටා හා පිට සුදු වී කුරුල්ලා ඉවත් කර ඒ වෙනුවට මොණරා ඇතුළත් කිරීමට පියවර ගත යුතු වන්නේ වගා හානි සිදු කිරීමට දායක වන සතුන් පමණක් එම ලේඛණවලට ඇතුළත් වීම ප්‍රමාණවත් වන නිසා ය.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නැති කිරීම

වත්මන් ආණ්ඩුවේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිරසර ජෛව ලෝකයක්, සදාහරිත ජීවිතයක් කොටසෙහි සඳහන් කර ඇත්තේ සියලූ ම ජීවීන් ගේ පැවැත්ම තහවුරු කෙරෙන තිරසර පරිසරයක් දැක්ම කොට ගෙන ජාතික ජන බලවේගය ක්‍රියාත්මක වන බව ය. එපමණක් නොව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙන් ම ජාතික ජන බලවේගය ජනතාව සමඟ සම්මුති ගත වූ “මිහිකත, ඔබ, අප, මතු පරපුරේ ද උරුමය වෙනුවෙන්” වන පරිසර ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද සඳහන් කර ඇත්තේ මොනරුන්, රිලවුන්, දඩුලේනන් වැනි වගාවන්ට හානි පමුණුවන වන සතුන් ගේ වර්ධනය පිළිබඳ ව නිවැරදි අධ්‍යයනයක් සිදු කර ජීව විද්‍යාත්මක ක්‍රමවේදයක් මගින් ගහනය පාලනය කිරීමට පියවර ගන්නා බව ය. නමුත් ලාල්කාන්ත අමාත්‍යවරයා ගේ ප්‍රකාශයත් සමඟ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන මීට ප්‍රථම පැවති ආණ්ඩුවල ප්‍රතිපත්තිවලට සිදු වූ ආකාරයෙන් ම ලේඛණවලට පමණක් සීමා වන බව පෙනෙන්නට තිබේ. එය පෙර පැවති ආණ්ඩු මෙන් ම වත්මන් ආණ්ඩුව ද ජනවරමට පිටතින් කටයුතු කිරීමකි.

ගොවිතැනේ සැබෑ අභියෝග මඟහැරීම

ගොවීන් වගා කටයුතුවල දී මුහුණ පා ඇති ප්‍රධාන අභියෝගයන් ලෙස කෘෂි රසායනික හා බීජ නිෂ්පාදන සමාගම්වල ග්‍රහණයට නතු වීම, ජල අර්බුද, ගොවියා වගා බිම්වලින් ඉවත් කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, ගොවි බිම් මහ පරිමාණ ඒක බෝග වාණිජ වගාවන් සඳහා සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දීම, ගොවි බිම් වෙනත් ආයෝජන හා සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගැනීම, පසු අස්වනු විනාශය, අස්වැන්න අලෙවි කර ගැනීමේ අභියෝග, අස්වැන්නේ මිල තීන්දු කිරීමේ දී වෙළෙදපොළ මාෆියාවට ගොදුරු වීම, අනවශ්‍ය පරිදි ආහාර ආනයනය කර ගොවීන් අතර වෙළෙදපොළ තරගයක් ඇති කිරීම මෙන් ම වන සතුන් ගෙන් සිදු වන වගා හානි යන සියල්ල ම පවතින බව අප දනිමු.

මේ සියල්ල අවබෝධ කර නොගතහොත් සමස්ත ගොවිතැනට ඇති සැබෑ අභියෝග සියල්ලට පිළියම් සෙවීම වෙනුවට වන සතුන් පාලනය කිරීමෙන් පමණක් ගොවිතැනේ අභියෝගවලට පිළියම් සෙවිය හැකි වන බව බොහෝ දෙනෙකු විශ්වාස කරනු ඇත. එමගින් බොහෝ දෑ මඟහැරී යනු ඇත. මේ නිසා ගොවිතැන ගොඩනැගීමට හා ගොවියා ගේ පැවැත්ම සුරක්ෂිත කර වගා බිම්වල හා වගා අස්වැන්නේ සුරක්ෂිතතාව ඇති කිරීමට පළමු ව කළ යුතු වන්නේ වගා හානි සිදු කරන වන සතුන් විනාශ කිරීම නොවන බව අපි පිළිගනිමු. එපමණක් නොව මෙම වන සතුන් පරිසර පද්ධතියේ තුළිත පැවැත්ම පවත්වාගෙන යාමට දායකත්වයන් බොහොමයක් ලබා දෙන බව ද අප තේරුම් ගත යුතු ය. මේ නිසා අප ගොවිතැන දෙස බැලිය යුත්තේ මානව කේන්ද්‍රීයව නොව ජෛව කේන්ද්‍රීයව ය.

එවන් පුළුල් දැක්මක් සහිත ව්‍යවස්ථාදායකයක් ගොඩනැගීමට නම් බුද්ධිමතුන් යැයි අප සිතන වෘත්තීයවේදීන් පමණක් පාර්ලිමේන්තුවට පත් කර යැවීමෙන් නොහැකි වන බව ලාල්කාන්ත අමාත්‍යවරයා ගේ ප්‍රකාශයෙන් හා ඉන් පසු ව ඒ සඳහා ආණ්ඩුපක්ෂයෙන් නිවැරදි ප්‍රතිචාර ලබා නොදී ගොවීන් කුපිත කිරීමෙන් පෙනී යයි. මෙය පෙර පැවති ආණ්ඩුවල ස්වභාවය ම මිස ප්‍රගතිශීලී ආණ්ඩුවක ස්වභාවය නොවන බව අවසන් වශයෙන් ලියා තබමි.

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

SendShareShare
Previous Post

බ්‍රෑන්ඩ් නිව් බජාජ් පල්සර් N160 මෝටර් සයිකලය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි එළිදක්වයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

‘ආපු ගමන් කරන හැටී – අපේ අය හිතපු හැටී’ ! Sri Lanka Latest News

MORE NEWS

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

Load More
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

"මේ යන විදිහනම් එච්චර හොඳ නෑ.. ට්‍රම්ප්ගේ බද්ද ආයෙත් අපිට බලපානවා" Sri Lanka Latest News

Read more
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.