• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ආපු ගමන් කරන හැටී – අපේ අය හිතපු හැටී’ ! Sri Lanka Latest News

December 9, 2024
in Exclusive
Reading Time: 13 mins read
A A
ඡන්දේ ළං ළං වෙනකොට දෙන පොරොන්දු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘චූටි මල්ලියි පොඩි මල්ලියි’ ලෙස ශ්‍රී ලාංකේය ජනතාව අතර ජනප්‍රියත්වයට පත් නිර්මාණශීලී ප්‍රහසන ශිල්පීන් දෙපළ වන ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද විසින් නවතම ප්‍රහසන වීඩියෝ වැඩසටහනක් සිය යූටියුබ් නාලිකාව වෙත පසුගියදා නිකුත් කළා. ‘ආපු ගමන් කරන හැටී – අපේ අය හිතපු හැටී’ ලෙස නම්කර ඇති එම වැඩසටහන ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ගෙන එන්නෙමු. (Sri Lanka Latest News)

නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘ආපු ගමන් කරන හැටී – අපේ අය හිතපු හැටී’.

හොරු ඇල්ලීම

චූටි මල්ලි
මේ, අල්ලලා නේද සේරම ටික?
පොඩි මල්ලි
ඔව්. බස් හයක්.
චූටි මල්ලි
ආසන 52 බස් හයක් නේ?
පොඩි මල්ලි
ඔව්. හොරු ටික ඇල්ලුවා කියන්නේ ඉතිං.
චූටි මල්ලි
බස් එකේ ෆුට්බෝඩ් එකේ ඉඳලා හොරු. ලෝඩ් කරන්න බෑ.
පොඩි මල්ලි
ෆයිල් එක දුන්නලු, මෙන්න ෆයිල් එක, මෙන්න වරද. නගින්න බස් එකට. ගුටි ගැහුවලු සටපට ගාලා. දැන් බස් එකක් ගියාලු පල්ලෙකැලේට.
චූටි මල්ලි
ඔව් ඔව්.
පොඩි මල්ලි
ඒ පැත්තේ හොරු එතැනට. ඊළඟට දකුණු පළාතේ හොරු අඟුණකොලපැලැස්සට දාලා තියෙන්නේ. එහෙ වැඩි වුණානේ ටිකක්. ඒ හින්දා ටිකක් දැම්මලු බූස්සට. ඊට පස්සේ මේ පැත්තේ බස් දෙකක් වැලිකඩට ගෙනල්ලා තියෙන්නේ.
චූටි මල්ලි
ඇල්ලුවලු ඇල්ලිල්ලක්. ඔක්කොම හොරු. මාරයි නේද. කියලා වැඩක් නෑ. හැබැයි තව ප්‍රශ්නයක් වෙනවා ඉදිරියට.
පොඩි මල්ලි
මොකක්ද?
චූටි මල්ලි
ඔය ඔක්කොම හොරු එක පාරම ඇල්ලුවම බන්ධනාගාරවල සෙනඟ වැඩිවෙනවනේ.
පොඩි මල්ලි
ඒක තමයි. දැනටම වැඩිවෙලා ඇති. අනිත් එක තව ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හොරුන්ගෙත් ඉන්නවනේ උන් උන් තරහා උන්. උන්ව දැන් එකගොඩේ දැම්මම බන්ධනාගාරය ඇතුළේ කේස් යනවා.
චූටි මල්ලි
ඊළඟ එක තමයි මුන්ට කන්න දෙන එක කරන්නේ කොහොමද? අපෙන්නේ කීයක් යරි යන්නේ මුන්ට කන්න දෙන්න.
පොඩි මල්ලි
ඒක තමයි වැඩේ. ඇල්ලුවා වගේ නෙවෙයි. ඕක කලින් හිතන්න තිබුණා නේ? දාන්න වෙනම එකක් හැදුවා නම් හරි.
චූටි මල්ලි
නැත්නම් දෙතුන් දෙනෙක් අල්ලලා නිකන් හිටියා නම් හරි.
පොඩි මල්ලි ඔව් අනේ…

—

නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘ආපු ගමන් කරන හැටී – අපේ අය හිතපු හැටී’.

නාඩු හාල්

චූටි මල්ලි
මේ, වැඩේ හරි නේද?
පොඩි මල්ලි
ඔව්. 150යි.
චූටි මල්ලි
නාඩු 150යි නේද?
පොඩි මල්ලි
ඔව්. කීරි සම්බා 175යි.
චූටි මල්ලි
දන්නවද වෙලා තියෙන විදිය? ගියාලු කෙළින්ම පොළොන්නරුව පැත්තට. ඔක්කොම සයිලොස් ටික චෙක් කළාලු.
පොඩි මල්ලි
සයිලොස්වලට නැගලලු බැලුවේ.
චූටි මල්ලි
ඔව් නැගලා බැලුවලු. මේකෙ මෙච්චරයි, මේකෙ මෙච්චරයි කියලා ගණන් හැදුවලු.
පොඩි මල්ලි
සයිලෝවල හංගගෙන ඉඳලා තියෙන්නේ. තව තිබිලා තියෙනවා. ගබඩා ඔක්කොම චෙක් කරලා. ගණන් හදලා කිව්වලු දාන්න එළියට මෙච්චරක්. හොඳ හිතින් කියන්නේ දාන්න එළියට මෙච්චරක් කියලා. 150යි කෙළින්ම සහතික මිල නාඩු. 175යි කීරි සම්බා.
චූටි මල්ලි
දැන් මෙහෙමනේ. කට්ටිය හිතලා තියෙන්නේ ටික දවසටයි අඩුවෙලා තියෙන්නේ කියලා. මහ ගොඩක් අරන් ගිහිල්ලා. ඒ හින්දා පොඩි හිඟේකුත් ආවා. අනිත් එක බත් ඔය කටයි දෙකයිනේ කෑවේ. දැන් කනවලු මාර කෑමක්.
පොඩි මල්ලි
දැන් බත් මුට්ටි ඉදෙනවා වැඩියි. ඔහොම ගිහිල්ලා තව ප්‍රශ්නයක් එනවා නේද? බත්ම කනවනේ තුන් වේලටම. ඕකේ ඊළඟ ප්‍රශ්නේ මොකක් කියලද ඔයා කියන්නේ?
චූටි මල්ලි
මොකක්ද?
පොඩි මල්ලි
ඕකෙන් වෙන්නේ බත් කාලා වැඩි වුණාම, අධික ස්ථුලතාවය ඇතිවෙනවා. කාබෝහයිඩ්‍රේට්නේ බත් කියන්නේ. කාබෝහයිඩ්‍රේට්වලින් හැදෙන්නේ සීනි. අම්මලා බලන්නේ අඩුවට තියෙන හින්දා ළමයින්ගේ කටවල් ඇර ඇර කවනවා ඇති.
චූටි මල්ලි
ඒක තමයි. ඕක ප්‍රශ්නයක් වෙනවා නේ?
පොඩි මල්ලි
සීනි වැඩි වුණොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවනේ.
චූටි මල්ලි
ඒක හිතන්න තිබුණේ නේද? ඔයා මොකද ඒ ගැන හිතන්නේ?
පොඩි මල්ලි
250ට වගේ තියන්න තිබුණේ?
චූටි මල්ලි 225ටත් අඩුම ගානේ…

—

නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘ආපු ගමන් කරන හැටී – අපේ අය හිතපු හැටී’.

ඩොලර් එවීම

චූටි මල්ලි
එවලා නේද පිස්සුවෙන් වගේ?
පොඩි මල්ලි
ඩොලර් එවලා එවලා ඩොලර් එක බැස්සා කියන්නේ 150ට. ඊයේ නිවේදනය කළේ 150යි කියලා.
චූටි මල්ලි
මාර බැහිල්ලක් බැස්සේ. ඇයි බිලියන් ගණන් ආවනේ.
පොඩි මල්ලි
ඒක තමයි පිටරට මිනිස්සු ඔක්කොම එව්වා නේද?
චූටි මල්ලි
අපරාදේ කියන්න බෑ. කොච්චර වුණත් ඒ මිනිස්සු අපි ගැන ලොකු හැඟීමක ඉන්නවා කියන එක ඒ මිනිස්සු ඔප්පු කරලා පෙන්නුවා.
පොඩි මල්ලි
කොහෙන්ද අනේ ඔච්චර ඒ මිනිස්සු ගාව ඩොලර්?
චූටි මල්ලි
හංගගෙන හිටියනේ එවන්නේ නැතුව. අන්තිමට ඔක්කොම එක පාර දැම්මා.
පොඩි මල්ලි
ඔයා දන්නවද දැන් වෙලා තියෙන දේ?
චූටි මල්ලි
ඒ මොකක්ද?
පොඩි මල්ලි
පිට රටින් බඩු ගෙන්නන අය ඉන්නවනේ ඉලෙක්ට්‍රොනික් බඩු වගේ දේවල්. ඒගොල්ලෝ දැන් කලින් ගෙන්නපු බඩු තියෙනවනේ. ඒ කියන්නේ ඩොලර් එක වැඩි කාලේ. දැන් ඒවා විකුණගන්න බෑලු. ඇයි මිනිස්සු බලන්නේ අඩුවට ගන්නනේ. අලුතෙන් ගෙන්නන ඒවයේ ගානයි, පරණ ඒවයේ ගානයි අතර හෙන ලොකු ගැප් එකක් තියෙනවනේ. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි. චීනෙන් හැම ජරාවක්ම ගේනවනේ. කොස්සේ ඉඳලා ගේනවනේ. ඉතින ඒ මිනිස්සු දැන් උද්ඝෝෂණයක්ද මොකක්ද කරන්න යනවා කියන්නේ. හැබැයි ඩොලර් එක 250ට විතර තියන්න තිබුණේ මෙයා.
චූටි මල්ලි
මේක පාකරපු එකෙන් 150ට බැස්සනේ.
පොඩි මල්ලි ඔව්. අපරාදේ….

—

නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘ආපු ගමන් කරන හැටී – අපේ අය හිතපු හැටී’.

තෙල් අඩුකිරීම

චූටි මල්ලි
මේ, මාර වැඩේනේ පෙට්‍රල්වලට වුණේ. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් බැස්සනේ.
පොඩි මල්ලි
ඒකනේ.
චූටි මල්ලි
ගෙනාපු ෂෙඩ්කාරයොත් බණිනවලු නේ?
පොඩි මල්ලි
ඒක නම් මෙහෙමයි. කලින් ගෙන්නලා තිබුණු ස්ටොක් වැඩි ගානටනේ ගෙනල්ලා තියෙන්නේ. ඒවා දැන් අඩුවට දෙන්න බෑනේ.
චූටි මල්ලි
දැන් ඔයාට තේරෙනවද පාරේ ට්‍රැෆික් වැඩිවෙලා කියලා?
පොඩි මල්ලි
ඔව් නේ. ඇයි ඒ ට්‍රැෆික් වැඩිවෙලා තියෙන්නේ?
චූටි මල්ලි
වාහන තිබුණට සමහර මිනිස්සු කොහෙවත් ගියෙ නෑනේ. ගමනක් යන්නේ ඉරිදට. ට්‍රැෆික් නැති වෙලාවටනේ. ඒ තෙල් ප්‍රශ්නේ හින්දනේ. දැන් 150යි නේ. ගහගෙන දුවපන් අම්මා හැම තැනම.
පොඩි මල්ලි
මම අද බලාගෙන. ත්‍රීවීල් එහෙම යනවා යනවා. මොකක්ද ඒ වුණේ.
චූටි මල්ලි
මිනිස්සු ඔක්කොම හැම තැනම යන්නේ ත්‍රීවීල්වලනේ දැන්. බස්වල යන්නේ නෑ.
පොඩි මල්ලි
ඇයි තෙල්වල තිබුණනේ කොමිස් අනං මනං. ඒ ඔක්කොම නැති කරලනේ දැන්. දවසෙන් නැති කළා. ඔක්කොම නැති කළාට පස්සේ බැස්සා 150ට. හැබැයි ඕකේ වැඩේ තියෙන්නේ, මිනිස්සු ඔය විදියට පිස්සුවෙන් වගේ යන්න ගියොත් පාරවල්වල ක්‍රමයක් නැති වෙනවා.
චූටි මල්ලි
ඒක දැනටම වෙලා. දන් මිනිස්සු බස්වල යන්නේ නෑ. ඔක්කොම ත්‍රීවීල්වල යන්නේ. ත්‍රීවීල් තොගේ බලන්නකො පාරේ තියෙන.
පොඩි මල්ලි
ඔව්. යනවා යනවා ඉවරයක් නෑ. මං දන්න එකෙක් කියනවා ඌ බොරැල්ලෙන් බහින්න තිබ්බ එක පුංචි බොරැල්ලෙන් බැස්සලු ගාන අඩු හින්දා. ඊට පස්සේ ආයෙත් බස් එකේ ආවලු ජොලියටත් එක්ක ගාන අඩුයි කියලා.
චූටි මල්ලි මෙහෙමයි. පෙට්‍රල් 250ට විතර තියන්න තිබුණේ. අඩු කළා වැඩියි.

—

නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘ආපු ගමන් කරන හැටී – අපේ අය හිතපු හැටී’.

බස් එකේ යෑම

චූටි මල්ලි
මේ, මාර වැඩක් වුණානේ මට අද?
පොඩි මල්ලි
මොකක්ද?
චූටි මල්ලි
මම අද බස් එකේ ඉන්නවා. එතකොට දැකලා පුරුදු කෙනෙක් බස් එකේ හිටගෙන ඉන්නවා. මම කල්පනා කරනවා කවුද මේ කියලා. බහිද්දි මතක් වුණා.
පොඩි මල්ලි
කවුද?
චූටි මල්ලි
ඇමැති කෙනෙක්. පොල්දූවෙන් බහිද්දි තමයි මතක් වුණේ අඩේ මේ ඇමැතිනේ කියලා.
පොඩි මල්ලි
පොල්දූවෙන් බැහැලා මොකේද ගියේ?
චූටි මල්ලි
පයින් යනවා ඇවිදගෙන.
පොඩි මල්ලි
පාර්ලිමේන්තු වටරවුමේ ඉඳලා අතනට පයින් යනවද?
චූටි මල්ලි
ඔව්.
පොඩි මල්ලි
මමත් එදා දැක්කා එක්කෙනෙක් යනවා බයිසිකලෙන් ඇබා සින්දුවක් කිය කියා. මටත් අත වැනුවා. මාව එයා අඳුරන්නේ නෑ. බයිසිකලේ යනවා සින්දුවක් කිය කියා.
චූටි මල්ලි
ඔය බස්වලයි බයිසිකල්වලයි පයිනුයි මිනිස්සු එක පාරටම යනකොට, ඔයා හිතන්නේ ඒක අපිට වැඩි නැද්ද ඒ චේන්ජ් එක?.
පොඩි මල්ලි
මෙහෙම දේකුත් තියෙනවනේ. අලුතෙන්ම එන කට්ටියට ඕක එච්චර ගානක් නෑ කියන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ට එහෙම පුරුද්දක් නෑනේ. නමුත් කලින් ඔය වී 8වල ගිය අයට එහෙම වුණාම හෙන අවුල්නේ. ඒ නිසා හැමෝටම සාමාන්‍ය වාහනයක් අරන් දෙන්න තිබුණේ නේද?
චූටි මල්ලි
ඔව් නේද? පවුනේ ඉතිං ඒ මිනිස්සු ජොලියට ගියාට කමක් නෑ. වාහනේක ගිය හින්දා නෙවෙයිනේ මේ රටට කෙළවුණේ.
පොඩි මල්ලි ඔව්. ඒක තමයි ඒක තමයි…

—-

නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘ආපු ගමන් කරන හැටී – අපේ අය හිතපු හැටී’.

බිත්තරේ

චූටි මල්ලි
මේ, බිත්තර 20ක් ගත්තා මම අද.
පොඩි මල්ලි
මම ගත්තා 30ක්.
චූටි මල්ලි
එහෙමද?
පොඩි මල්ලි
මේ ටිකේ බිත්තර දෙක දෙක කනවා.
චූටි මල්ලි
බිත්තරයක් රුපියල් 15යි කියන්නේ මොකක්ද නේද?
පොඩි මල්ලි
ඒක තමයි. අපේ ගෙදර බිත්තර හදනකොට අහන්නේ නෑ ඔම්ලට් දාන්නද කියලා. දැන් හැමදාම බිත්තර දෙකක ඔම්ලට් එකක් දෙනවා අපේ නෝනා. මෙහෙමනේ. හංගගෙන හිටියනේ බිත්තර. ගියා සෙට් එක. ගිහින් කිකිළිව උස්සලා බැලුවා බිත්තර කීයක් දාලද කියලා. එහෙම බලලා තමයි තීරණය කළේ ගාන මෙච්චරයි කියලා. දැන් රුපියල් 15යි. කුකුළු මස් කිලෝ එක 540යි. මිනිස්සු කුකුල් මස් කනවා කියන්නේ පුදුම කෑමක් කන්නේ. හැබැයි මෙහෙමයි. ඔයා දන්නවද වෙලා තියෙන අලුත්ම වැඩේ?
චූටි මල්ලි
මොකක්ද?
පොඩි මල්ලි
බිත්තර ගාන අඩුවෙච්ච එකෙන් දැන් දරුණුවට කේක් හදනවලු. කේක් නිෂ්පාදනය තදින් වැඩිවෙලා ගෙවල්වල.
චූටි මල්ලි
හොඳ නෑනේ ඇඟට.
පොඩි මල්ලි
දැන් පාන් කන එක අඩුවෙලා, කේක් පරිභෝජනය වැඩිවෙලා.
චූටි මල්ලි
මම නම් කියන්නේ බිත්තරයක් රුපියල් 35ට වගේ තියන්න තිබුණේ.
පොඩි මල්ලි ඔව්. 30ට 35ට හොඳයි වගේ තමයි…

Chooty Malli Podi Malli යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

නීතිවිරෝධී කතාවක්! ලාල්කාන්තගේ ‘රිලා’ කතාවට එරෙහිව තවත් ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

රටට මිනිස්සුන්ට හෙණ ගැහුවත් කමක් නෑ.. බල්ලො මරලා හරි සල්ලි ඕන වගේ කතාවක්! දවස් 270ට බාර් ලයිසන් 361ක් දීපු හේතුව ගැන රනිල්ගෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.