ස්ත්‍රීපුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රරචණ්ඩත්වයට එරෙහිව (GBV) දින දහසයක ගෝලිය ක්‍රියාකාරීත්වයට සහය දැක්වීම පිණිස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාකාරකම් රැසක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. Sri Lanka Latest News
මෙම වැඩසටහනට සහයෝගය දැක්වීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සහ කාර්ය මණ්ඩලයේ නිලධාරිණියන් තැඹිලි වර්ණයෙන් සැරසී සිටි අතර ඒ සඳහා ද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් ද එක්විය.
මෙහි දී තැඹිළි පැහැති පළදනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පැළැඳවීම ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අම්බිකා සැමුවෙල් මන්ත්‍රීවරිය විසින් සිදු කරන ලදී.













