බැතිමතුන් කතරගම දේවාලය ඇතුළු රට පුරා පවතින දේවාලවල පොල් ගැසීම සියයට 90කින් පමණ අඩු වී ඇති බව වාර්තා වෙනවා.Sri Lanka Latest News
කතරගම පූජා භූමිය වැඳපුදාගන්නට යන බොහෝ බැතිමතුන් පූජා වට්ටිය සමග පොල් ගැසීමට පොල් ගෙඩියක් රැගෙන යාමට අමතක නොකරන අතර ශාන්තිකර්මවලදීද පොල් ගෙඩියට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි.
කෙසේ වෙතත් වර්තමානයේ රටෙහි පවතින අධික පොල් මිල හමුවේ බැතිමතුන් පොල් ගැසීමෙන් වැළකී සිටින බවයි අලුත්ම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
එමෙන්ම මේ වනවිට කතරගම ප්‍රදේශයේ පොල් ගෙඩියක් රුපියල් 160ක මිලකට අලෙවි වන බවත් සඳහන්.










