• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 10 දැරිය කෙලෙසන්න හැදූ පාපතරයාට ගල් ගසා දැරිය බේරාගත් අවුරුදු 15ක පුංචි වීරයා! Sri Lanka Latest News

December 7, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
අවුරුදු 10 දැරිය කෙලෙසන්න හැදූ පාපතරයාට ගල් ගසා දැරිය බේරාගත් අවුරුදු 15ක පුංචි වීරයා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දරුවෝ කියන්නේ මවුපියන්ගේ ජීවිතය වගේ. හැම දරුවෙක් ගැනම අම්මට, තාත්තට තියෙන්නේ ඒ වගේ හැඟීමක්. එහෙම නොවෙන අවස්ථාවක් ගැන අහන්න දකින්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. අම්මලා තාත්තලා හැම දෙයක්ම කරන්නේ කියන්නේ තමන්ගේ දරුවන්ගේ යහපත වෙනුවෙන්. (Sri Lanka Latest News)

මේ දිනවල පාසල් නිවාඩුව. ඒ හින්දා දරුවන් ගතකරන්නේ නිදහස් කාලයක් කිව්වොත් නැවැරැදියි. බොහෝ වැඩිහිටියන් තමන්ගේ දරුවන්ට ‌පාසල් නිවාඩු කාලයේ නිදහසේ පාඩුවේ සෙල්ලම් කිරීමට ඉඩහැර තිබීම සාමාන්‍ය දෙයක්.

පසුගිය දිනක තංගල්ල කඳුරපොකුණ පාරේ තහංචිවැව ප්‍රදේශයේදී සිදුවෙන්නට ගිය මහා විනාශයක් වළක්වාගත් පුංචි පුතෙකුගේ වීර ක්‍රියාවක් ගැන අහන්නට ලැබුණා.
බොහෝ විට තමන්ගේ ඥාතීන් ජීවත් වන්නේද අසල්වාසී නිවෙස්වලයි. තම මවුපියන්ට හොර රහසේ එම ඥාති නිවෙස්වලට යාම බොහෝ පුංචි දරුවන්ගේ පුරුද්දක්. 10 හැවිරිදි කුඩා දියණියක්ද තම මවුපියන්ට හොර රහසේම නිවෙසින් පිටව අසල්වාසී ඥාති නිවෙසට පයින් ගමන් කරන්නට වුණා. ඇයට අනතුරක් වේවි කියා කිසිවකු තුළ කිසිදු සැකයක් බියක් ඇති නොවන්නට ඇත්තේ අසල්වාසීන් කෙරෙහි තිබූ විශ්වාසය නිසා වන්නට ඇති. නමුත් මවුපියන්ද තම දියණිය පිළිබඳ මීට වඩා අවධානයෙන් පසුවන්නට තිබුණු බව මේ කතාව අසන ඕනෑම අයකුගේ සිතට නැගෙන්නේ නිරායාසයෙන්මයි.

පසුගිය 17 වැනි දින මේ දියණිය අසල්වාසී ඥාති නිවසට ගමන් කරන්නට වුණේ තමාගේම වයසේ පසුවන තවත් මිතුරියක් එම නිවසේ වාසය කරන නිසයි. ඇය තම ගෙදර සිට ඥාති නිවසට ගමන් කළේ ඉතාම නිදහස් ලෙසයි. නමුත් මේ දැරිය පයින් ගමන්කරන බව දැනගත් පාපතර තරුණයෙක් මග බලමින් සිට තිබුණේ දැරියව තම ග්‍රහණයට ගැනීමේ අරමුණෙන්. මේ බව වෙනත් කිසිවකුත් දැනසිට තිබුණේ නැහැ. පුංචි දියණිය පැමිණි මග හරස් කළ මේ පාපතර තරුණයා දැරිය දෙසට එක්වරම කඩාවැදී ඇයව මාර්ගයෙන් ඉවතට රැගෙන යන්නට කටයුතු කළේ දැරිය විලාප නගද්දීයි. දැරියට විලාප නගනවා හැරෙන්නට කරන්නට වෙනත් දෙයක් ඉතිරිව තිබුණේ නැහැ. දැරිය ඔහුගෙන් මිදීමට උත්සාහ දැරුවත් ඔහුගෙන් මිදීමට ඇයට කිසිදු හැකියාවක් ලැබුණේ නැහැ. මේ සල්ලාල පාපතරයා දැරියව අපහරණයට ලක්කිරීමට සැරසෙනවාත් සමගම සිදුව තිබුණේ ඔහු නොසිතූ දෙයකි. දරුවෙකුට ඕනෑම කරදරයකදී මතක් වෙන්නේ වෙන කවුරුවත් නොව තමන්ට පණමෙන් ආදරය කරන අම්මාය. මේ දැරියත් ‘අම්මේ අම්මේ’ යනුවෙන් කෑමොරදී කෑ ගසන්නට වුණා. දැරියගේ එම කෑගැසීම කුරුඳුපොකුණ ගමේ 15 හැවිරිදි පුතෙකුට ඇසී තිබුණේ වෙළෙඳසලට යන අතරතුරදියි. ඒ අවස්ථාවේ ඔහු සමග ඔහුගේ මිතුරකුද සිට තිබුණා. ඔවුන් යන ගමන නවතා දැරිය කෑගසන හඬ නැගෙන ඉසව්ව ගැන විපරම් කරන්න වුණා.

ඒ අනුව මේ දරුවන් දෙදෙනාට දැකගන්නට ලැබුණු දෙයින් ඔවුන්ට ඇස් අදහා ගන්නට බැරිව ගියා. ඒ මොහොතේ අතට අසුවූ ගල් කැටයක්ද රැගෙන ඒ දෙසට දිවගිය ඔවුන්, ‘අත ඇරපිය ඔය නංගි’ කියා සල්ලාලයා මෙල්ල කරන්නට උත්සාහ දරා තිබුණා. නමුත් සල්ලාලයා ඒ ගැන කිසිදු තැකීමක් කර තිබුණේ නැහැ. එහෙත් දෑරිය බේරා ගැනීමේ වෑයම අත් නොහැරි දරුවන් දෙදෙනාගෙන් එක් අයකු සල්ලාලයාගේ ඇඟට කඩා පැන්නේ ජීවිත අවදානම ගැනවත් නොසිතමිනි. ඒ මොහොතේ සල්ලාලයා දැරිය එක් අතකින් අල්ලාගෙන ඇඟට කඩාපැන්න දරුවා ඉවතට තල්ලු කර තිබුණා. එහිදී මෙම දරුවා මීටර කිහිපයක් දුරට වීසිවී ගොස් ඇදවැටී තිබුණා. ඔහු කළුගල් කැට අහුරක් ගෙන පාපතරයා දෙසට දමාගැසුවත් එය ඔහුට නොවැදුණු තැන දෙවැනි වරද කළු ගලක් ගෙන පාපතරයාට දමාගැසීමට ඔහු කටයුතු කළා. එවිට එම ගල් පහර වැදීමත් සමගම දැරිය පාපතරයාගේ ග්‍රහණයෙන් මිදී පාර දිගේ දිවයන්නට වුණා. මේ අතර දැරිය බේරාගැනීමට පැමිණි දරුවන් දෙදෙනා පාපතරයා පසුපස පන්නමින් තවත් ගල් පහර කිහිපයක් ඔහු දෙසට එල්ල කර තිබුණා. සල්ලාලයා පලාගිය පසු දැරියව සිය නිවෙසට රැගෙන ගොස් මවුපියන්ට භාරදීමටද මේ පුංචි වීරයන් දෙදෙනා කටයුතු කර තිබුණා.

පාපතරයා සමග පොරබැදීම නිසා දැරියගේ මුහුණේ සීරීම් තුවාල කිහිපයක් සිදුව ඇති ආකාරයද පසුව දැකගන්නට ලැබුණා. දැරිය මේ අනතුරට මුහුණ පාන අවස්ථාවේ ඇගේ නිවෙසේ සිට ඇත්තේ ආච්චි අම්මා පමණි. ආච්චි අම්මා දුටු දැරිය ඇය වැලඳගෙන හඬන්නට වුණා. ඒ අතර ඇයව බේරාගත් නිම්සර නමැති දරුවා දැරියට සිදුවූ සම්පූර්ණ සිදුවීම ආච්චි අම්මාට පවසා තිබුණා. මේ විස්තරය ඇසූ මිත්තණිය ඔහුට මහත් සේ ප්‍රශංසා කරන්නටත් ස්තුති කරන්නටත් වුණා.

පසුව ආච්චි අම්මා නිම්සර කැටුව තංගල්ල පොලිස් ස්ථානය වෙත ගොස් මේ සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කළා. මේ වීර ක්‍රියාව කර තිබුණේ තංගල්ල කඳුරපොකුණ ප්‍රදේශයේ පදිංචි හඳුන්හෙත්තිගේ ඉසුරු නිම්සර නමැති 15 හැවිරිදි දරුවායි. ඔහුගේ අත් සහ පාද සීරීමට ලක්ව තුවාල වී තිබුණා. තුවාල ලබා සිටි දැරිය ඒ වන විටත් දැඩි කම්පනයකින් සිටියා. තංගල්ල පොලිස් මූලස්ථානයේ කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන් දැරිය වහාම තංගල්ල මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබුණා.
තංගල්ල පොලිස් නිලධාරීන් මෙම සිදුවීමට සම්බන්ධ සැකකරු සොයා පරීක්ෂණ සිදුකරන්නට විය. සැකකරුගේ නිවසට ගියත් ඔහු ඒ වනවිටත් නිවසින් පලාගොස් තිබුණා. එහෙත් යොදා තිබූ දැඩි රැකවල් හේතුවෙන් සැකකරුට තංගල්ල පොලිසියෙන් බේරීමට හැකියාවක් ලැබී තිබුණේ නැහැ. පැය කිහිපයක් තුළදී සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිව තිබුණා. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සල්ලාල පුද්ගලයාගේ මව පොලිසියට පවසා ඇත්තේ තම පුතු මානසික ආබාධයකින් පෙළෙන බවයි. එහෙත් ඔහු කිසියම් මානසික ආබාධයකින් පෙළුණත් තවත් දරුවකුගේ ජීවිතය බිලිගන්නට කිසිවකුට අයිතියක් නොමැති බවයි පොලිසිය එම මවට පවසා තිබුණේ. ඇත්තෙන්ම තම දරුවාට එවැනි මානසික ආබාධයක් ඇත්නම් මවක් කටයුතු කළ යුතුව තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකටයි.

නිම්සර පුතු සිදුකළ වීර ක්‍රියාව ඇගයීමට ලක් කළ යුතුයි. මේ දැරියට යම් කරදරයක් සිදුවූයේ නම් ඇගේ අනාගතයම අඳුරු වී යෑමට ඉඩ තිබුණා. එම අවදානමෙන් දැරිය මුදාගත් නිම්සර කළේ සැබෑම වීර ක්‍රියාවකි. අද සමාජයට අවශ්‍ය වන්නේ නිම්සර වැනි දරුවන්ය. ඒ නිසාම තංගල්ල පොලිසිය නිම්සර පුතුව ඇගයීමට ලක්කරනු ලැබුවේ තවත් දරුවකුට මෙවැනි අකටයුත්තක් සිදු නොවන්නට නිම්සර වැනි දරුවන්ගේ අවශ්‍යතාව සමාජයට අවධාරණය කරමිනි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලැබුවේ තංගල්ල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක ලාල් චන්ද්‍රසිරි, කාන්තා කාර්යංශයේ හෂිනි දිනූෂා, කාන්තා සැරයන් කාන්ති යන මහත්ම මහත්මීන් විසිනි.

මේ වනවිට පුංචි නිම්සරට සැකකරුගේ පාර්ශ්වයෙන් තර්ජන ගර්ජනද එල්ල වී ඇති බව වාර්තා වේ. එම නිසා තංගල්ල පොලිසිය විසින් සැකකරුගේ පාර්ශ්වයට අවවාද කර ඇත්තේ එවැනි තර්ජන සිදු නොකරන ලෙසයි. ඒ අනුව සැකකරු තංගල්ල පොලිසිය විසින් තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

බොහෝ මවුපියන් තම දරුවන් වැඩිහිටි වයසට පත්වන තෙක් ඇස් මානයේ තබාගන්නවා නම් මෙවැනි අපරාධ වළක්වා ගැනීමට රුකුලක් වනු ඇත. පොඩි දරුවන්ට අනතුරු ගැන වැටහීමක් නැහැ. නමුත් වැඩිහිටියන් තම දරුවන් ගැන මීට වඩා වගකීමෙන් ක්‍රියා කළ යුතුයි. සොයා බැලිය යුතුයි. මේ සිදුවීමෙන් සමාජයට ලබාදෙන පාඩම එයයි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ලාල්කාන්ත ඔයා කිව්වා නම් මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් පෙනී හිටින්න! VIDEO I Sri Lanka Latest News

Next Post

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – මධ්‍ය දඩයම – පරාටේ නීතිය – ගංවතුර ආපදා – බෙහෙත් හිඟය – පොහොර සහනාධාර – තෙල් මිල – විදුලි බිල සහනය – IMF ගිවිසුම! විනාඩි 12යි! ප්‍රහාර 9යි! විපක්ෂ නායක පාර්ලිමේන්තුව හොල්ලයි! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.