• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

උතුරේ යළිත් ගිනිකෙළි

June 1, 2020
in CID, News, Politics
Reading Time: 1 min read
A A
උතුරේ යළිත් ගිනිකෙළි
Share on WhatsAppShare on Facebook

යාපනය අර්ධද්වීපයේ රාජකාරිවල නිරත ආරක්ෂක අංශ සාමාජිකයින් ඉලක්ක කර නැවතත් ප්‍රහාරයන් එල්ලවීමට පටන් ගෙන තිබේ. ගෙවී ගිය සති දෙක තුළ අවස්ථා තුනකදී ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්කරමින් ප්‍රහාරයන් එල්ල වූ අතර දරුණුතම ප්‍රහාරය එල්ලවන්නේ 27 වෙනිදා පේදුරුතුඩුවේදීය. ඒ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ පීඩන බෝම්බයක් පොලිස් නිලධාරීන් පිරිසකට අටවමිනි.
එම බෝම්බය ඇටවෙන්නේ වල්ලිපුරම් මාර්ග බාධකයේය. එම මාර්ග බාධකය පිහිටා ඇත්තේ පේදුරුතුඩුවේ වැලි නිධිය නීති විරෝධීව හාරා වැලි ප්‍රවාහනය කරන ජාවාරම්කරුවන් කොටුකර ගන්නටය. යුද්ධය පැවැති සමයේ කිසිවෙකුත් එම වැලි නිධියට අත තැබුවේ නැත. සුනාමියෙන් පේදුරු තුඩුව රැකුණේද එම වැලි නිධිය නිසාය. වැලි නිධියක් යැයි කීවාට එය වැලි පවුරකි. මෙම වැලි නිධිය කැණීමට පටන් ගත්තේ යුද්ධය නිමවීමෙන් පසුවය. එහි ඒකාධිකාරය පැවරෙන්නේ ඊ.පී.ඩී.පී.යට සම්බන්ධ පිරිසකටය. යහපාලන ආණ්ඩුව සමයේදී එහි බලය අල්ලන්නේ දෙමළ සන්ධානයට සම්බන්ධ පිරිසක්ය. දැන් නැවතත් ඊ.පී.ඩී.පී හිතෛෂීන් පිරිසක් වැලි නිධියේ බලය අල්ලාගෙන සිටිති. මහා පරිමාණයෙන් කෙරෙන වැලි කැණීම් නිසා සිදුවන පාරිසරික හානි ගැන සලකා බැලූ බලධාරීන් පොලීසියට දැනුම් දෙන්නේ වැලි ජාවාරම මැඩලන ලෙසය. වැලි ප්‍රවාහනය කරන මාර්ගයේ පොලිස් මාර්ග බාධකයක් යොදා නීති විරෝධි වැලි ප්‍රවාහකයන් අල්ලා ගන්නට පියවර ගැනෙන්නේ ඒ අනුවය. ඒ මෙයට මාස දෙකකට පෙරය.
මෙම මුර පොළද යෙදූ දින සිටම වැලි ජාවාරම්කරුවන් සහ පොලීසිය අතර ඇත්තේ ගැටුම්ය. පොලීසියට කෝචොක් කළද ඉවසාගෙන සිටින්නට සිදුව ඇත්තේ දේශපාලන බලපුළුවන්කාරකම් ඇති පිරිස් ඒ අය අතර සිටින බැවිනි. මෙහි උච්චතම අවස්ථාවකදී වැලි ජාවාරම්කරුවන් සහ පොලිස් නිලධාරීන් පිරිසක් අතර ගැටුමක්ද ඇතිවන්නේ සතියකට දෙකකට පෙරය. එහිදී පොලීසියෙන් පහරදුන්නේ යැයි කියා කිහිප දෙනෙක් රෝහල්ද ගත විය.
බෝම්බ පිපුරුම සිදුවන්නේ ඔය අතරතුරදීය. රතිඤ්ඤා සහ අහස් වෙඩි නිෂ්පාදනයට යොදා ගන්නා වෙඩි බෙහෙත් ටින් එකකට පුරවා ඊට ඩෙටනේටරයක් සවිකර සකස් කර වළදමා තිබී ඇත්තේ මාර්ග බාධකයේ නිලධාරීන්ගේ පයට එම ටිං එක පෑගෙන විට පුපුරා යන ලෙසිනි. ඒ ආකාරයෙන්ම එම බෝම්බය පුපුරා යන්නේ නිලධාරියෙකුගේ පාදයට එය පෑගීම නිසාය.
මෙම බෝම්බ ඇටවුම එල්.ටී.ටී.ඊ.යේ ප්‍රාථමික අවධියේ නිෂ්පාදනයට සමානකමක් දක්වන්නකි. ඒ තුළින් කියා පාන්නේ අනතුරක සේයාවකි. ඒ බව යාපනයේ ආරක්ෂක බලධාරීන් රටේ ඉහළ බලධාරීන්ට දැනුම් දී ඇත්තේ එන පොට එතරම් හොඳ නැති බවට සඳහන් කරමිනි.
ඊට දින කිහිපයකට පෙර යාපනය අර්ධද්වීපයේම පොලිස් නිලධාරියෙකුව කපා කොටා තුවාල කර තිබුණේද සංවිධානාත්මකවය. එහිදී පොලිස් නිලධාරියාගේ දිවි රැකෙන්නේ ඔහු දිවගොස් නිවසක සැඟවීම නිසාය. පොලිස් නිලධාරියාගේ ජීවිතය බේරාගන්නේ දෙමළ පවුලක් විසිනි.
ඊට පෙර යාපනයේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි හමුදා භට පිරිසකට ගල් ප්‍රහාරයක් එල්ලකර තිබුණේ නිලධාරියෙක්ට තුවාල ගෙන දෙමිනි.
යාපනයේ ආරක්ෂක අංශ සාමාජිකයින් ඉලක්ක කර එල්ල කෙරෙන මෙම ප්‍රහාර පිටුපස සිටින්නේ කවුරුන්දැයි නිශ්චිතවම කරුණු හෙළිවී නැත. ඒ නිසාම යාපනයේ ආරක්ෂක අංශ මුළු ශක්තියම යොදවා ඇත්තේ ඒ අය හඳුනා ගන්නටය.
පාස්කු ප්‍රහාරය මෙන් අයි.එස්.අයි.එස්. ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වූ ලිපිය ඉකුත් සතියේ මහත් ආන්දෝලනයට තුඩුදී තිබිණි. එම ලිපිය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ආරක්ෂක කළමනාකාරු විසින් එහි අංශ ප්‍රධානීන්ට යොමු කළ එකකි. ආරක්ෂක කළමනාකරු එම ලිපියේ පැහැදිලිවම සඳහන් කර තිබුණේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් පැමිණ ප්‍රහාරයක් ගැන සඳහන් කරමින් ආරක්ෂාව තර කරන්නැයි දැනුම් දුන් බවකි. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වූයේ ආරක්ෂක කළමනාකරු විසින් මානව සම්පත් කළමනාකරුට යොමු කළ ලිපියේ පිටපතකි. රට කැලබූ එම ලිපිය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ප්‍රකාශයක් කරමින් සඳහන් කරනු ලැබුවේ එවැනි ප්‍රහාරයක් සිදු නොවන බවත්, එය බොරුවක් බවත්ය. අනතුරුව එම ලිපිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය රක්ෂණ සංස්ථා සේවකයෙක් අත්අඩංගුවට ගන්නේ එම ලිපිය සමාජ මාධ්‍ය ජාලයේ පළකර කැලබීමක් ඇති කළා යැයි කියාය. ඒ හැරුණු කොට මෙතෙක් එම ලිපිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කළ බවක් නම් දැනගන්නට නැත. එසේ සිදුවූයේ නම් මුලින්ම ප්‍රශ්න කළ යුතුව ඇත්තේ ආරක්ෂක කළමනාකරුගෙනි. ඒ එවැනි ලිපියක් නිකුත් කිරීමක් ගැනය. එහෙත් ඒ දෙය සිදු නොවූයේ වෙන කිසිවක් නිසා නොව, ලිපියේ සඳහන් කරුණු සැබෑවක් වන නිසාය. ඒ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් දෙදෙනෙක් රක්ෂණ සංස්ථා ආරක්ෂක කළමනාකරු මුණගැසී ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමක් කර තිබූ බැවිනි. එම බුද්ධි නිලධාරීන් දෙදෙනාගේ රුව රක්ෂණ සංස්ථාවේ ආරක්ෂක කැමරා පද්ධතියේද සටහන්ව තිබී ඇත. රක්ෂණ සංස්ථා ආරක්ෂක අංශය සූදානමින් සිට ඇත්තේ ඒ අයට එරෙහිව විමර්ශනයක් සිදුවන්නේ නම් ඒ බුද්ධි නිලධරීන් දෙදෙනා ගැන කරුණු හෙළිකරන්නටය. එහෙත් සැබෑව දන්නේ දන්නා බැවින් ඒ ලිපිය ගැන විමර්ශන වැඩිදුර ගෙන ගියේ නැත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොකු පුටු වෙනස් වන්නට ගත්තේ මේ අතරය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්නය. ඔහු එම තනතුරට පත්වන්නේ රාජපක්ෂ ආණ්ඩුව පත්වීමත් සමගිනි. ශානි අබේසේකරව ඉවත්කර ඒ තැනට ඔහුව පත්කරන්නේ ආණ්ඩුවට ඔහු විශ්වාසවන්තයෙක් වූ නිසා වන්නට ඇත. ඉකුත් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධීකරණය කරනු ලැබුවේද තිලකරත්නය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී ජනාධිපති ආරක්ෂක අංශයේ ස්ථානාධිපති මෙන්ම ජනාධිපති ආරක්ෂක බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා ලෙසද ඔහු කටයුතු කළේය. තිලකරත්නගේ පත්වීමට සමගාමීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවත් ඉහළ නිලධාරීන් හත් අට දෙනෙක්ම අලුතින් පත්කරනු ලැබුවේ පැරණි කණ්ඩායමක් ඉවත් කරමිනි.
ඒ අය මගින් පාස්කු විමර්ශන අලුත් මාවතට ගෙන ගියේය. කාන්තාවන් වඳ භාවයට පත්කළේ යැයි චෝදනා එල්ලවූ ෂාෆි සහබ්දීන් සම්බන්ධයෙන් විමර්ශන අලුත් මුහුණුවරක් ගත්තේය. රිෂාඞ් බදුර්දීන්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළේය. නව මුහුණුවරක් ගත් පාස්කු විමර්ශනය ගැන මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ගේ ප්‍රසාදය පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගලා ආවේය. කුරුණෑගල ජනතාව ෂාෆි සහබ්දීන්ගේ විමර්ශන ගැන සතුට පළකළේය. රිෂාඞ්ට එරෙහිව විමර්ශන ගැන මුළු රටක්ම බලා සිටී.
ඒත් හිටිහැටියේම ඒ සියලු විමර්ශන අඩාළ වෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තිලකරත්නට ස්ථාන මාරුවක් ලැබෙන්නේ ඒ තැනට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියා වන ප්‍රසන්න අල්විස් පත්කරමිනි. තිලකරත්නව මාරුකරන්නට සූදානම් වන්නේ අශ්වාරෝහක අංශයටය. අවසානයේදී තිලකරත්න විසිවන්නේ ඇමැති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂක ධුරයටය. ඒ තිලකරත්නව අශ්වාරෝහක අංශයට දැමීම ගැන මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ දැඩි විරෝධය එල්ලවීමත් සමගිනි.
තිලකරත්න එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විසිවී අලුතින් පත්වූ ප්‍රසන්න අල්විස්ට ඒ පුටුවේ අසුන් ගැනීමටත් මත්තෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් 08 දෙනෙක් පොලිස්පතිවරයාට ලියන්නේ තමන්ට ස්ථාන මාරුවීමක් ලබාදෙන ලෙසටය. ඒ ප්‍රසන්න අල්විස් සමග තමන්ට වැඩ කරන්නට බැරි යැයි කියාය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

හූල් සහ දියණිය නීති කැඩුවද: හූල්ට එරෙහිව එළියෙන් ගහපු කැරැල්ලක්ද?

Next Post

ගල්කිස්ස වෙරළේ සුද්දය චම්පිකගේ වැඩක්ද? (VIDEO)

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.