• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

රට හදන හැටි: මේ සතියේ බිමල් රත්නායක

June 1, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
රට හදන හැටි: මේ සතියේ බිමල් රත්නායක
Share on WhatsAppShare on Facebook

කොරෝනා වසංගතය හේතුවෙන් මාස දෙකකට වැඩි කාලයක් අකර්මණ්‍ය වූ ශ්‍රී ලංකාව දැන් කෙමෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබේ. නමුත් කොරෝනා හමුවේ රටේ ආර්ථිකයට සිදු වූ බලපෑම සුළුපටු එකක් නොවේ. එමෙන්ම එය සමස්ත ලෝකයේම ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ල කර ඇත. ඒ හරහා අප වැනි තුන්වැනි ලෝකයේ රටවලට එල්ල වන බලපෑම තවත් ඉහළ යමින් ඇත. කොරෝනාවෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය නඟාසිටු විය යුත්තේ කෙලෙසින්දැයි යන්න සාකච්ඡා කිරීම අප ආරම්භ කළේ මීට සති කිහිපයකට පෙරය. විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ ආර්ථික විශේෂඥයන් ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස් පසුගිය සති කිහිපය පුරාම ඒ හරහා අප ඔබ වෙත ගෙන ආවෙමු. අද එම සංවාදය සඳහා අප සම්බන්ධ කර ගන්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාවය.
කොරෝනා වසංගතය අපේ ආර්ථිකයට බලපාන්නේ කොයි විදියටද?
කොරෝනා එන්න කලිනුත් අපේ ආර්ථිකය හොඳ තැනක තිබුණේ නැහැ. ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 100කගෙම දෛනික ආදායම ඩොලර් 02ට අඩුයි. ඒ කියන්නේ රුපියල් 400කට අඩුයි. ඒ කොරෝනා එන්න කලින් තත්ත්වය. දැන් ඒ ලක්ෂ 100ට තවත් ලක්ෂ 5ක් 10ක් එකතු වෙලා ඇති. ඒ හින්දා කොරෝනා ආව හින්දා නෙවෙයි අපේ ආර්ථිකය වැටුණේ. ඒක කොහොමත් වැටිලා තිබුණේ. කොරෝනා ආව හින්දා ඒක තිබුණු තැනිනුත් පහළට වැටුණු එක තමයි සිද්ධ වුණේ.
මේ තැනින් නැගිටින්න අපි මොනවද කරන්න ඕනෑ?
කොරෝනා ආවත් නැතත් අපේ ආර්ථිකය නඟාසිටුවන්න නම් මේ දේවල් කරන්න ඕනෑ. අපේ ආර්ථිකයේ බරපතළ අසමානතාවයක් තිබුණා. අපේ රටේ ඉහළම ධනවතුන්ගෙන් 10%ක පිරිස තමයි අපේ ආර්ථිකයෙන් 54%කම ප්‍රතිලාභ ලබන්නේ. රටක් දියුණු වෙන්න නම් මේ අසමානතාව අනිවාර්යයෙන්ම අඩු කරන්න ඕනෑ. ඒ දේ කරන්න පුළුවන් ක්‍රියාමාර්ග කිහිපයක් තියෙනවා. අපේ රටේ නිෂ්පාදනය කළ හැකි කෘෂිකාර්මික නිෂ්පාදන රාශියක් අපි තවමත් ආනයනය කරනවා. අපේ රටේ වගා කළ හැකි කෘෂිකාර්මික භෝග වගේම සීනි වගේ නිෂ්පාදනත් ඒ අතරේ තියෙනවා. ඒ සඳහා අපි වසරකට බිලියන 140ක් පමණ වැය කරනවා. ලංකාවේ නිෂ්පාදකයන්ට උදවු කරන්නේ නැතිව මේ තත්ත්වය වෙනස් කරන්න බැහැ. නමුත් අවුරුදු 50ක් තිස්සේ අපේ රටේ පාලකයෝ ඒ දේ කරලා නැහැ. පාලකයෝ උදවු කරන්නේ නිෂ්පාදකයන්ට නෙවෙයි වෙළෙන්දන්ට. මොකද ලංකාවේ අල නිෂ්පාදනය ඉහළ ගියා කියලා ඇමැතිවරයාට කොමිස් මුදලක් එන්නේ නැහැ. මිරිස් වවන එක වැඩි වුණා කියලා දූෂිත නිලධාරියාට පගා මුදලක් ගන්න බැහැ. නමුත් අල, මිරිස් පිටරටින් ආනයන කරද්දී ඒ කොමිස් මුදල, පගා මුදල ඒ අයට ලබා ගන්න පුළුවන්. ඒ හින්දයි ඒ අය අපේ රටේ නිෂ්පාදනය වැඩි කරන්නේ නැත්තේ.
ඔබ හිතන විදියට ඒ තත්ත්වය නැති කරන්න අපි මොන මොන අංශද දියුණු කරන්න ඕනෑ?
මම කියන්නේ මැජික් එකක් වගේ හැම දෙයක්ම අපේ රටේ වවන්න කියලා නෙවෙයි. නමුත් අපේ රටේ වගා කළ හැකි සහ අපේ රටේ නිෂ්පාදනය කළ හැකි දේවල් බොහොමයක් තියෙනවා. අපි ඒ නිෂ්පාදකයන් දිරිමත් කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් දේශපාලන ප්‍රතිපත්ති සකසන්න ඕනෑ. නමුත් අපේ රටේ දූෂිත දේශපාලන ප්‍රතිපත්ති නිසා ඒ දේවල් වෙන්නේ නැහැ. දේශීය නිෂ්පාදනය වැඩි කරන්න නම් අපි ඒ සඳහා අවශ්‍ය ඉඩම් ලබා දෙන්න ඕනෑ. අදටත් අපේ රටේ සාරවත් ඉඩම් අතරින් බහුතරයක් හිමි වෙලා තියෙන්නේ වතු සමාගම්වලට. රජයේ සහ පෞද්ගලික දෙඅංශයේම වතු සමාගම්වලට අයත් ඒ ඉඩම් අතරින් 50%කින් අදටත් කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. ඒ ඉඩම් වගා කිරීම සඳහා ලබා දෙන්න පුළුවන්. වගාව සඳහා පමණක් නෙවෙයි ඒ වගාව වෙළෙඳපොළට ගෙන යන අවස්ථාව දක්වා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනෑ. ඒ වගේම තව දෙයක්. අද වෙද්දි කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය සියලුම උපකරණ ගෙන්වන්නේ පිටරටින්. උදලු තලය, නඟුල ඇතුළු සියල්ල අද ආනයනය කරන්න වෙලා. නමුත් ඉස්සර මේ දේවල් අපේ රටේ නිෂ්පාදනය කළා. නමුත් එ. ජා. ප. ශ්‍රී ලංකා ආණ්ඩු ඒ කර්මාන්ත වහලා දැම්මා. ඒ වගේම තමයි කොරෝනා එන්න කලින් අධ්‍යාපනය, සෞඛ්‍ය සහ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා අපේ රටේ ආර්ථිකයෙන් බොහොම සුළු ප්‍රමාණයයි මුදල් වෙන් කළේ. රජය ඒ සඳහා මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ, පුද්ගලික අංශය ඒ වෙනුවෙන් හිටියම ඇති කියන එක තමයි හැම රජයකම මතය වුණේ. නමුත් දැන් අපිට ඒක හොඳට පේනවා. සෞඛ්‍ය අංශය ආණ්ඩුව සතුව නොතිබුණා නම් මොන වගේ තත්ත්වයක්ද මේ වෙද්දි ඇති වෙන්නේ. අද ඇතැම් පෞද්ගලික පාසල් ගුරුවරුන්ගේ වැටුප් කප්පාදු කරලා. මුදල් ගෙවූ සිසුන්ට පමණයි අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබා දෙන්නේ. ඒ හින්දා අධ්‍යාපනය, සෞඛ්‍ය සහ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා රජයේ මැදිහත් වීම උපරිම කරන්න ඕනෑ. ඒ දේවල් නොකර අපේ රටේ ආර්ථිකය නඟාසිටුවන්න බැහැ.
කොරෝනාවෙන් පස්සේ මේ දේවල් සිද්ධ වේවි කියලා ඔබ හිතනවද?
කොහෙත්ම නැහැ. ඔය එකක්වත් වෙන්නේ නැහැ කියන එක මම බොහොම වගකීමෙන් කියනවා. ලංකාවේ ආර්ථික පරිහානියට වග කිව යුතු මේ අන්ත දූෂිත දේශපාලනය යටතේ ඒ දේ කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. මහ බැංකුව කඩපු කණ්ඩායම් දෙකක් විසින් තමයි අද මාරුවෙන් මාරුවට රට පාලනය කරන්නේ. 2005 සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් 2015 ඉඳන් යහපාලන ආණ්ඩුවත් මහ බැංකුව හොරා කෑවා. රාජ්‍ය කොමිසම් හරහා මේ දෙගොල්ලම වැරැදිකාරයෝ බවට ඔප්පු වෙලා තියෙනවා. ඒ පුද්ගලයෝ තමයි මේ රට පාලනය කරන්නේ. එහෙම පාලනයක් යටතේ මම කියපු දේවල් එකක්වත් වෙන්නේ නැහැ. දේශපාලකයන්ට සහ දූෂිත නිලධාරීන්ට කොමිස් දෙන්න අවශ්‍ය නැති පගා දෙන්න අවශ්‍ය නැති යුගයක් ඇති වෙනකම් ආයෝජකයෝ මේ රටට එන්නේ නැහැ. ඒ හින්දා දේශපාලනය දූෂණයෙන් තොර වෙන්නේ නැතිව මේ රට එක දශමයකින්වත් වෙනස් වෙන්නේ නැහැ. තිබුණටත් වඩා තව නරක් වෙන එක විතරයි වෙන්නේ.
රටක් දියුණු වෙද්දී පරිසරය රැක ගැනීමත් අත්‍යවශ්‍ය කාරණයක්. ඉදිරි සංවර්ධනයේදී පරිසරය රැක ගැනීම වෙනුවෙන් මොන වගේ ක්‍රියාමාර්ග ගත යුතුද?
අනිවාර්යයෙන්ම. පරිසරය රැක ගැනීමෙන් තොර සංවර්ධනයකින් වැඩක් නැහැ. නමුත් මේ ආණ්ඩුව යටතේ නම් ඒ තත්ත්වය ඇති වේවි කියලා නිකමටවත් හිතන්න බැහැ. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වුණු ගමන් මුලින්ම කළේ වැලි ප්‍රවාහනය සඳහා අවශ්‍යව තිබූ බලපත්‍ර අහෝසි කිරීම. පැවැති ආණ්ඩුව යටතේ එම කර්මාන්තයේ නියුතු වූවන්ගේ ආදායම අඩු වීම තමයි ඒකට හේතුව ලෙස සඳහන් කළේ. දැන් කොරෝනා වසංගතයත් එක්ක රටේ ගොඩක් කර්මාන්තවල නියුතු වූවන්ගේ ආදායම අඩු වෙලා. ඒ වගේ තත්ත්වයක ඒ අයගේ ආදායම වැඩි කරන්න ගන්නා ක්‍රියා මාර්ගවලදී මේ අය පරිසරය ගැන හිතාවි කියලා පිළිගන්න බැහැ. ඒ හින්දා පරිසරය රකින ක්‍රමවත් සංවර්ධනයක් ඉදිරියේදිත් අපේ රටේ ඇති වේවි කියලා විශ්වාස කරන්න බැහැ.
ඔබ කියන්නේ කොරෝනා වසංගතය මධ්‍යයේ රටේ ආර්ථිකය රැකගැනීම වෙනුවෙන් රජය කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද? ආනයනික භාණ්ඩ කිහිපයක් සඳහා නව බද්දක් පැනවීමටත් රජය කටයුතු කළා. ඒ ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නැද්ද?
රජය අරන් තියෙන්නේ දවසක් දෙකක් සඳහා පැලැස්තර යොදන පියවර. ඒ එකක්වත් දිගුකාලීන පියවර නෙවෙයි. මේ වෙලාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් සඳහා නව බදු පැනවීම තුළින් ජනතාවගේ පීඩනය තව ඉහළ යනවා. රජය බදු පැනවූ භාණ්ඩ සියල්ලම අත්‍යවශ්‍ය භාණ්ඩ. ඒවාට ආදේශක නැහැ. නමුත් කොරෝනා එක්ක ඇතිවුණු විදේශ විනිමය හිඟය පියවීම වෙනුවෙන් රජය ඒ ක්‍රියාමාර්ගය ගත්තා. මේ වෙලාවේ රජය බේරිලා වැඩක් නැහැ. ජනතාවයි බේරන්න ඕනෑ. ඕනෑම රටක විදේශ විනිමයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා සැලකිය යුතු ප්‍රතිශතයක් වෙන් කරනවා. ඉන්දියාවේ ඒක 1%ක්. බංග්ලාදේශයේ 2.5%ක්. පාකිස්තානයේ 2%ක්. නමුත් ලංකාවේ ඒක 0.1%ක් විතරයි ඒ වෙනුවෙන් වෙන් කරන්නේ. රජය මේ වෙලාවේ ජනතාව වෙනුවෙන් කරලා තියෙන්නේ රුපියල් 5000ක් ලබා දුන්න එක විතරයි. ආණ්ඩුවේ කවුරුවත් වියදම් අඩු කරන්න කියලා නිල නිවාස දාලා ගෙවල්වලට ගියේ නැහැනේ. මේ මාසෙත් ඇමැති නිවාසවල, මන්ත්‍රී නිවාසවල විදුලි බිල්, වතුර බිල් වෙනදා වගේමයි. කවුරුවත් තමන්ගේ වාහන භාවිතය අඩු කළේ නැහැනේ. ඒ වියදම් ඒ විදියමයි. බොරුවට රටට පේන්න මාසෙක දෙකක පඩිය දෙන එක නෙවෙයි කරන්න ඕනෑ. ඇමැතිවරයකුගේ පඩිය රුපියල් 65000යි. නමුත් ඊට වඩා සෑහෙන වියදමක් ඔවුන් වෙනුවෙන් ජනතාව දරනවා.
නමුත් රජය සුළු ව්‍යාපාරිකයන් වෙනුවෙන් යම් සහන ලබා දුන්නා. අඩු පොලියට ණය ලබාදීමේ පහසුකම් ඇති කළා?
ව්‍යාපාරිකයන්ට අඩු පොලියට ණය ලබා දෙනවා කියලා රජය කිව්වා. නමුත් ඒක තවම කාටවත් දීල නැහැ. 4%ක පොලියට තමයි ඒ ණය ලබා දෙනවා කිව්වේ. නමුත් මහ බැංකුව ඒ සඳහා බැංකු වෙත මුදල් ලබා දුන්නේ 1%ක පොලියකට. එතැන 3%ක වාසියක් බැංකුවලට තියෙනවා. තමන්ගේ වියදම් වෙනුවෙන් පෞද්ගලික බැංකු ඒක ලබා ගන්න එකේ වැරැද්දක් නැහැ. නමුත් ඒ ණය තවම කාටවත් ලබා දෙන්න කිසිම බැංකුවක් කටයුතු කරලා නැහැ. ඇතැම් ව්‍යාපාරිකයන්ට අවශ්‍ය විදියට තමයි මේ රජය පාලනය වෙන්නේ. අපි කලින් කතා කළ බදු වැඩි කළ ආනයනික භාණ්ඩ කිහිපයක් ඒ ලැයිස්තුවෙන් ඉවත් කරන්න රජය ඊට දින දෙකකට පස්සේ කටයුතු කළා. ඇතැම් ව්‍යාපාරිකයන්ගේ බලපෑම තමයි ඒකට හේතු වුණේ. කොරෝනා මධ්‍යයේ ඇති වුණු ඩොලර් හිඟය නැති කරන්න වැඩි කළ බදු ඉවත් කර ගන්න ඒ හින්දා රජයට සිද්ධ වුණා. මම පෞද්ගලිකවම දන්නවා ඇතැම් ආයතන ඒ වෙනුවෙන්ම කොවිඞ් අරමුදල සඳහා ලක්ෂ ගණනින් මුදල් පරිත්‍යාග කළා.
රජය ජනතාවට ලබා දුන්නු එකම සහනය රුපියල් පන්දහසේ දීමනාව පමණක් බව ඔබ සඳහන් කළා. නමුත් මැතිවරණ කොමිසමේ බලපෑම හින්දා ඒ දීමනාවත් ලබා දිය නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව රජය කියනවා. ඒක ජනතාවට කෙරෙන ලොකු අසාධාරණයක් නේද?
රුපියන් පන්දහසේ දීමනාව ලබා දුන්නු එක හොඳ දෙයක්. නමුත් ඒකේ තියෙන දේශපාලනීකරණය නැති කරන්න කියලයි මැතිවරණ කොමිසම කියන්නේ. ඒ ගැන ඒ නිවේදනයේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. මොකද මේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වුණේ දේශපාලනීකරණය වෙලා. ඇතැම් ප්‍රදේශවල මේ දීමනාව ලබා දුන්නේ පොහොට්ටුවේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයාගේ ගෙදර. ඒ හින්දා ඒ ප්‍රදේශවල ග්‍රාම නිලධාරීවරුන් පවා ඒකෙන් ඉවත් වුණා. ගොඩක් ප්‍රශ්න ඇති වුණා. මේ වැඩසටහන සාර්ථක නැහැ කියලා ලොකු චෝදනාවක් ආවා. නමුත් පන්දාහ දෙන්න බැහැ කියලා ඒ වෙලාවේ රජය කිව්වේ නැහැ. දේශපාලන අරමුණෙන් ආධාර ලබා දෙන එක නවත්වන්න කියලා හැම මැතිවරණයකදීම මැතිවරණ කොමිසම කියනවා. ඒක අලුත් දෙයක් නෙවෙයි. නමුත් මේ වෙලාවේ මැතිවරණ කොමිසමේ ප්‍රකාශය හරහා කොමිසම කෙරෙහි ජනතා අප්‍රසාදයක් ගොඩ නඟන්න රජය කටයුතු කරනවා. රජයේ පරගැති මාධ්‍ය ඒ සඳහා උදවු කරනවා. මොකද මේ රජය කොහොමටවත් කොමිසම්වලට කැමැති රජයක් නෙවෙයි. නීතියක් නැති සදාචාරයක් නැති ඒකාධිපති පාලනයකට තමයි මේ රජය කැමැති. මීට කලින් මැතිවරණ කොමිසම කියපු එක දෙයක්වත් මේ රජය ක්‍රියාත්මක කළේ නැහැ. රුපියල් පන්දහස දෙන එක විතරයි කොමිසම කිව්වා කියලා නැවැත්තුවේ.
මේ වෙලාවේ සහල් මිල පාලනය කිරීම සඳහා රජය ලොකු ක්‍රියාමාර්ගයක් ගෙන යනවා. සහල් මාෆියාව නැති කිරීම සම්බන්ධවත් ලොකු කතාබහක් ආණ්ඩුව ඇතුළේ ඇති වෙලා තියෙනවා?
ආණ්ඩුවට සහල් මිල පාලනය කර ගන්න බැරි හින්දා ඒක ලොකු ව්‍යාපාරිකයන් තුන් හතර දෙනකු පිට පටවන්න දරන උත්සාහයක් තමයි දැන් පේන්න තියෙන්නේ. මේ සහල් මාෆියාව හැදුවෙත් මේ ආණ්ඩුම තමයි. දැන් කවුද මේ සහල් මාෆියාවට සම්බන්ධයි කියන ව්‍යාපාරිකයෝ. ඩඞ්ලි සිරිසේන කියන්නේ හිටපු ජනාධිපතිවරයාගේ සහෝදරයා. ඔහු දියුණු වුණු විදිය ව්‍යාපාර කරපු විදිය රටේ ජනතාව දන්නවා. ඊළඟට සිරිපාල ගම්ලත් කියන්නේ සන්ධාන රජයේ හිටපු ඇමැතිවරයෙක්. තවත් ප්‍රධාන සහල් ව්‍යාපාරයක් වන රත්න සහල් හිමිකරු පසුගිය මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණයට තරග කළා. ඒ හින්දා මේ ව්‍යාපාරිකයෝ ඉන්නේ කාත් එක්කද කියන එක රටම දන්නවා. මේ මාෆියාව නැති කරන්න නම් ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් කුඩා සහ මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් නඟාසිටුවන එක. අනිත් එක රජය සතු වී අලෙවි මණ්ඩලය ශක්තිමත් කරන එක. මේ හැම කෙනකුටම වඩා වී අලෙවි මණ්ඩලය සතු සම්පත් ප්‍රමාණය වැඩියි. නමුත් පැවැති රජයන් හැම එකක්ම කළේ ඒ සම්පත් විනාශ කරන එක විතරයි. ඒ හින්දා කළ යුතු දේ නොකර බොරුවට මාධ්‍ය සංදර්ශන දැම්මට වැඩක් නැහැ. දැන් මොකක්ද වෙලා තියෙන්නේ. සහල් මාෆියාව අල්ලන්න ගිය ගෝඨාභයගේ සභාපතිවරයා සහල් මාෆියාවට අහු වුණා. අපි දැක්කේ ඒකනේ. ඔහු පොළොන්නරුවට ගිහින් ඩඞ්ලි සිරිසේනට ආයුබෝවන් කියලා ආපහු ආවා.
අවසන් වශයෙන් මේ ප්‍රශ්නය අහන්නේ. වැටුණු ආර්ථිකය නඟාසිටුවන්න මුදල් අලුතින් අච්චු ගැසිය යුතුයි කියලා කතාවක් තියෙනවා. ඇත්තටම අලුතෙන් සල්ලි අච්චු ගහලා ආර්ථිකය ගොඩගන්න පුළුවන්ද?
මම දන්න තරමින් දැනටමත් රුපියල් බිලියන 200කට වැඩිය සල්ලි අච්චු ගහලා තියෙනවා. හිතාගන්න බැරි තරමට රටේ උද්ධමනය වැඩි වෙන එක තමයි ඒකෙන් වෙන්නේ. මොකද ඒවා නිෂ්පාදනයට අනුව උපයන මුදල් නෙවෙයි. නිකම්ම කඩදාසි විතරයි. අනිත් එක මේ මුදල් අච්චු ගැසීම කරන්නේ පාර්ලිමේන්තුවේ අධීක්ෂණය යටතේ නෙවෙයි. ව්‍යවස්ථානුකූලව මුදල් පාලන බලය අයිති පාර්ලිමේන්තුවට. දැන් මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ පාර්ලිමේන්තුව රැස් වෙලා නැහැ. ඒ වගේම පුළුවන් වෙන ඉක්මන්ම දවසේ ඡන්දය තිබුණත් පාර්ලිමේන්තුව රැස් වෙන්න තව මාස දෙකක්, තුනක්වත් යනවා. එතකොට මාස හයක විතර කාලයක් පාර්ලිමේන්තු අධීක්ෂණයකින් තොරව තමයි මේ සල්ලි අච්චු ගැසීම කරලා තියෙන්නේ. ඒක බොහොම බරපතළ කාරණයක්. මොකද ඒ හරහා දන්නෙම නැති මොහොතක එක පාරටම රටේ ආර්ථිකය කඩා වැටෙන්න වුණත් පුළුවන්.

බිමල් රත්නායක

SendShareShare
Previous Post

පැන්න කෙල්ල දෙමළ: බේරන්න ගිය කොල්ලා මුස්ලිම්: බේරගත්තෙ සිංහල OIC: පාඩම් ගොඩක් උගන්වපු තලවකැලේ ඛේදවාචකය

Next Post

හූල් සහ දියණිය නීති කැඩුවද: හූල්ට එරෙහිව එළියෙන් ගහපු කැරැල්ලක්ද?

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.