ඉහළ පොලිස් නිලධාරීන් 41 දෙනෙකු ස්ථාන මාරු කිරීම් සිදුකර තිබේ.Sri Lanka Latest News
ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ස්ථාන මාරුවීම් අනුමත කර ඇත.
ඊට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනකු පොලිස් අධිකාරිවරුන් සිව් දෙනකු හා සහකාර පොලිස් අධිකාරිවරුන් හත් දෙනෙකු සඳහා ස්ථාන මාරු ලබාදීම් තිබේ.
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ අපොලිස් අධිකාරී එම්.එම් දෙහිදෙණිය, නුගේගොඩ කොට්ඨාශය භාර නිළධාරියා ලෙස පත් කර තිබේ. ඔහුගෙන් පුරප්පාඩු වූ එම ධූරය සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කළ කාන්තා පොලිස් නිළධාරිනී අයි.එස්. මුතුමාල මහත්මිය පත්කර තිබේ.
ඊට අමතරව, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එච්.පී.කේ.එස් පෙරේරා මහතා ත්‍රස්ත මර්දන හා විමර්ශන අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස පත්කර තිබේ. . කොළඹ අපරාධ කොට්ඨාශයට ද නව අධ්‍යක්ෂවරයෙකු පත්කර තිබේ. ඒ, අයි.යූ.කේ.ලොකු හෙට්ටි මහතා ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයද වෙනස් වී ඇති අතර, නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකරවරයා වන්නේ කේ.ඩී. මනතුංග මහතා ය.










