දිවයිනේ තහනම් සංවිධානයක් වන එල් ටී ටී ඊ සංවිධානයේ නායක වන වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත ජායාරූප හා වීඩියෝපට ෆේස්බුක් සමාජ ජාලා ගිණුමක් මගින් සංසරණය කිරීම මෙන්ම මීට පෙර ර්වෂයන් වලදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ මහාවිරු සැමරුම් වලදී ලබාගත් පැරණි වීඩියෝපට මෙම වර්ෂයේ සිදුකරන ලද සැමරුම් ලෙස හුවා දක්වමින් ෆේස්බුක් සමාජ මාධ්‍යජාලයේ සංසරණය කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව හා ත්‍රස්ත විර්මශන කොට්ඨාසය යාපනය ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.Sri Lanka Latest News
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 35 හා 45 වයස්වල පසුවන මරදාන, චුන්නාකම් හා බද්දේගම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
මහජන විරුද්ධත්වය ඇවිස්සීම හා ඇවිස්සීමට තැත් කිරීම සහ තහනම් සංවිධානයක ක්‍රියාකාරකම් ප්‍රර්වධනය වන පරිදි අසත්‍ය දැන්වීම් හා වීඩියෝ දර්ශන අන්තජාලයේ ෆේස්බුක් මගින් ප්‍රචාරණය කිරීම යන හේතු මත දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 27 වන වගන්තිය ප්‍රකාරව අත්අඩංගුවට ගෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විර්මශන කොට්ඨාසය මගින් වැඩිදුර විර්මශන කරනු ලබයි.










