සහල් ආනයනය සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට අද(29) සිට ටෙන්ඩර් කැඳවන බව ලක් සතොස පවසයි.Sri Lanka Latest News
ඒ අනුව සහල් තොග ආනයනය සඳහා අද සිට දින 7 ක් ඇතුළත ආනයනකරුවන්ට ඉදිරිපත් විය හැකි බවයි එහි සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේ.
ලක් සතොස අලෙවි සැල් හරහා මෙන්ම සුපිරි වෙළෙඳ සැල් හා සාමාන්‍ය තොග වෙළෙඳ සැල් හරහාද එම සහල් තොග බෙදා හැරීමට සැලසුම්කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා
ඒ අනුව අදියර කිහිපයක් යටතේ සහල් මෙට්‍රික් ටොන් 70,000ක් දිවයිනට ගෙන්වීමට සැලසුම් කර තිබේ.
එම සහල් උත්සව සමයට පෙර වෙළෙඳ පොලට නිකුත් කිරීමට අපේක්ෂිතයි.










