• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ ණය හිමියන්ට IMF එකෙන් දැනුම් දීමක්! ලංකාව ඔවුන්ගේ කාර්යය ඉටුකළා! දැන් ඔබේ කාර්යය ඉටු කරන්න! I Sri Lanka Latest News

November 28, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
මූඩි ලංකාව බිමට දාද්දී අලුත් මුදල් ඇමැති වොෂින්ටන්වලදී IMF ලොක්කා හමුවෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයේ දැඩි අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර ඇති අතර, එය රටේ අපේක්ෂිත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය පියවරක් වන බව ද අවධාරණය කර තිබේ.Sri Lanka Latest News

නොවැම්බර් 26 වන දා මූල්‍ය ප්‍රජාවේ සාමාජිකයින් අමතමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජිවා මහත්මිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අනුව ශ්‍රී ලංකාව මෙතෙක් ළගාකරගත් ප්‍රගතිය සහ තිරසාර ණය මට්ටම් සාක්ෂාත් කර ගැනීම සඳහා දැක්වූ සාමූහික ප්‍රයත්නය පෙන්වා දෙමින් ප්‍රකාශයක් නිකුත් කළාය.

ශ්‍රී ලංකා බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙල් සහාය ඇතිව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කර ඇති අතර, එය ණය තිරසාරභාවය සහ බාහිර ශක්‍යතාව යථා තත්ත්වයට ගෙන ඒම, පුළුල් සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණවලට සහාය වීම සහ ආර්ථික පාලනය සහ විනිවිදභාවය ශක්තිමත් කිරීම ආදිය අරමුණු කර ගෙන ඇති බවද ජෝර්ජිවා මහත්මිය පැවසීය.

SDR බිලියන 2.286ක් වූ (ආසන්න වශයෙන් ඩොලර් බිලියන 3) මාස 48ක විස්තීරණ අරමුදල් පහසුකම (EFF) පදනම් කරගත් ප්‍රතිසංස්කරණ වැඩසටහන 2023 මාර්තු මාසයේදී IMF හි විධායක මණ්ඩලය විසින් අනුමත කරන ලදී. ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කිරීම, අඩු උද්ධමනය සහ සංචිත වර්ධනය කිරීම වැනි ධනාත්මක ප්‍රතිඵල පෙන්වන ලද මෙම වැඩසටහනේ සාර්ථක ආරම්භය පිළිබඳව ද ජෝර්ජීවා මහත්මිය මෙහිදී සඳහන් කළාය.

මේ වන විට වැඩසටහන් සමාලෝචන දෙකක් සම්පූර්ණ කර ඇති අතර ඉන් අනතුරුව තුන්වන සමාලෝචනයක් සඳහා ද IMF කාර්ය මණ්ඩලය 2024 නොවැම්බර් 23 වන දින ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ගිවිසුමකට එළැඹිණ. ශ්‍රී ලංකාව නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබූ අතර IMF වැඩසටහනේ ඉලක්කවලට අනුකූලව ණය ප්‍රතිකර්මය සඳහා චීනයේ EXIM බැංකුව සමඟ ගනුදෙනුව අවසන් කිරීමෙන් ජූනි මස ඇතිකරගත් ප්‍රගතිය මෙම ගිවිසුමේ පදනම වේ. මෙය බාහිර බැඳුම්කර හිමියන්ගේ තත්කාර්ය සමූහයේ මෙහෙයුම් කමිටුව සහ ශ්‍රී ලංකාවේ බලධාරින් සමඟ මෑතකාලීන ගිවිසුම්වල “සැලකිය යුතු ඉදිරි පියවරක්” වන බවද ජෝර්ජිවා මහත්මිය වැඩි දුරටත් පැහැදිලි කළාය.

IMF කාර්ය මණ්ඩලය විසින් තක්සේරු කරන ලද මෙම ගිවිසුම එම අරමුදල් ආධාර වැඩසටහනේ පරාමිතීන්ට අනුකූල වන අතර විදෙස් ණය සේවා සහනයක් ලබා දීමට අපේක්ෂා කරයි. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින්, ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයෙන් ණය මෙහෙයුම කඩිනමින් අවසන් කිරීම වැඩසටහනේ සාර්ථකත්වය සඳහා හේතු වනු ඇති බව අවධාරණය කළ ජෝර්ජීවා මහත්මිය, ඉතිරිව ඇති අනෙකුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු බලධාරීන් අඛණ්ඩව කරගෙන යනු ඇති බවද, මෙම සාමූහික ප්‍රයත්නය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා අතිශය වැදගත් වන බවද ප්‍රකාශ කළාය.

ආර්ථිකය සඳහා තිරසාර සහ ඉහළ වර්ධනයක් යළි ස්ථාපනය කිරීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවන බව යළි යළිත් තහවුරු කර ඇති බව ද අවධාරණය කළ ඇය, ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සාර්ථකත්වය සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන, නිල ණය හිමියන් සහ ණය හුවමාරුවලට සහභාගී වන බැඳුම්කර හිමියන්ගේ අඛණ්ඩ සහයෝගය ඉතා වැදගත් බව ද පෙන්වා දුන්නාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ අරමුණු වෙනුවෙන් සහාය දැක්වීම සඳහා සිය කැපවීම තව දුරටත් තහවුරු කරනු ලැබ ඇති බව සඳහන් කළ ජෝර්ජිවා මහත්මිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට සහය දැක්වීමේ ස්ථීර හවුල්කරුවෙකු ලෙස කටයුතු කරමින් රටේ ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් සහාය වීමට සූදානම්ව සිටින බවද ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව එහි වඩාත් සංකීර්ණ මූල්‍ය අර්බුදවලින් එකකට මුහුණ පා සිටින අවස්ථාවක, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය තිරසාරභාවය යළි ස්ථාපනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙසේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වය අපේක්ෂා කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-11-27

SendShareShare
Previous Post

ගෝඨාගෝගමට පහර දුන් සිද්ධියට ඩෑන් ප්‍රියසාද්ට-මහින්ද කහඳගමට උසාවියෙන් වරෙන්තු නිකුත් වෙයි! I Sri Lanka Latest News

Next Post

මහා ගංවතුරෙන් සෝමාවතිය යටවෙයි! අලි රංචු පිටින් ගංවතුරට කොටුවෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

Load More
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.