කැලණි ගංගා ද්‍රෝණිය සහ කලා ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඉදිරි පැය 48 සඳහා ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.Sri Lanka Latest News
කලා ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශවලට මේ වනවිට සැලකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇත.
තව ද, රාජාංගනය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 10000 කට ආසන්න ජල ප්‍රමාණයක් මුදාහරිමින් පවතින අතර මේ වනවිට ජලාශයට ලැබෙන ජල ධාරිතාව අනූව මෙම ප්‍රමාණය අද දහවල් කාලයේදී තවදුරටත් වැඩිකිරීමට සිදුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව සිට ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුළ නොච්චියාගම, රාජාංගනය, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කලා ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.
මේ අතර, අද උදෑසන 10.00 වන විට කැලණි ගඟ ද්‍රෝණියේ මධ්‍යම සහ පහළ ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇත.
ඒ අනුව ඉදිරි පැය 48 ක කාලය තුළ සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවනු ලැබේ.










