ඊයේ (25) උදෑසන 8.30 සිට අද අලුයම 4.15 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතයන වාර්තා වන්නේ, අම්පාර ලාහුගල ප්රදේශයෙනි.Sri Lanka Latest News
එම අගය මිලිමීටර් 191 කි.
අම්පාර, මහඔය ප්රදේශයෙන් මිලිමීටර් 149.5ක වර්ෂාපතනයක් වාර්තා විය.
මිලිමීටර් 147ක වර්ෂාපතනයක් වාර්තා වන්නේ, අම්පාර දමන ප්රදේශයෙනි.
මේ අතර අධික වැසි සමග මාදුරුඔය මහා ගංවතුර මට්ටමට ළඟා වී තිබේ.
අධික වැසි සමග දිස්ත්රික්ක 9කට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
එම දිස්ත්රික්ක වන්නේ, බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්රික්කයි.
දිස්ත්රික්ක කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
තවද එම සංවිධානය පැවසුවේ අයහපත් කාළගුණයත් සමග කඳු ආශ්රිත ප්රදේශවල ජීවත්ව සිටින ජනතාව මෙන්ම මාර්ග භාවිත කරන රියදුරන් ඒ සම්බන්ධව අවධානයෙන් පසුවන ලෙසය.
අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙස දන්වා ඇති ප්රදේශ
බදුල්ල දිස්ත්රික්කය – මීගහකිවුල, පස්සර, හාලිඇල සහ බදුල්ල, මහනුවර දිස්ත්රික්කය – දෙල්තොට, ගඟවට කෝරළය, උඩුදුම්බර, උඩපළාත, මාතර දිස්ත්රික්කය – විල්ගමුව, අඹන්ගඟ කෝරළය, නුවරඑළිය දිස්ත්රික්කය – හඟුරක්කෙත, වලපනේ.
අදියර 1 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙස දන්වා ඇති ප්රදේශ
බදුල්ල දිස්ත්රික්කය – හල්දුම්මුල්ල, ඌව පරණගම, ලුණුගල, ඇල්ල, ගාල්ල දිස්ත්රික්කය – නාගොඩ, බද්දේගම, ඇල්පිටිය, කළුතර දිස්ත්රික්කය – බුලත්සිංහල, මහනුවර දිස්ත්රික්කය – පාතදුම්බර, යටිනුවර, කෑගල්ල දිස්ත්රික්කය – යටියන්තොට, කෑගල්ල, බුලත්කොහුපිටිය, මාතර දිස්ත්රික්කය – රත්තොට, නාවුල, උකුවෙල, ලග්ගල පල්ලේගල, මාතලේ, මාතර දිස්ත්රික්කය – පිටබැද්දර, නුවරඑළිය දිස්ත්රික්කය – අඹගමුව කෝරළය, රත්නපුර දිස්ත්රික්කය – පැල්මඩුල්ල, ඉඹුල්පේ, කහවත්ත, ඕපනායක, රත්නපුර, බලංගොඩ.










