බොරු සාක්ෂි ගොනු කරමින්, නීති විරෝධී ආකාරයට තමන් අත්අඩංගුවට ගත් බවට චෝදනා කරමින්, වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන් මහතා පසුගිය දා මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය.Sri Lanka Latest News
එම පැමිණිල්ල මත පදනම්ව, මේ වන විට පොලිස්පතිවරයාගේ නියෝගයෙන් ඒ පිළිබදව විමර්ශන අරඹා තිබේ.
ඒ අනුව, වයඹ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ නුවර දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව මව්බිම සිය මුල් පුවතෙන් වාර්තා කරයි.
මවුවරුන් දහසක් පමණ වද භාවයට පත් කිරීමට කටයුතු කර ඇතැයි චෝදනා කරමින්, එවකට වයඹ පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ කිත්සිරි ජයලත් යටතේ ක්‍රියාත්මක වූ කණ්ඩායමක්, 2019 වසරේ මැයි 25 වන දා ෂාෆී ෂිහාබ්දීන් වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබී ය.
වෛද්‍ය වරයා අත්අඩංගුවට ගනු ලැබූවේ පුද්ගලයන් දස දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි මත පදනම්ව බව කියැවුණි.
නමුත්, එම සාක්ෂි දහයෙන් නමයක් ම, දින වෙනස් කරමින් ව්‍යාජව සකස් කරන ලද ඒවා බව තහවුරු වී තිබේ.










