විදේශවල සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායන ක්‍රියාවලියට ලක්කරන ලද හමුදා නිලදාරියකුට කොවිඩි 19 රෝගය වැළඳී ඇති බව වාර්තා වේ.
මෙම හමුදා නිලධාරියා නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර පසුගිය 26 වෙනිදා අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක් සිදුකර ගැනීම සඳහා හොරණ නගරයේ වෙළදසැල් 04 කට ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
ඒ අනුව හොරණ නගරයේ වෙළදසැල් 04ක සේවය කරනු ලබන සේවක සේවිකාවන් 26 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් අද (30) පියවර ගෙන තිබේ.










