• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘සැකකරුවන් අත්අඩංගුවට ගන්න ප්‍රමාණවත් සාක්ෂි තිබියදී නීතිපති නඩුගොනුව වසා දැමීම පුදුමයට කරුණක්! මගේ නියෝගයයි නීතිපතිගේ මතයයි අතර ගැටීමක් සිදුවෙනවා! මෙය කිසිසේත්ම නඩු නිමිත්තක් නැහැ කියන්න පුළුවන් සිදුවීමක් නොවෙයි! නමුත් මෙම අධිකරණයට නීතිපතිගේ බලය අතික්‍රමණය කිරීමේ බලයක් නැහැ! ඔබට කළ හැකි එකම විකල්පය අභියාචනාධිකරණයට ඉල්ලීමක් කරන්න!’ මහර බන්ධනාගාරයේ ඝාතන ගැන වැලිසර මහේස්ත්‍රාත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! ‘මේක නරක පූර්වාදර්ශයක්! ජනතාව පිළිගන්න ඕනේ අධිකරණ නියෝගය ද? නැතිනම් CIDයේ හෝ නීතිපතිගේ මතයද? -නීතීඥ සේනක පෙරේරා!  I Sri Lanka Latest News

November 23, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
කැරැල්ලක් මැඩපවත්වන්න වෙඩි තැබූ බවක් පේන්නේ නෑ! මහර බන්ධනාගාරයේ රැඳවූවන් 11ක් වෙඩි තබා මරා දැමීම අපරාධයක්! වහාම බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගන්න! අධිකරණය CIDයට නියෝග කරයි!
Share on WhatsAppShare on Facebook

2020 වසරේ මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 11 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි තිබියදී නීතිපතිවරයා නඩුගොනුව වසා දැමීම පුදුමය දනවන්නක් බව වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ප්‍රකාශ කළේය.Sri Lanka Latest News

එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥයින් කියා සිටියේ, ජනතාව පිළිගත යුත්තේ අධිකරණ නියෝගද ? නැතිනම් නීතිපති මතයද යන්න මෙම සිදුවීමේදී ප්‍රශ්නගත වී ඇති බවයි.

කොවිඩ් වැළඳී ඇත්දැයි තහවුරු කර ගැනීමට පීසීආර් පරීක්ෂණයක් ඉල්ලා 2020 නොවැම්බර් 29 වෙනිදා මහර උද්ඝෝණයක් කළ මහර බන්ධනාගාරයේ රැඳවියන්ට පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩි තැබීමේදී රැඳවියන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්වුණි.

එම රැඳවියන් 11 දෙනාම මියගොස් තිබූණේ හිස, බඩ, පපුව ආදී ප්‍රදේශවලට සිදුවූ වෙඩි වැදීමෙන් ඇතිවූ තුවාල හේතුවෙන් බවට වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණ වූ අතර, එහිදී මහෙස්ත්‍රත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා පැවසුවේ, එය අපරාධයක් බවයි.

එම වෙඩිතැබීම අවම බලය භාවිත කිරීමක් ලෙස සැලකිය නොහැකි බැවින් වහාම වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත් එම අධිකරණය නියෝග කළේය.

එවැනි පසුබිමක ඉකුත් සැප්තැම්බර් 26 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති උපදෙස් සහිත ලිපියක් ඉදිරිපත් කරමින් වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ අදාළ නඩුගොනුව වසා දමන ලෙසය.

නමුත්, අදාළ නඩුගොනුව එකවර වසා දැමීම ප්‍රතික්ෂේප කළ වැලිසර මහෙස්ත්‍රාත්වරයා නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇති පියවර අගතියට පත් පාර්ශ්වයට දැනුම්දීමට අද නඩුව යළි කැඳවා තිබුණි.

“මට මතකයි මේ නඩුවේ මුල් අවස්ථාවේදිම පැමිණිල්ල මේ කොරෝනා ආසාදිත පුද්ගලයින් කියා මෘත ශරීර පුළුස්සා විනාශ කරන්න හැදුවා. අගතියට පත් පාර්ශ්වයේ නීතිඥයින් නිසයි එය වැළකුණේ. පසුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණා මෙම මරණ 11ම සිදුව ඇත්තේ උදරයෙන් ඉහළට සිදුව ඇති වෙඩිවැදීම් නිසා කියලා. එය කලහකාරී තත්ත්වයක් පාලනයට අවම බලය භාවිත කිරීමක් ලෙස කිසිසේත්ම සලකන්න බැහැ. ඒ නිසයි අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්න කියලා මා නියෝග කළේ. නමුත් නීතිපතිවරයා යොමුකළ උපදෙස් ලිපියේ කියන්නේ බන්ධනාගාර නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්යය බළකාය නිත්‍යානුකූලව කටයුතු කළා කියලා. එය පුදුම සහගතයි. මෙතනදී පැහැදිලිව මගේ නියෝගයයි, නීතිපතිගේ මතයයි අතර ගැටීමක් සිදුවෙනවා. මෙය කිසිසේත්ම නඩු නිමිත්තක් නැහැ කියන්න පුළුවන් සිදුවීමක් නොවෙයි. මෙම අවස්ථාවේත් අධිකරණයේ මතය මේ සිදුවීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තියේ එන ” මිනිමැරුම” හෝ 298 වගන්තියේ එන ” නොසැලිකිලිමත්කමින් මරණය සිදුකිරීම” යන වරද යටතේ චෝදනා ගොනුකළ හැකියි යන්න. නමුත් මෙම අධිකරණයට නීතිපතිගේ බලය අතික්‍රමණය කිරීමේ බලයක් නැහැ. ඔබට කළ හැකි එකම විකල්පය අභියාචනාධිකරණයට ඉල්ලීමක් කරන්න”

මහෙස්ත්‍රාත්වරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සේනක පෙරේරා මහතාද විවෘත අධිකරණයේ කරුණු දැක්විය.

“ස්වාමිනි, නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය අතීශයින්ම ප්‍රශ්න සහගතයි. ස්වාමිණී බන්ධනාගාර ආඥා පනතේ 77 වගන්තිය යටතේ බන්ධනාගාර නිලධාරීන්ට ගිනිඅවි භාවිත කරන්න පුළුවන් සිරකරුවන් පැනයාමට උත්සාහ කළ අවස්ථාවකදී පමණයි. එහෙත් මෙම සිරකරුවන් PCR ඉල්ලා උද්ඝෝෂණ කළා මිස පැනයාමට උත්සාහ කළ බවට කිසිදු සාක්ෂියක් නැහැ. අනික එම පනතට අනුව සිදුවිමක් පාලනය කරන්න වෙඩි තැබුවත්, මරණයක් සිදුකරන්න බැහැ. අනික ගිනිඅවි ක්‍රියාත්මක කරන්න කළින් නීතියට අනුව අහසට වෙඩි තියා සංඥාවක් කළ යුතුයි. මෙහිදී එවැන්නක් සිදුවූ බවටද සාක්ෂි නැහැ. එහෙම තත්ත්වයක කොහොමද ස්වාමිනි මේ නිලධාරින්ගේ ක්‍රියාකලාපය රාජකාරී සීමාවේ සිදුකළ ක්‍රියාවක් වෙන්නේ. මේක නරක පූර්වාදර්ශයක්. ජනතාව පිළිගන්න ඕනේ අධිකරණ නියෝගය ද? නැතිනම් CIDයේ හෝ නීතිපතිගේ මතයද? මෙහිදී නීතිපතිගේ නියෝගයෙන් වින්ධිත පාර්ශ්වයට බරපතළ අගතියක් සිදුවෙනවා. යුක්තිය සහ නීතිය අපගමනය කරන්න නීතිපතිට බැහැ.”

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බලා සුදුසු නියෝගයක් නිකුත් කිරීම සඳහා වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා විසින් නඩුව දෙසැම්බර් මස 13 වනදා කැඳවීමට දින නියම කළේය.

‘මහර රැඳවියන් 11 දෙනකුට වෙඩි තැබීම අපරාධයක්.. වගකිවයුතු සියලු බන්ධනාගාර හා STF නිලධාරීන් වහාම අත්අඩංගුවට ගන්න’ කියලා මහේස්ත්‍රාත්වරයා CIDයට නියෝග කොට තිබියදී නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා ලෙස දැනුම් දෙමින් CIDයට ලිපියක් යවලා! නඩු ගොනුවත් වසාදමලා! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ආණ්ඩුව මුලින් කියපු කතා ඉවරයි! කිසිසේත්ම IMF ගිවිසුම වෙනස් කරන්න බෑ කිව්වා! කොන්දේසි ඒ විදිහටම ඉටු කරන්න වෙනවා කිව්වා! සල්ලි හොයන හැටි දැන් ආණ්ඩුවට කියන්න වෙයි! සජබ සාකච්ඡාවේදී IMF එක කියපු කතා එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

‘තමන්ගේ දෙවියා ප්‍රභාකරන්ලු! කතා කරන්නේ තමිල් ඊළමේ සිටලු! ෆේස්බුක් එකේ දාගෙන ඉන්නේ කොටි සංවිධානේ සලකුණ වෙච්ච නියඟලා මල! මන්ත්‍රීකමේ දීපු දිව්රුමත් කඩලා! දඬුවම මරණ දඬුවම! පළවෙනි දවසෙම පාර්ලිමේන්තුවේ පිස්සු නටලා මැරිච්ච ප්‍රභාකරන්ට පණ දෙන්න හදන යාපනේ මන්ත්‍රී අර්චුනාගේ මන්ත්‍රී පට්ටම ගැලවෙයිද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.