• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘විකසිත වන්න සිටි නුඹ අද පරව ගියේ – වාවාගන්න බැරි දුක් ගිනි දැවෙයි ළයේ – ඔබ කෙරු වරද කිම මරුවා මිතුරු වුණේ – මතු උපදින්න අප අතරම පතමි දුවේ…!’Sri Lanka Latest News

November 23, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
‘විකසිත වන්න සිටි නුඹ අද පරව ගියේ – වාවාගන්න බැරි දුක් ගිනි දැවෙයි ළයේ – ඔබ කෙරු වරද කිම මරුවා මිතුරු වුණේ – මතු උපදින්න අප අතරම පතමි දුවේ…!’Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
මවුපියන් තමන්ගේ දරුවන්ව පාසල් යවන්නේ දරුවන්ගේ අනාගතය ගැන දහසක් හීන පොදිබැඳගෙනයි. ඒ හීන අතරේ, ගෙදරදී වගේම පාසලේදිත් දරුවාට ආරක්ෂාව ඇතැයි යන විශ්වාසයත් තිබෙනවා. එහෙත් පසුගියදා අපට අසන්නට ලැබුණේ පාසලක ගුරුවරියන් දෙදෙනෙක් දුන් දඬුවම් නිසා එම පාසලේ සිසුවියක් මෙලොවින් සමුගත් පුවතක්. මේ කනගාටුදායක සිදුවීම වාර්තා වුණේ වෙන්නප්පුව මාර්ටින් ද ෆොරෙස්ට් මහා විද්‍යාලයෙන්. සිද්ධියට මුහුණ පෑවේ එම පාසලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි කේ.එම්. රමීෂා දිනිති දැරියයි. ඇය, දරුවන් හතර දෙනකුගෙන් යුතු පවුලේ වැඩිමලායි. රමීෂා පදිංචිව සිටියේ වෙන්නප්පුව එඩ්වඩ් ජෝසප් පෙරේරා මාවතේයි. (Sri Lanka Latest News)

පසුගිය අගෝස්තු 10 වැනිදා රමීෂා සහ තවත් සිසුවියන් දෙදෙනෙක් පන්ති කාමරයේ නොසිටි බව පවසමින් පන්තිභාර ගුරුතුමිය සහ තවත් ගුරුවරියක් මෙම සිසුවියන් තිදෙනාට පහර දී ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වුණා. මේ ගුරුවරියන් දෙදෙනා අවුරුදු 39 සහ 58 වයස්වල පසුවූවන්. මේ අතර, පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනියද රමීෂාට පහරදී තිබූ බවට චෝදනා එල්ල වී තිබුණා. අනතුරුව පාසල් මිදුලේ දැඩි අව් රශ්මිය ඇති ස්ථානයක දැරියන් තිදෙනා දණගස්සවා ඇති අතර, එහිදී රමීෂා ක්ලාන්ත වී ඇදවැටී ඇති බවත් වාර්තා වුණා. පසුව ඇයව පන්ති කාමරය තුළට ගෙනගොස් බංකුවක හාන්සි කර ඇගේ මවුපියන්ට දුරකතන ඇමතුමක් දී ඔවුන්ව පාසලට ගෙන්වා දැරිය මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා. ඇය මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබද්දී තත්ත්වය බරපතළ වූ නිසා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමටයි රෝහල් බලධාරීන් පියවර ගෙන තිබුණේ.

රමීෂා මාස දෙකක කාලයක් එහි ප්‍රතිකාර ලබා සාමාන්‍ය වාට්ටුවකට මාරුකර, දින කිහිපයකින් පසුව මාරවිල රෝහලට එවීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම මහ රෝහලට මාරුකර යවා තිබුණා. පසුගිය 13 වැනිදා ඇය මෙලොව හැරගියේ එහි ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

කෙසේ වෙතත්, දැරියට දඬුවම් කළ ගුරුවරියන් දෙදෙනා පසුගිය අගෝස්තු 18 වැනිදා වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර කර තිබූ අතර, පසුව ඇප මත මුදාහැර තිබුණා. එහෙත් දැරියගේ වියෝවෙන් පසුව අදාළ ගුරුවරියන් දෙදෙනා නැවතත් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළා.

දැරියගේ මරණයට හේතුව ඇගේ මස්තිෂ්කයේ නහරයක් පිපිරීම හේතුවෙන් අධික ලෙස රුධිර වහනය වීම බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා අනාවරණ කර තිබුණා.

කෙසේ වෙතත් දැරියට දඬුවම් කිරීමට හේතුව ලෙස ගුරුවරියන් පොලිසියට පවසා තිබුණේ කාලපරිච්ඡේදයේ විනාඩි 20ක පමණ කාලයක් ගතවන තුරු සිසුවියන් තුන්දෙනා පන්ති කාමරයට නොපැමිණීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් විමසද්දී ඔවුන් දුන් පිළිතුරු පරස්පර වීම නිසා පාදයට පහරක් එල්ල කළ බවත්, පසුව දණගැස්සවීමට කටයුතු කළ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වෙන්නප්පුව මූලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකරනු ලබනවා.
නොසිතූ මොහොතක තම දියණියට අත්වූ අවාසනාවන්ත ඉරණම සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිස් මූලස්ථානය සිදුකළ විමර්ශනයේදී රමීෂාගේ මව වන ශාලිකා රුවන්ති හඬා වැලෙපෙමින් මෙසේ පවසා තිබුණා.

‘දුවගේ ඔළුව කැක්කුමයි කියලා අගෝස්තු 09 වැනිදා ඉස්කෝලෙන් එන්න කිව්වා. මම යද්දී ළමයා සිහිය නැතුව හිටියේ. මම ඇහුවා ඇයි ඒ කියලා. ටීචර් කිව්වා පීරියඩ් එකක් කට් කරපු නිසා ළමයාට පහරක් ගැහුවා කියලා. ඊට පස්සේ සංගීත මිසුත් එයාට ගහලා තිබ්බා. එයාව දණගස්සලා අව්වේ තියලා. පස්සේ එයාට සිහිය නැතුව ගියාම ළමයි තුන්දෙනෙක් එකතුවෙලා දරුවව උස්සලා අරගෙන ඩෙස්ක් එකට දානකොට ළමයාගේ ඔළුව වැදිලා තියෙනවා. ඊට පස්සේ මම ළමයගේ තාත්තාට කතාකරලා ඉක්මනට ත්‍රීවීල් එකක් අරගෙන එන්න කිව්වා. ආවට පස්සේ ළමයව මාරවිල ඉස්පිරිතාලෙට අරන් ගියා. ඊට පස්සේ එතැනින් කොළඹට මාරු කළා. දුව මාස එකහමාරක් විතර ෂක්‍ඹ එකේ හිටියා. පස්සේ සාමාන්‍ය වාට්ටුවකට දැම්මා. ඒකෙත් දින ගණනාවක් හිටියා. ටිකක් හොඳවෙලා මාරවිල ඉස්පිරිතාලෙට එව්වා. එතැන සති දෙකක් විතර ඉඳලා රාගම ඉස්පිරිතාලෙට යැව්වා. ව්‍යායාම කරන්න කියලා. එහෙත් සතියක් විතර හිටියා. දවස් දෙකක් විතර ව්‍යායාම කරලා අමාරු වෙලා ආයෙත් ෂක්‍ඹ දැම්මා. දවස් දෙකක් හිටියාට පස්සේ මගේ දුව නැතිවුණා….’
රමීෂාගේ මව තවදුරටත් පවසා සිටියේ මෙවැන්නකි.

‘මගේ රත්තරන් දුවේ අපි කොයි තරම් අමාරුවෙන්ද ඔයාව ලොකු මහත් කරලා ඉගැන්නුවේ. මාස තුනක් ඔයා ඉස්පිරිතාලේ දුක් වින්දා. වැරැද්දක් කළා නම් ගුරුවරුන්ට පොඩි දඬුවමක් දෙන්න තිබුණනේ. ඇයි දෙයියනේ මේ වගේ දඬුවම් දෙන්නේ. මගේ සුදු රෝස මල කුඩුපට්ටම් කරලා ගෙදර එවන්නද මම ඉස්කෝලේ යැව්වේ…’

දියණියගේ ඥාතීන් ඇගේ වෙන්ව යෑම දරාගැනීමට නොහැකිව හඬාවැටෙන්නට වුණේ ‘මේ දුව හරි ආසාවෙන් හිටියේ සාමාන්‍ය පෙළ විභාගය කරලා රස්සාවක් කරන්න’ යනුවෙන් පවසමිනි.

මෙලෙස අකාලයේ ජීවිතය හැරගොස් තිබුණේ අපේ රටේ අනාගතය භාරගන්න සිටි අහිංසක දියණියක්. දරුවෙකු වරදක් කළ විට ඔවුන්ට දඬුවම් කළ යුත්තේ කෙසේද යන්න ගැන ගුරුවරුන් මීට වඩා සිතිය යුතුව තිබුණා නේද? අතීතයේ දරුවන්ට දඬුවම් කරන්න ගුරුවරුන් භාවිත කළේ රළු ක්‍රමවේද නොවේ. ‘වේවැල් කෝටු නාරං සියඹලා අතු – කිතුල් පොල් ඉරටු කසඹිලිය අතු’ යන පැරැණි කවි දෙපදයෙන් ඒ බව මනාව කියැවෙනවා.

විවිධ මානසික මට්ටම්වල සිටින දරුවන් පාසල් එනවා. මවුපියන් ඔවුන් පාසල් එවන්නේ බොහෝ ආර්ථික අපහසුතා මධ්‍යයේ. ඒ නිසා ගුරුවරුන් දරුවන් ගැන මීට වඩා සානුකම්පිතව සිතා බැලිය යුතුයි. සිසු දරුවෙක් ගැන වටහා ගන්න මනෝ විද්‍යාත්මක ක්‍රමවේදයක් තිබිය යුතුයි. එවැනි ගුරුවරු අපේ රටේ හිඟවීම මෙවැනි සිදුවීම්වලට ප්‍රධානතම හේතුවයි. දරුවන්ව ආරක්ෂා කරන අධ්‍යාපන ක්‍රමයක් තවමත් අපේ රටේ නිර්මාණය වෙලා නැති බවයි අපට වැටහෙන්නේ. බොහෝ ගුරුවරු පවසන්නේ ‘අපිට දරුවන්ට දෙකක් ගහලවත් හදන්න බැහැනේ’ කියලායි. දෙකක් ගහනවාට වඩා දරුවෙකුට ආදරයෙන් කිව්වොත් මම නම් හිතන්නේ දරුවා යහ මගට ගත හැකි වනු ඇතැයි කියායි.
දරුවන්ට මවක ලෙස ආදරය දෙන ගුරුවරුත් පාසල්වල ඉන්නවා. නමුත් හැම කෙනකුම එහෙම නැහැ. එහෙම වුණා නම් අදටත් මේ දැරිය ජීවතුන් අතර සිටින්නට තිබුණා. කාරුණික නැණවත් සංවේදී මවක් ලෝකය ආලෝක කළ විශිෂ්ටයෙකු බිහිකරන්න පවා ඉවහල් වනවා. මේ බව තෝමස් අල්වා එඩිසන් විද්‍යාඥයාගේ චරිත කතාවෙන් පවා ඔප්පු වෙනවා. ඔහුව එකල හැමෝම ප්‍රතික්ෂේප කළේ මානසික රෝගියෙක් බව පවසමින්. නමුත් අවසානයේ ගුරුවරියකගේ ආදරය නිසාම ලොවට ඉතා ප්‍රයෝජනවත් නව නිපැයුම් බිහිකරන්නට ඔහු සමත් වුණා. බොහෝ දරුවන්ගේ මානසික පීඩනයට හේතුව පාසල්වල ඇතැම් ගුරුවරුන්ගේ ක්‍රියාකලාපයන්. ඒ නිසාම සැරපරුෂ ගුරුවරයෙක් පන්තියට පැමිණෙන විට ඒ අහිංසක දරුවන් බයේ වෙවුලනවා. ඒ නිසාම එම ගුරුවරයා උගන්වන විෂය පවා දරුවන්ට අප්‍රසන්න වෙනවා‌.

සමහර මවුපියන් පවා දරුවන්ට අනවශ්‍ය ලෙස තරවටු කරනවා. මියගිය රමීෂා දැරියගේ පියා පවා මේ සිදුවීමට පෙර දිනයේ ඇයට පහරදී තිබුණු බවද පරීක්ෂණවලින් අනාවරණ වී තිබුණා. බොහෝ මවුපියන් දරුවන්ට තළා පෙළනවා. විවිධාකාරයේ දඬුවම් දෙනවා. දරුණු ලෙස බැණවදිනවා. බොහෝ මවුපියන් තමන්ගේ ආතතිය පිටකරන්නේ දරුවන්ට දඬුවම් කරලා. දරුවෙකුට දඬුවම් කළ යුත්තේ තිරිසන් සතෙකුට මෙන් නොවෙයි. මනුස්සයෙක් ලෙස සලකමින් බව වටහාගත යුතුයි. ඔබේ දරුවා වසු පැටියකු ලෙස නොව මිනිස් දරුවකු බව සිතන්න. කෙවිට භාවිත කරන්නේ හරක් දැක්කීමට මිස දරුවන් කීකරු කිරීමට නොවන බව සිතන්න. අනතුරක් සිදුවුණාට පස්සේ පසුතැවිලා වැඩක් නැහැ. නැවත ජීවිතයක් ලබාගන්න බැහැ. මේ බව ඇතැම් ගුරුවරුන්ට පමණක් නොව ඇතැම් මවුපියන්ට පවා තවමත් හරිහැටි අවබෝධ නොවීම කනගාටුවට කරුණක්.

රමිෂා දිනිති දියණියනි, උපදින මතු භවයක යළිත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවායි ‘මව්රට’ අපි ප්‍රාර්ථනා කරනවා.

රමීෂාගේ අවසන් කටයුතු සිදුවූ දිනයේ, ඇගේ දේහය අසල ප්‍රදර්ශනය කර තිබූ බැනරයක සඳහන්ව තිබූ වැකියකින් මෙම ලිපිය අවසන් කරමු.

‘විකසිත වන්න සිටි නුඹ අද පරව ගියේ
වාවාගන්න බැරි දුක් ගිනි දැවෙයි ළයේ
ඔබ කෙරු වරද කිම මරුවා මිතුරු වුණේ
මතු උපදින්න අප අතරම පතමි දුවේ…’

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

අත යට ගහපු කොරියා රස්සා! Sri Lanka Latest News

Next Post

වන්ෂොට් නොකවුට්! කැලණි ණයා ෆ්ලැට්! Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.