සජබ නායකත්වය පිළිබද කිසිදු ගැටලුවක් නොමැති බවත්, සජබ නායකයා මහපොළොවේ පයගසා සිටින අයකු බවත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීය.Sri Lanka Latest News
එහිදි අදහස් දැක්වු ස.ජ.බ මහලේකම් රංජිත් මද්දුම බංඩාර මහතා
‘‘මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට ඡන්දය ලබාදුන්න ඡන්ද දායකයින්ට සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිම සඳහා ඡන්දය භාවිතා කළ සියලුම දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මහ මැතිවරණය පැවැත්විමට කටයුතු කළ මැතිවරණ කොමිසන් සභාව , අදාල නිලධාරින් , ආරක්ෂක අංශ වලට අපගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමට මුද්‍රිත මාධ්‍ය , විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය විශාල කාර්යයක් ඉටු කළා. ඒ වගේම මෙවර මැතිවරණයේදී අපි ලක්ෂ 20 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් සමගි ජන බලවේගයට ලැබිලා තිබෙනවා. ජනතාව සමගි ජන බලවේගය කෙරෙහි තබපු ඒ විශ්වාසයට අපි ස්තුතිවන්ත වෙනවා.
කෙසේ නමුත් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බලවේගයට පත්වන්නට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ අනුව රට වෙනුවෙන් විශාල කාර්යය භාරයක් රට වෙනුවෙන් ඉටු කරන්න විපක්ෂය ලෙස සමගි ජනබලවේගයට අවස්ථාව උදා වෙලා තිබෙනවා.ජනාධිපතිවරයා සිටින , තුනෙන් දෙකක බලයක් තිබෙන පක්ෂයක් සමඟ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යය ඉටු කරන්න සමගි ජන බලවේගය කටයුතු කරනවා. ජනතාවගේ ඡන්ද අයිතිය ප්‍රජාතන්ත්‍රවාදය , ආරක්ෂා කර ගනිමින් ඒ කාර්යය ඉටු කරන්න අපි කටයුතු කරනවා.
අපි අද සිටින්නේ බංකොලොත් වුණ රටක. ජනතාවට තුන්වේල හරියාකාරව කැමට නොහැකි රටක , පොහොර , ඉන්ධන සාධාර මිලකට ජනතාවට නොලැබෙන රටක , බලට ජාතික ජන බලවේගයට ලබා දෙන්න රටේ ජනතාව තින්දු කරලා තිබෙනවා. ජනතාව ගත්ත ඒ තීරණය අපි පිළිගන්නවා. ඒ වගේම රජයේ වගකිම වෙන්නේ ජනතාවට ලබා දුන්න පොරොන්දු ඉටු කිරිමයි. ඒ වගේම රටේ ආර්ථිකය ශක්තිමත් කිරිමත් රජයේ ප්‍රමුඛ වගකිමක් වෙනවා. ආණ්ඩුවේ කාර්යයන් දෙන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය විමසිල්ලෙන් බලාගෙන සිටිනවා.
ඒ වගේම හොර ඇල්ලිම සහ හොරුන් හොරා කාපු මුදල් දේපල නැවත ලබා ගැනිම වර්තමාන රජයේ ප්‍රධාන සටන් පාඨයක් වුණා. ආණ්ඩුවට හොරුන් ඇල්ලිමට , හොරුන් හොරා කාපු මුදල් දේපළ නැවත ලබාගැනිමට ආණ්ඩුවට පුර්ණ සහාය ලබාදිමට සමගි ජන බලවේගය කටයුතු කරනවා.
හොරුන් ඇල්ලිම සඳහා වන අණපනත් අපි පාර්ලිමේන්තුවට ගෙනැවිත් තිබෙනවා. දුෂණ විරෝධි පනත පාර්ලිමේන්තුවට ගෙනාවේ සමගි ජන බලවේගය විසින්. ඒ පනත ක්‍රියාත්මක කරන්න වර්තාමන රජයට හැකියාවක් තිබෙනවා. ඒ වගේම රටෙන් සොරකම් කළ දේපළ සහ ධනය නැවත ලබා ගැනිම සඳහා වන පනතත් අපි පාර්ලිමේන්තුවට ගෙනැවිත් තිබෙනවා. ඒ අණ පනත් නීති ගත කොට වහාම ක්‍රියාත්මක කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම අසිමිත බලයක් සහිත ආන්ඩුවක් රටේ මේ වනවිට නිර්මාණය වෙලා තිබෙනවා. අසිමිත ආණ්ඩු බලයත් සමඟ රටේ වංචාව , දුෂණය රජකරවන යුගයන් තිබුණා. ඒ අසිමිත බලය සමග පාලකයන් ඒකාධිපති තින්දු ලබාගත්තා. අසිමිත බලය සමඟ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගන්නත් අවශ්‍යයි. රටේ ජනතාවගේ අයිතින් ආරක්ෂා කර ගන්නත් අවශ්‍යයි. කෙසේ නමුත් රටේ විපක්ෂයේ කාර්යය හොදින් ඉටු කරන්න සමගි ජන බලවේගය සුදානම්. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සමඟ ජයග්‍රාහි ගමන ආරම්භ කරන්න අපි කටයුතු කරනවා.‘‘










