වර්තමාන අර්බූදය අතරතුර වත්මන් ආණ්ඩුව ඔස්ට්‍රේලියාවෙන් කිරිගවයන් 2500ක් ගෙන්වීමට නැවත වතාවක් තීන්දුවක් ගෙන ඇති බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඉකුත් රාජපක්ෂ ආණ්ඩු සමයේත් කිරිගවයන් ගෙන්වීමට කටයුතු කළ බවත්, ඒ හරහා එවකදී විශාල පාඩුවක් රටට සිදු වූ බවත්, ඒ හරහා හෝ ආණ්ඩුව පාඩමක් ඉගෙන ගෙන නැති බවත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
එම නිසා මේ කිරි ගව ගනුදෙනුව වහාම අත්හිටුවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින ප්‍රේමදාස මහතා කොරෝනා අර්බූදය හමුවේ රට තවත් අගාධයට යොමු නොකරන ලෙසද ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.