• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැරෙන්න මොහොතක් තියා මේජර් සරත් මුණසිංහගේ අත අල්ලාගෙන විජේවීර කියපු රහස් පහ! මගේ පණිවුඩය කරුණාකරලා බිරිඳට දෙන්න! Sri Lanka Latest News

November 17, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

රෝහණ විජේවීර ඒකාබද්ධ හමුදා මූලස්ථානයට ගෙන ඒමෙන් පසුව ඔහුගෙන් ප්‍රශ්න කළ එක් නිලධාරියෙකු වුණේ එවක මේජර්වරයකු වූ සරත් මුණසිංහයි. පසු කලෙක ඔහු ඒ පිළිබඳ කෙටි සටහනක් තබා තිබුණා. ඔහු ලියූ සිය චරිතාපදානයේ මෙය දැක්වෙනවා. මේජර්වරයාගේ මේ සටහන සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමක් නොවුණත්, එය පක්ෂයට වාර්තාවී තිබූ තොරතුරුවලට අනුව බලන විට සත්‍යයක් බවයි පැවැසෙන්නේ. (Sri Lanka Latest News)

‘වෙලාව පස්වරු 11.30ට පමණ වුණා. අපි ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයට ළඟා වුණා. අනෙකුත් සන්නද්ධ සේවාවල නිලධාරීනුත් ඒ වෙලාවේ එතැනට ඇවිල්ලා හිටියා. රෝහණ විජේවීර හිඳගෙන සිටි සාකච්ඡා මේසයට අපව කැඳවාගෙන ගියා. මේසයේ හරියටම විජේවීර ඉදිරියෙන් වූ පුටුව මට පිරිනැමුවා. මම ඔහුත් එක්ක සාකච්ඡාව ආරම්භ කළා. ජාතික බුද්ධි කාර්යාංශයේ අධ්‍යක්ෂ ෂර්නි විජේසූරියත් ඔහුගේ දෙවැනියාත්, තවත් කිහිප දෙනකුත් එම ස්ථානයේ සිටියා. මම දිගින් දිගටම රෝහණ විජේවීරගෙන් ප්‍රශ්න කළා. මම ඔහුගෙන් ඉංග්‍රීසියෙන් ප්‍රශ්න කරන විට ඔහු සිංහලෙන් පිළිතුරු දුන්නා. මා රුසියානු බස දන්නේ දැයි ඔහු මගෙන් විමසුවා. මා එම බස නොදන්නා බව මා ඔහුට කීවා. ඔහුගේ දෙවැනි බස රුසියානු බස බව වීජේවීර මට කිව්වා. තමන්ගේ පෞද්ගලික ජීවිතයට අදාළ සියලු දේ ඔහු මට කිව්වා. මුලින්ම බණ්ඩාරවෙල සිටි බවත්, පසුව මහනුවර උලපනේට පැමිණි බවත් ඔහු කියා සිටියා. ඒත් ජවිපෙ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු කියන්න ඔහු අකැමැති වුණා.

මේ සාකච්ඡාව අතරතුරේදී ඒකාබද්ධ අණදෙන නිලධාරී තම දෙවැනියත් සමග යාබද කාමරයේ වූ කාර්යාලයේ හිටියා. මැදියම් රාත්‍රිය ගෙවීයද්දී නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ජෙනරල් රන්ජන් විජේරත්නත් ශාලාවට පැමිණ සාකච්ඡා මේසයේ ප්‍රධාන ආසනයේ අසුන්ගත්තා. විජේවීරගෙන් ඔහු ප්‍රශ්න කිහිපයක් ඇසුවත් විජේවීර ඊට පිළිතුරු දුන්නේ නැහැ. ජෙනරල් විජේරත්න ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරියාගේ කාර්යාලයට ගියා. අපි අපේ සාකච්ඡාව ඊට පස්සේ දිගටම කරගෙන ගියා.

අපි කතාකරන අතරතුර තේ කෝප්ප කිහිපයක්ම හිස් කළා. ත්‍රස්ත ක්‍රියාවලින් වැළකී ඉන්න කියලා තමන්ගේ පක්ෂ සාමාජිකයන්ට උපදෙස් දෙන්න කියලා මම විජේවීරගෙන් ඉල්ලා සිටියා. තර්ජනය කොට කියා සිටීමෙන් පසුව ඔහු ඊට එකඟ වුණා. ඔහු කී දේ පටිගත කරගත් අපි නිසල කැමරාවකින් පින්තූර කිහිපයකුත් ගත්තා. ටික වේලාවකින් පසු අප හොඳින් දන්නා පොලිස් අධිකාරිවරයෙක් ඒකාබද්ධ මෙහෙයුම් කාර්යාලයට ආවා. ඇතුළට පැමිණි නිලධාරියා රෝහණ විජේවීරගේ කොණ්ඩය පිටුපසට අල්ලාගෙන ඔහුගේ කම්මුලට දෙවරක් තට්ටු කළා. පසුපස හැරී බැලූ විජේවීර ‘තමුන්නාන්සේ වගේ කෙනෙක් වෙන්න ඇති කියලා මම හිතුවා’ යනුවෙන් පැවැසුවා. පොලිස් නිලධාරියා ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානී හා ඇමැතිවරයා සමග සාකච්ඡාවට ඉන් පසුව එක්වුණා. අපි අපගේ සාකච්ඡාව දිගටම කරගෙන ගියා.

විජේවීර රසවත් කතා කීපයක්ම කිව්වා. දිනක් ජවිපෙ ක්‍රියාකාරීන් පිරිසක් නිමල් කිත්සිරි අත්තනායකගේ ඒ කියන්නේ රෝහණ විජේවීරගේ උලපනේ නිවෙසට ඇවිල්ලා තියෙනවා. තම ව්‍යාපාරය සඳහා ඔවුන් මුදල් ඉල්ලලා තියෙනවා. විජේවීර එසැණින්ම ඔවුන්ට රුපියල් 100ක් දෙමින් ප්‍රතිචාර දක්වලා තිබුණා. ‘තරුණ ක්‍රියාකාරීන් තමන්ගේ නායකයව හඳුනාගත්තෙත් නෑ…’ කියලා විජේවීර හොඳටම හිනාවුණා.

1989 නොවැම්බර් 13 වැනිදා පාන්දර 3.45ට පමණ ප්‍රශ්න කිරීම අවසන් කරන්න කියලා මට නියෝග ලැබුණා. ඊට පස්සේ රෝහණ විජේවීර පහළ තට්ටුවට රැගෙන එන්න කියලා දැනුම් දුන්නා. අපි එකිනෙකාට ළංව පහළට බැස්සා. විජේවීර මගේ අත අල්ලගෙන මෙහෙම කිව්වා.

‘අන්තිම මොහොතේ ඔබතුමා වගේ කෙනෙක් හමුවීම ගැන මට ගොඩක් සතුටුයි. මම වැඩි දවසක් ජීවත් වෙන එකක් නැහැ. මගේ පණිවුඩය කරුණාකරලා මගේ බිරිඳට දෙන්න.’

විජේවීරගේ පණිවුඩයේ වැදගත් කරුණු 5ක් අඩංගු වුණා. ඒවා සියල්ල ඔහුගේ පවුලට සම්බන්ධ අතිපෞද්ගලික කාරණා. මොහොතකට පස්සේ විජේවීරගේ දෑස් වසා බැඳ කොළ පාට පැජරෝ ජීප් රථයේ පසුපස ආසනයේ ඔහුව ඉන්දෙව්වා. දෙදෙනෙක් විජේවීරගේ දෙපස අසුන්වල හිඳගත්තා. අනෙක් අය ගොඩවුණේ ජීප් රථයේ පිටුපසම තිබුණු ආසනවලට. ඒ වෙලාවේම වගේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ආවා වාහනය අසලට. ඔවුන් හා එක්වෙන්න ඔහු කළ ඇරයුම මම විනීත ලෙස ප්‍රතික්ෂේප කළා. පැජරෝ රථය ඉදිරියට ගියා. මම කර්නල් ලයනල් බලගල්ලත් එක්ක ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථාන ගොඩනැගිල්ලට පිවිසෙන ස්ථානයේ සිටගෙන සිටියා.’ මේ සරත් මුණසිංහ කියූ කතාව.

මොඩ්ල් ෆාම් පාරේ ගොල්ෆ් පිටියට රෝහණ විජේවීර සහෝදරයා ගෙනගොස් ඝාතන සැලසුම් ක්‍රියාත්මක කරන ලද්දේ ඉන් අනතුරුවයි.

Srilankantv Plus යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

මතකද පිටරටවල බිලියන ගණන් සල්ලි හංගලා කියලා පැන්ඩෝරා -පැනමා පේපර්ස්වලින් ලංකාවේ අයගේ නම් ලයිස්තුවක් හෙළිකළා! එදා හිටපු පාලකයො කිසිම පරීක්ෂණයක් කළේ නෑ! මෙන්න ඒ කෝටිපතියන්ගේ නම් ලයිස්තුව මව්රට එළියට දානවා! බලමු අනුරගේ ආණ්ඩුවවත් මේ කෝටිපතියන් සල්ලි උපයපු හැටි-පිටරටට අරන් ගිය හැටි හොයලා නීති විරෝධීව වත්කම් ඉපයූ අයට දඬුවම් දෙයිද කියලා! I Sri Lanka Latest News

Next Post

ලෝක විනාශය 2025 ආරම්භ වෙනවා! පිටසක්වළ ජීවීන් මේ ලෝකෙට එනවා! යුරෝපයේ විශාල යුද්ධයක් පටන්ගන්නවා! ලෝකයම හෙල්ලෙන අනාවැකි තිතට කියපු බාබා වැංගාගේ 2025 අනාවැකි මෙන්න! Sri Lanka Latest News

MORE NEWS

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

සියඹලාණ්ඩුවේදී වී ප්‍රශ්නය මුල්කරගෙන ගොවි ජනතාව සහ මාලිමා ප්‍රාදේශීය නායකයන් අතර උණුසුම් තත්ත්වයක් මතුවූයේ මෙසේය.Sri Lanka Latest News

Read more
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.