• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දය දවසේ අහස පොළොව නුහුලන අපරාධයකුත් වෙලා! ගුරුවරියන් දෙදෙනෙක් කරපු පහර දීමකින් වෙන්නප්පුවේ 10 වසර සිසුවියක් මැරිලා! දැන් ගුරුවරියන් දෙන්නම රිමාන්ඩ්! VIDEO I Sri Lanka Latest News

November 17, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
ඡන්දය දවසේ අහස පොළොව නුහුලන අපරාධයකුත් වෙලා! ගුරුවරියන් දෙදෙනෙක් කරපු පහර දීමකින් වෙන්නප්පුවේ 10 වසර සිසුවියක් මැරිලා! දැන් ගුරුවරියන් දෙන්නම රිමාන්ඩ්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෙන්නප්පුවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් දෙදෙනෙකුගේ පහරදීම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් රෝහල්ගතව සිටි සිසුවියක් රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.Sri Lanka Latest News

මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පු ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි රමේෂා දිනිති නම් සිසුවියකි.

මියගිය දැරියගේ දේහය පිළිබඳව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, මොළයට රුධිරය වහනය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිට ඇප මත මුදාහැර සිටි ගුරුවරියන් දෙදෙනා නැවතත් පසුගිය 14 වනදා  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ බව පොලීසිය පවසයි.

ඇයගේ පන්තිභාර ගුරුවරිය හා තවත් ගුරුවරියක සිදුකළ මෙම අමානුෂික පහරදීම පිළිබඳව අද දෙරණ පසුගිය අගෝස්තු මස 23 වනදා වාර්තා කළේය.

එහිදී අදාළ දැරිය තවත් සිසුවියක් සමගින් පන්ති කාමරයෙන් පිටතට ගොස් නැවත පැමිණීමට විනාඩි 20කට අධික කාලයක් ගත වූ බවත් ඒ පිළිබඳව විමසීමේදී පරස්පර කතාකීම හේතුවෙන් ඇයට පහරදී අව්වේ දණ ගැස්සවූ බවත් ගුරුවරියන් දෙදෙනා පොලීසිය හමුවේ පවසා තිබුණි.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ වෙන්නප්පුව පොලීසිය ආදළ ගුරුවරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

අනතුරුව 39 හා 57 යන වයස්වල පසුවන සැකකාර ගුරුවරියන් දෙදෙනා අධිකරණය මගින් ශරීර ඇප මත මුදාහැරුණේ පසුගිය සැප්තැම්බර් මස 13 වනදාය. 

අදාළ පහරදීම පසුගිය අගෝස්තු මස 9 වනදා සිදුව තිබූ අතර පහරදීම හේතුවෙන් සිසුවිය මූලික ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කරනු ලැබීය.

එහිදී ඇයගේ හිසට සැත්කමක් සිදුකර ඇති අතර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර තිබුණි.

එහි ප්‍රතිකාර ලබමින් සිටින විට පොලිස් නිලධාරීන් තෙවතාවක් සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා රෝහල වෙත ගිය ද එය ව්‍යර්ථව ගොස් තිබුණේ, ඇය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීම හේතුවෙනි. 

අනතුරුව දැරියව භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා රාගම රෝහලට මාරුකර තිබේ. 

පොලීසිය පැවසුවේ, සිසුවිය රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය නොවැම්බර් 13වනදා රාත්‍රියේ මියගොස් ඇති බවය. 

මියගිය සිසුවියගේ දේහය ඥාතීන්ට භාර දී තිබේ.

SendShareShare
Previous Post

අලුත් මන්ත්‍රීවරුන්ට දවස් 3ක් ටියුෂන්! අද සිට වැඩ ගොඩක්! එන්න පාර්ලිමේන්තු සභා ගැබ ඇතුළේ වටයක් යමු! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව‌ ඉල්ලුවේවත් නැති තුනෙන් දෙකක් ජනතාව දුන්නේ ඉතිහාසය වෙනස් කරන්න! දැන් අලුත් ව්‍යවස්ථාවක් ගේන්න! IMF ගිවිසුම වෙනස් කරන්න! උතුරු නැගෙනහිර ජාතික ගැටලුව විසඳන්න! ජනඅරගල සන්ධානය මාධ්‍ය හමුවක! I Sri Lanka Latest News

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.