10වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු අද (17) සිට ආරම්භ කෙරෙයි.Sri Lanka Latest News
පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පැවසුවේ ඒ් අනුව නවක මන්ත්‍රීවරුන්ට අද සිට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි විය හැකි බවය.
අදාළ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා 19 වනදා සහ 20 වනදා පාර්ලිමේන්තුවේ තොරතුරු කවුලු දෙකක් විවෘත කිරීමට ද පියවර ගෙන ඇත.
මේ අතර තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සම්ප්‍රදාය සම්බන්ධව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව දින 03ක වැඩමුළුවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.
එම වැඩමුළුව එළඹෙන 25, 26 සහ 27 යන දිනවලදී පැවැත් වෙයි.
ඒ් සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය අද (16) දිනයේ නිකුත්වීමට නියමිතව ඇත.
නව පාර්ලිමේන්තු සැසිය ලබන 21 වනදා උදෑසන 10ට රැස්වීමට නියමිතය.










