• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වහනවා – අරිනවා කියනවා ඇහෙනවා! ත්‍රිපෝෂ සමාගමට මොකද වෙන්නේ? Sri Lanka Latest News

November 16, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
සල්ලි නෑ! ගැබිණි මව්වරුන්ට ත්‍රිපෝෂ දෙන එකත් නවත්වයි!
Share on WhatsAppShare on Facebook

ත්‍රිපෝෂ කියන්නේ මිනිස්සුන්ගේ හදවතේ තියෙන නමක්. පුංචි කාලේ කාපු ත්‍රිපෝෂ තාමත් අපට මතකයි. ත්‍රිපෝෂ රසට සමහර අය තාමත් ආදරේ කරනවා. ත්‍රිපෝෂ කියන්නේ ආගමක්. දරුවෝ ලැබෙන්න නොහිටියත් සමහර විට ත්‍රිපෝෂ ටිකක් කන්න, ත්‍රිපෝෂ ටිකක් හොයාගන්න, ත්‍රිපෝෂ ටිකක් ඉල්ලගන්න හුඟක් දෙනෙක් ලොකු ගේමක් දෙනවා. (Sri Lanka Latest News)

ත්‍රිපෝෂ සමාගම වහන්න යනවා කියන කතන්දරෙත් එක්ක නැත්නම් ත්‍රිපෝෂ සමාගම විකුණන්න යනවා කියන කතන්දරෙත් එක්ක බොහෝ දෙනෙක් තැතිගත්තා සහ ඒ ගැන කලබල වුණා. මේ ගැන පාර්ශ්ව දෙකක් කතා දෙකක් කියනවා. එතකොට අපිට කොයි පාර්ශ්වය කියන කතාව පිළිගන්නවද, කොයි පාර්ශ්වය කියන කතාව නොපිළිගන්නවද කියන එක ගැන හිතන්න වෙලා තියෙනවා. ත්‍රිපෝෂ සමාගම විකුණන්නේ නැහැ කියලා මුදල් අමාත්‍යාංශය පහුගිය දවසක නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා. හැබැයි 2024 සැප්තැම්බර් මාසේ 27 වැනිදා අංක 2403/53 දරන ගැසට් නිවේදනයෙන් ත්‍රිපෝෂ සමාගම ඈවර කරන්න හෝ වෙනත් සමාගමකට ඒකාබද්ධ කරන්න ආණ්ඩුව තීන්දු කරලා තිබෙන බව තමයි පහුගිය දිනෙක දේශපාලන වේදිකාවේ කියැවුණේ. 2024 සැප්තැම්බර් 27 තමයි මේ ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙන්නේ. ගැසට් නිවේදනයේ අංකය 2403/53. එතකොට මේ විදියට ගැසට් නිවේදනයක් නිතුත් කරලා තියෙනවද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. මේ අංක හරිද? දේශපාලන වේදිකාවේ කියපු අංකයි අපි ඔබට ඉදිරිපත් කළේ.

ඉතින් මේ විදියේ අංකයක් සහිතව ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා නම් ගැසට් නිවේදනයක් නිකුත් කළාටත් පස්සේ ඒ ගැසට් නිවේදනය රිවස් කරන්න නැත්නම් ආපහු ගන්න යම් අමාත්‍යාංශයකට නිල නිවේදන නිකුත් කරලා පුළුවන්ද? ගැසට් නිවේදනයක් නිකුත් කළාට පස්සේ එම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් නොකර මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරනවා සීමාසහිත ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් පළවන ඇතැම් පුවත් වැරැදි බවට. ඉතින් මේ විදියට ඒ වගේම දරුවන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵලදායී ලෙසින් ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව ඔවුන් ප්‍රකාශයට පත්කරලා තිබෙනවා.

දැන් සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂ දේශපාලන කණ්ඩායම විසින් කරන මේ හෙළිදරව්ව වැරැදි නම් ඒ අයට විරුද්ධව පියවර ගැනීමට වහාම කටයුතු කළ යුතුයි. මවුවරු 6,64,920කගේ සහ දරුවන් 9,25,172කගේ පෝෂණය අනතුරේ බවයි සජිත් ප්‍රේමදාස මේ හෙළිදරව්ව කරමින් ප්‍රකාශ කළේ. ඇත්තටම මේ විදියේ තීන්දුවක් ගත්තද? තීන්දුවක් ගත්තේ නැද්ද? තීන්දුවක් ගත්තා නම් දැන් එම තීන්දුව ආපහු ගන්න කළ යුතුව තියෙන්නේ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම හෝ ඒ පිළිබඳ විශේෂ ප්‍රකාශ නිකුත් කිරීම නෙවෙයි. එම ගැසට් නිවේදනය ආපහු කැඳවන එක. ගැසට් නිවේදනයක් ආපසු කැඳවීමට නිල වශයෙන් කරන්න තියෙන වැඩපිළිවෙළ පහුගිය කාලේ අපි දිගටම දැක්කා. මොකද අපි දන්නවා ලංකාවේ මේ විදියට ගැසට් නිවේදන ආපසු කැඳවලා හොඳට හුරු පුරුදු ආණ්ඩු තමයි ඉන්නේ. ඒ නිසා මෙම ගැසට් නිවේදනය ආපසු කැඳවීම සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන්නේ තවත් වතාවක් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරලා අපි කලින් නිකුත් කරපු ගැසට් නිවේදනය බලාත්මක නැති බව ප්‍රකාශයට පත්කිරීම තමයි ආණ්ඩුවක් කළ යුත්තේ.

දැන් මෙතැන තියෙන ප්‍රශ්නය තමයි රටකට මේ වගේ දේවල් අලෙවි කරන්න සිද්ධ වෙනවා. සමහර දේවල් විදේශ සමාගම් වෙත පවරා දෙන්න සිද්ධ වෙනවා. ඒකට හේතු වෙන්නේ අපේ රටේ මූල්‍යමය අර්බුද ආවට පස්සේ රට කරගෙන යන්න බැරුව ගියාම රට බංකොළොත් වුණාම රටේ යම් යම් සම්පත් විදේශීය සමාගම් වෙත අලෙවි කරන්න, පවරා දෙන්න, කාලයකට පාවිච්චියට ගන්න විදියට දීලා ආයෙත් ගන්න බලාපොරොත්තුවෙන් කුලියට දෙන්න, බද්දට දෙන්න සිද්ධ වෙනවා. ඒ විදියට ලංකාවේ බොහෝ තැන්වල, බොහෝ දේපළවලට කරන්න සිද්ධ වුණා. ඒ සමහර දේවල් ඉතා අත්තනෝමතික විදියට සිද්ධ කළා. සමහර දේවල් යම් යම් මූල්‍ය ලාභ මත සිදුකළා. අපි දන්නවා මේ වෙනකොට ප්‍රශ්නයක් තියෙනවා ත්‍රිකුණාමල නගරයේ තෙල් ටැංකි සංකීර්ණය වගේ දේවල් සම්බන්ධයෙන්. මේක ඉන්දියානු සමාගමකට අලෙවි කරලා තියෙන බවට ලොකු ගැටලුවක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා වරායේ යම් යම් පාර්යන්ත සම්බන්ධයෙන් මේ වෙනකොට ගැටලුකාරී තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. එප්පාපල තියෙන පොස්ෆේට් නිධිය, ඉල්මනයිට් නිධිය සම්බන්ධයෙන් අපේ රටේ කතාබහට ලක්වෙන කාරණා සිද්ධ වුණා.

මේ සම්බන්ධයෙන් මුල් කාලයේ සටන් කළේ, විරෝධතා ව්‍යාපාර දියත් කළේ ජනතා විමුක්ති පෙරමුණ. දැන් ජනතා විමුක්ති පෙරමුණට තමයි ආණ්ඩුව තියෙන්නේ. ඒගොල්ලෝ තමයි රට කරන්නේ. ජනාධිපතිවරයා එදා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රබලතම ක්‍රියාකාරීම පුද්ගලයෙක්. ඔහු ජවිපෙ නායකයා. ඉතින් ඒ නිසයි අපි මේ කියන්නේ. ජවිපෙ නායකයෙක්ගේ ආණ්ඩුවක් යටතේ තවදුරටත් ලංකාවේ සම්පත් විකුණන එක සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි දන්නවා විකුණන එවුන් ගැන ප්‍රශ්නයක් තිබුණු නිසයි අපි ජවිපෙ ආණ්ඩුව පත්කරගත්තේ. නරක මිනිස්සු අයින් කරලා, හොඳ මිනිස්සුන්ව දාගත්තේ. රටට යම් හොඳ දෙයක් කරාවි යැයි කියන අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් විශ්වාසයක් අපි ඇතිකරගත්තේ. ඔහු ඇත්තටම හොරකම් නොකරපු දේශපාලකයෙක් වශයෙන් ඉලක්කගත කරලා ඇඟිල්ල දිගුකරලා කියන්න වැරැදි නොකරපු මිනිහෙක්. ඒ නිසා තමයි අපි ඔහු ජනාධිපතිවරයා ලෙස භාරගන්නේ. ඔහුට අපි ආදරේ කරන්නේ.

ඒ නිසා ජනාධිපතිතුමනි, පුංචි කාලේ මතකයන් එක්ක තියෙන ත්‍රිපෝෂ සමාගමත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා. ඔබ කරන දේ හැබෑවටම කියන්න. රට දැනුවත් කරන්න. අපි දන්නවා. සමහර වෙලාවට මුළු රටම කැමැති තීරණ ගන්න බැහැ. මුළු රටම ආසා තීරණ ගන්න බැහැ. සමහර තීරණ ගන්න සිද්ධ වෙනවා ආන්දෝලනාත්මක තීරණ. සමහර තීරණ ගන්න සිද්ධ වෙනවා අප්‍රසිද්ධව. ප්‍රසිද්ධ තීරණ අරගෙන රටවල් කරන්න බැරි බව අපි දන්නවා. ඒ නිසා ඔබතුමා තීරණයක් ගන්නවා නම් ඒක එළිපිට කියන්න. හැංගි හොරා කරන්නේ නැතුව. මොකද හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

දූෂණ චෝදනා ගොඩක් එල්ලවෙලා තියෙද්දී රනිල් එක්ක ගිය මහින්දානන්ද පැරදුණාට පස්සේ දේශපාලනයෙන් අයින් වෙන බව කියයි! අලුත් ආණ්ඩුව මේ චෝදනා ගැන හොයන එකක් නැද්ද? I Sri Lanka Latest News

Next Post

ප්‍රින්සිපල්ලාගේ Break ඩාන්ස්! මැඩම්ලාගේ මාර ඩාන්ස්! සාර්ලා දියරෙදි ඩාන්ස්! වරෙන් මචං ගනින් සැපක් – ඉස්කෝලෙට හැදිලා ලෙඩක්! Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.