• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රින්සිපල්ලාගේ Break ඩාන්ස්! මැඩම්ලාගේ මාර ඩාන්ස්! සාර්ලා දියරෙදි ඩාන්ස්! වරෙන් මචං ගනින් සැපක් – ඉස්කෝලෙට හැදිලා ලෙඩක්! Sri Lanka Latest News

November 16, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ප්‍රින්සිපල්ලාගේ Break ඩාන්ස්! මැඩම්ලාගේ මාර ඩාන්ස්! සාර්ලා දියරෙදි ඩාන්ස්! වරෙන් මචං ගනින් සැපක් – ඉස්කෝලෙට හැදිලා ලෙඩක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නටනවා කියන එකයි, නටවනවා කියන එකයි, නැටවෙනවා කියන එකයි වෙනස් වෙනස් දේවල්. මිනිස්සු නටනවා. නැටුම් තියෙනවා. නැටුම විෂයක්. නැටුම ශාස්ත්‍රයක්. නැටුම සංස්කෘතියක්. අපි නැටුමට ආදරේ කරනවා. උඩරට නැටුම් බලන්න සුද්දෝ ලංකාවට එනවා. පහතරට නැටුම උඩරට නැටුමට වඩා ලස්සනයි කියලා සමහරු කියනවා. උඩරටයි පහතරටයි දෙකට අමතරව සබරගමුවෙත් නැටුම් තියෙනවා. මේ නැටුම් සම්ප්‍රදායන් එකිනෙකට වෙනස් වුණාට නැට්ටුවෝ සමහර වෙලාවට මේ තුනම නටනවා. නැට්ටුවෙකුට නැටුමෙන් කෙළ පැමිණෙන්න නැටුමට අදාළව එළිබැසීමේ අවස්ථා තියෙනවා. පයින්පත් මංගල්‍යය සහ වෙස් මංගල්‍යය උඩරටටත්, මඩුබැහීම පහත රටටත් අදාළව සිදුවෙනවා. කොහොම වුණත් අපි හැමෝම නටනවා. සමහර වෙලාවට අපිව නටවනවා. හැබැයි නටවනකොට අපි නැටවෙන අයට රූකඩ කියලා කියනවා. රූකඩ නටවන එක නටවන්නාගේ දක්ෂතාව. ඒත් සමහර වෙලාවට නටනවට වඩා රූකඩයට වඩා නටන කෙනා නැටවෙනවා කියලත් කතන්දරවලදී කියනවා. කොහොම වුණත් නටන එකටයි නටවන එකටයි අමතරව, නැටවෙනවා කියලා දේකුත් තියෙනවා. බෙර සද්දේ ඇහෙද්දී නැටවෙනවා. සංගීතය ඇහෙද්දී නැටවෙනවා. සමහර වෙලාවට නටන එකට, නටවන එකට අමතරව නැටවෙන එක අපිට පොදුයි කියලා වෙලාවකට හිතෙනවා. කාලයක් තිස්සේ අපි එක්කෙනාගේ පදයට නටනවා. ඒ නිසා පදය කාගෙ වුණත් නැටුම කාගේ වුණත් නටන එකයි නැටවෙන එකයි වරදක් නෙවෙයි කියන එකයි අපේ අදහස. හැබැයි මේ කියන්න යන්නේ ඊට වඩා වෙනස් කතාවක්. (Sri Lanka Latest News)

පහුගිය කාලේ අපි දැක්කා අපේ රටේ ඉන්න ගුරුවරුන්ගෙන් වැඩි පිරිසක් තැන් තැන්වල නටනවා. ගුරුවරු ළමා දිනේට නටනවා. ගුරු දිනේටත් නටනවා. සමහර ගුරුවරු දියරෙදි ඇඳගෙන නටනවා. සමහර ගුරුවරු නැටුම් ඇඳුම් ඇඳගෙන නටනවා. සමහර ගුරුවරු ඉස්කෝලේ ඇඳුම පිටින්ම නටනවා. ප්‍රින්සිපල්ලා පිට්ටනියට බැහැලා නටනවා. ළමයි ගුරුවරු එක්ක නටනවා. සමහර නැටුම් බ්‍රේක් ඩාන්ස්. සමහර නැටුම් ඊට වඩා වෙනස් ඩාන්ස්. සමහර අය තමන්ගේ සම්ප්‍රදායට ගරු කරමින් සම්ප්‍රදාය රැක ගනිමින් විශිෂ්ට ආකාරයේ නර්තනාංග ඉදිරිපත් කරලා දරුවන් අතර ප්‍රසිද්ධ වෙනවා. සමහර වෙලාවට ගුරුවරු එක එක අයගේ පදේට නටනවා. එහෙම එක එක අයගේ පදේට නටන්න ගියාම පස්සේ වැඩ වරදිනවා. ගුරුවරු නටන්න ගත්තම ගරුවරියන් නටන්න ගත්තම ගරුවරුන්ගේ, ගරුවරියන්ගේ ගෞරවයට හානි වෙන බව සමහර අය කියනවා. ගුරුවරුන්ගේ නැටුම, ගුරුවරුන්ගේ නැටවීම, ගුරුවරුන්ගේ නැටුම් ප්‍රශ්න කරන තැනට අද රට පත්වෙලා තියෙනවා. ඒකට හේතුව ඉස්සර ගුරුවරු කවදාවත් මේ විදියට තැන් තැන්වල එළිපිට නැටුවේ නෑ. ඒගොල්ලෝ නැටුවේ හැංගි හැංගි කියලා තමයි සමහර තැන්වල නම් කියන්නේ. හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට කියලා කතාවක් තියෙනවා.

ශාස්ත්‍රයක් විදියට විෂයක් විදියට නැටුවට ප්‍රශ්නයක් නෑ. ශාස්ත්‍රීය මට්ටමෙන් නර්තනාංග ඉදිරිපත් කළාට ප්‍රශ්නෙකුත් නෑ. ගුරුවරු කියලා නටන්න තහනමකුත් නෑ. ගුරුවරුන්ට මඟුල් ගෙවල්වල නැටුවට ප්‍රශ්නෙකුත් නෑ. උත්සවයකට ගිහිල්ලා නටලා ගෙදර ඇවිල්ලා ඒක වීඩියෝ කරලා බැලුවට කමකුත් නෑ. වෙරි මතින් හෝ වෙනත් මතකින් නටන එක ප්‍රශ්නයක්. එහෙම නටනවා නම් ඒ අය ගුරුවරු නොවිය යුතුයි සහ එහෙම නටන අයට ගුරු භූමිකාව පැත්තකින් තියලා නටන්න අවස්ථාව ලබාදිය යුතුයි කියලත් අපි කියනවා. කොහොම වුණත් ඉස්කෝලේ උත්සවවලදී පිස්සු හැදිලා වගේ නටන ප්‍රින්සිපල්ලගේ වීඩියෝ දැක්කට පස්සේ අපිට හිතෙන්නේ මේ ගුරුවරුන්ට ආයෙත් මේ ඉස්කෝලේ නටන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා. ළමයින්ට අපි කෑගහනවා නටන්න එපා ළමයි කියලා. හැබැයි ගුරුවරුන්ට කෑගහන්න කෙනෙක් නැති නිසා ගුරුවරු නටනවා. ගුරුවරුයි, ගුරුවරියොයි වේදිකාවට ඇවිල්ලා අතින් අල්ලගෙන බදාගෙන උඩ දදා නටනකොට ගුරුවරු ගුරුවරියන්ගේ රෙදි ඇඳගෙන නටනකොට, ගුරුවරු දිය රෙදි ඇඳගෙන නටනකොට ඒක අශෝභනයි කියලා කියන්න අපිට අයිතියක් තියෙනවා. ගුරුවරුන්ට ගුරුවරියන්ට නටන්න අයිතියක් නැද්ද කියලා කෙනෙක් අපෙන් ප්‍රශ්න කළොත් අපිට කියන්න තියෙන්නේ නෑ ප්‍රශ්නයක් නෑ, නටන්න. නැටුවා කියන එකේ නෙවෙයි ගැටලුව තියෙන්නේ. අශෝභන විදියට නටන එකේ.

ගුරුවරුන්ට මෝඩයෝ වගේ නටලා, ඒ ඒ අය අතර තියෙන ගෞරවය නැතිකරගෙන ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට පවා හානි වෙන තැනට පත්වෙලා තියෙන මේ වෙලාවේ ගුරුවරුන්ට ඕනෙ ඕනේ විදියට නටන්න ඉඩකඩ තියෙන උත්සව සංවිධාන කළාට අපිට කමක් නෑ. හැබැයි ඉස්කෝලේ පිට්ටනියට බැහැලා ප්‍රින්සිපල් බ්‍රේක් ඩාන්ස් දානකොට ඒක අශෝභනයි. ඉස්කෝලේ ගුරුවරියන්ගේ ඇඳුම් ඇදෙගන, දියරෙදි ඇඳගෙන ගුරුවරු නටනවා නම් ඒකත් අශෝභනයි. ගුරුවරු ගුරුවරියෝ සහ දරුවෝ අතර තියෙන පරතරය රැකගන්නේ නැතුව පිස්සුවෙන් වගේ නටන එක අශෝභනයි. ගුරුවරුන්ට තමන්ගේ විෂයට අදාළව කරන නර්තනාංග ඉදිරිපත් කිරීම් සිදුකරන්න තවදුරටත් ඉඩ තියලා මේ වගේ දේවල් සම්බන්ධයෙන් චක්‍රලේඛයක් හරි ඉදිරිපත් කරලා යම් ක්‍රමවේදයක් යටතේ පාලනයක් යටතේ මේ දේවල් සිදුකරනවා නම් හොඳයි කියලා අපට හිතෙනවා.

හැබැයි ඉතින් අපි කියන දේ වැරැදියි කියලා හිතෙනවා නම් බොරුවට නටන්නේ නැතුව ඔබට අවශ්‍ය නැටුම ඔබ නටාගන්න. එහෙම නැටුවා කියලා අපි කවදාවත් විරුද්ධ වෙන්නේ එහෙම නෑ. ඔයාගේ පදේට එයා නැටුවට, එයාගේ පදේට ඔයා නැටුවට, තම තමන්ගේ පදේට නැටුවට අපේ විරෝධයක් නෑ. සාමාන්‍යයෙන් කතාවට කියනවනේ නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නෑ කියලා. ඒ නිසා නටපු නැටුමකුත් නැතුව, බෙරේ පළුවකුත් නැතුව යයි කියන බයටයි අපි මේ කියන්නේ. නැටුවට කමක් නෑ. නැටෙව්වට කමකුත් නෑ.

නටන නැටවෙන නටන්න පුළුවන් වෙන හැමෝටම අපි මේ කියන්නේ. නටනකොට හොඳ කල්පනාවෙන් බලන්න පොළොව ඇදයිද කියලා. මොකද නටන්න බැරි අයයි පොළොව ඇදයි කියලා කියන්නේ. නටන්න බැරි අය පොළොව ඇදයි කියලා කියනකොට ඔබට හිතෙයි අපිත් මේ නටන්න බැරි නිසා පොළොව ඇදයි කියලා කියනවා කියලා. නෑ. අපි මේ කියන්නේ එහෙම කතාවක් නෙවෙයි. අපි මේ කියන්නේ ගුරුවරුන්ට ගුරු ගෞරවය තියාගෙන දරුවන් සහ ගුරුවරු අතර තියෙන පරතරය තියාගෙන, ගුරුවරු විදියට විශ්වාසය රැකගෙන තමන්ගේ සංස්කෘතිකාංග ඉදිරිපත් කළාට කමක් නෑ. හැබැයි තැන්තැන්වල පිට්ටනිවල ළමයි බදාගෙන, ළමයි උඩ දදා, දියරෙදි ඇඳගෙන බ්‍රේක් ඩාන්ස් දාන්නේ නැතුව.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

වහනවා – අරිනවා කියනවා ඇහෙනවා! ත්‍රිපෝෂ සමාගමට මොකද වෙන්නේ? Sri Lanka Latest News

Next Post

ලංකාවට තවත් ඩොලර් මිලියන 50ක ණයක්! Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.