ලෝකයේ අඩුම සාමාජිකයන්ගෙන් සමන්විත මෙරට කුඩාම කැබිනට් මණ්ඩලයේ අවසාන රැස්වීම් අද(12) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.Sri Lanka Latest News
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.00 ට එම හමුව පැවැත්වෙන්නේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදීය.
ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් බලය ලබා ගන්නා කණ්ඩායම සමග නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට නියමිතය.
මහමැතිවරණය පවත්වා අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරන තුරු නැවැත කැබිනට් හමුව නොපැවැත්වෙන බවද වාර්තාවේ.









