ගාල්ල නෙලුව පොලිස් වසමේ දෙල්ලව යෝජිත රක්ෂිතය යාබද අක්කර දෙකක ඉඩමකට පසුගිය 07 වැනිදා අයුතු ලෙස ඇතුළු වී තේ වගාව ගලවා ගිනිතබා විනාශ කොට, ඉඩමෙන් ඉවත් වන ලෙසට පොලිස් ස්ථානාධිපතිවරයා දුරකතනයෙන් තර්ජනය කරමින් ඇති බවට එහි හිමිකරු ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබෙනවා. (Sri Lanka Latest News)
ඉඩමේ හිමිකරු පවසන්නේ මෙම තේ ඉඩම තම පියාගෙන් තමන්ට හිමිවූ දේපළක් බවයි.









